Wednesday, November 20, 2024

පාර්ලිමේන්තු මැතිවරණය 2024: ප්‍රථම ස්ථාන මහ ගොඩක්!

(Sri Lanka Brief/ 17.11.2024) ජාතික ජන බලවේගයට ඓතිහාසික විශිෂ්ට ජයග්‍රහණයක් ගෙන දුන් 2024 පාර්ලිමේන්තු මැතිවරණයේ ප්‍රතිඵල බොහෝ ප්‍රථමයන් ඇතුලත් වූ මැතිවරණයකි.

 විශේෂ අවස්ථා කිහිපයක් මෙසේය:

  1. එක්සත් ජාතික පක්ෂය හෝ එහි කැඩී ගිය කණ්ඩායම වන සමගි ජන බලවේගය වසර 30කට කොළඹ නගර සභා ඡන්ද කොට්ඨාශය දිනා  තිබූ නමුත් නමුත් මෙවර එම ආසන ඒ සියල්ල ජාජබයට හිමි විය.

  2. 61.56% ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගනිමින් ජාජබය පාර්ලිමේන්තු ඉතිහාසයේ ඉහළම ජයග්‍රහණය ද වැඩිම පරතරයක් ද අත්කර ගත්තේය.

  3. පාර්ලිමේන්තු ඉතිහාසයේ වැඩිම ඡන්ද කොට්ඨාශ  ගණනක් එනම් 152ක් සහ මැතිවරණ දිස්ත්‍රික්ක 21 ජයග්‍රහණය ප්‍රථම වතාවට කළේ ජාජබ යයි.

  4. එය දිස්ත්‍රික් මට්ටමින් සහ ජාතික ලැයිස්තුවෙන් මහ මැතිවරණයකදී පක්ෂයක් මෙතෙක් ලබා ගත් වැඩිම ආසන සංඛ්‍යාව විය.

  5. යටතේ පළමු වරට සමානුපාතික ඡන්ද ක්‍රමය තුළ තනි පක්ෂයකට ප්‍රථම වරට පාර්ලිමේන්තුවේ ආසන තුනෙන් දෙකක් හිමි විය.

  6. පළමු වතාවට ජාතික පක්ෂයක් යාපනය සහ වන්නිය මැතිවරණ දිස්ත්‍රික්ක ජයග්‍රහණය කළාය.

  7. පළමු වතාවට තේරී පත් වූ නියෝජිතයින්ගේ 10% ස්ත්‍රීන් වේ.

  8. පසුගිය මහ මැතිවරණයෙන් 5%කට වඩා අඩු ඡන්ද ප්‍රතිශතයක් ලබා ගත් පක්ෂයක් ප්‍රථම වරට ජයග්‍රාහකයා බවට පත් විය.

  9. විජිත හේරත්  ගම්පහ දිස්ත්‍රික්කයෙන් ජාජබ ඡන්දවලින් 80%ක් ලබා ගනිමින් තනි අපේක්ෂකයකු ලැබූ වැඩිම මනාප සංඛ්‍යාව ලෙස වාර්තාවක් පිහිටුවයි.

  10. කොළඹ දිස්ත්‍රික්කයෙන් ජාජබ මනාපයන්ගෙන් 83%ක් ලබා ගනිමින්, මෙතෙක්  අපේක්ෂිකාවක ලබාගත් වැඩිම ඡන්ද සංඛ්‍යාව ලෙස වාර්තාවක් පිහිටුවීමට, හරිනි අමරසූරිය  සමත් වූවාය.

  11. මන්ත්‍රීවරුන්ගෙන් තුනෙන් දෙකක් ප්‍රථම වතාවට පත් වූ නියා්ජිතයින් වන පළමු අවස්ථාව ද මෙය විය.

  12. මෙරට ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකක් වූ ශ්‍රීලනිපය සහ පොදු ජන පෙරමුණට එකදු ආසනයක්වත් නොමැති වූ පළමු අවස්ථාව ද මෙයයි.

  13. කඳුරට දෙමළ ප්‍රජාව නියෝජනය කරමින් ස්ත්‍රීන් දෙදෙනෙකු පාරිලිමෙන්තුවට තේරී පත් වූ ප්‍රථම අවස්ථාව මෙයයි.

  14. පශ්චාත් මැතිවරණ ක්‍රියා කිසිවක් අසන්නට නෙැලබූ සහ එක ද හෝ ජය සැමරීමට එකදු රතිඥ්ඥාවක් හෝ පත්තු නොකළ හෝ රථ පෙළපාලියක් නොගිය ප්‍රථම අවස්ථාව මෙයයි.

  15. රටෙහි ප්‍රධානීන් දෙදෙනා ජනාධිපති සහෝදරයා සහ අගමැති සහෝදරිය ලෙස හැදින්වෙන ප්‍රථම අවස්ථාවද මෙයයි.

Archive

Latest news

Related news