Friday, December 6, 2024

මැතිවරණ ප්‍රතිඵල නොසළකා “දෙමළ ජාතික අරගලය දිගටම පවතීවි’ – පා.ම. ශානකියන් රාසමානික්කම්

(Sri Lanka Brief/20.11.2024)

පසුගිය සතියේ පැවති ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මැතිවරණයේදී මඩකලපුවෙන් වැඩිම මනාප ලබාගත් ශානකියන් රාසමානික්කම් තම ආධාරකරුවන්ට උපහාර දක්වමින් දෙමළ ජනතාවගේ ජාතික අරගලය දිගටම ඉදිරියට ගෙන යන බව පවසා තිබේ.

“මෙය මගේ ජයග්‍රහණයක් පමණක් නොවේ, මේ ජයග්‍රහණය උතුරු නැගෙනහිර සමස්ත ජනතාවටම අයිතියි.” ඔහු පවසයි.

“මුළු රටම AKD ට ඡන්දය දෙන අතරේ මඩකලපුවේ ජනතාව මට වැඩිම මනාප ලබා දී තිබෙනවා”.

 තමා එම ජය ලැබුවේ ජනතා විමුක්ති පෙරමුණේ (ජවිපෙ) නායක අනුර කුමාර දිසානායකට  දිවයිනේ අනෙකුත් ප්‍රදේශවලින් නැගී ආ සහයෝගය  මැද බව ඔහු ජන හමුවක් අමතිමින් ප්‍රකාශ කර තිබේ.

ඉලංකෙයි තමිල් අරසු කට්චි (ITAK) හි  දේශපාලන ප්‍රවේශය දීර්ඝ කාලීණ බව අවධාරනය කරමින් රාසමණික්කම් ඔහුගේ ජයග්‍රහණයේ පුලුල් වැදගත්කම ඉස්මතු කර තිබේ.

“මෙය සමස්ත උතුරු-නැගෙනහිර සඳහා වූ පණිවිඩයක්” යැයි ඔහු කියයි. “උතුරු නැගෙනහිර මැතිවරණ කොට්ඨාශ අටෙන්ම නියෝජනය දිනාගත් එකම දෙමළ පක්ෂය ITAK ය. අපේ පක්ෂය තවමත් දිවයිනේ විශාලතම දෙමළ පක්ෂය වන අතර, ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවේ තුන්වන වැඩිම ආසන සංඛ්‍යාව ඇත්තේ අපටය.”

එබැවින් දෙමළ ජනතාවගේ දෙමළ ජාතික අරගලය නොනවතිනු ඇති බව ඔහු සඳන් කරයි.

. “අපි කාගෙවත් හතුරන් නෙවෙයි. මඩකලපුවේ ජනතාවට සහ උතුරු නැගෙනහිර සියලු ජනතාවට දීප්තිමත් අනාගතයක් සඳහා අපි කටයුතු කරන්නෙමු,” ඔහු ප්‍රකාශ කරන්නේ තම නායකත්වය ප්‍රමුඛත්වය දෙන්නේ කලාපයේ සංවර්ධනය කිරීමට බව සහතික වී තිබේ.

පසුගිය සතියේ පැවති ඡන්ද විමසීමේදී දෙමළ දේශපාලනඥයෙකු ලබාගත් වැඩිම මනාප සංඛ්‍යාව රාසමණික්කම් ලබා ගත්තේය

මේ අතර, ITAK සාමාජික, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්තිරන්  උතුරු සහ නැගෙනහිර රජය සතුව පවතින ඉඩම් නැවත ජනතාවට ලබාදිය යුතු බව ප්‍රකාශ කර තිබේ. උතුරේ සහ නැඟෙනහිර ප්‍රදේශවල ඉඩම්වලින් 90%ක් දැනටමත් ජනතාවට ආපසු ලබාදී ඇති බව ආරක්ෂක අමාත්‍යාංශය පසුගියදා තහවුරු කළ බැවින්  “පෞද්ගලික ඉඩම්වලින් 90% ක් ආපසු ලබා දී ඇති අතර, ඉතිරිව ඇති 10% ද එහි නියම අයිතිකරුවන්ට ආපසු ලබා දිය යුතු බව ඔහු සඳහන් කර තිබේ.

Archive

Latest news

Related news