Sunday, October 6, 2024

පුද්ගලයන් 1500කට ආණ්ඩුවෙන් ගිනි අවි 1690ක් දීලා… ජොනීට, යෝෂිතට, සේනාධිපතිට 24ක්…

පසුගිය ආණ්ඩුව මඟින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂගේ පුතු යෝෂිත රාජපක්ෂ, `ඇවගාර්ඩ්’ නිශ්ශංක සේනාධිපති හා හිටපු ඇමති පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රනාන්දු ඇතුළු පුද්ගලයන් 1,500ක් සඳහා ආණ්ඩුවෙන් ගිනි අවි 1,690ක් ලබාදී ඇතැයි මාධ්‍ය වාර්තා කරයි.

නිශ්ශංක සේනාධිපති හෝ යෝෂිත රාජපක්ෂ යන දෙදෙනා ඇතුළු එම ගිනි අවි භාරගත් පිරිස අතර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මෙන්ම මන්ත්‍රීවරුන් නොවන පිරිසක් සිටීමද විශේෂත්වයකි.

ඒ අනුව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි ජොන්ස්ටන් ප්‍රනාන්දුට ගිනි අවි 08ක්ද, නිශ්ශංක සේනාධිපතිට ගිනි අවි 09ක්ද, යෝෂිත රාජපක්ෂට ගිනි අවි 07ක්ද ලබාදී තිබේ. ඒ අනුව ඒවායේ එකතුව ගිනි අවි 24කි. මිලිමීටර් 09 වර්ගයේ ගිනි අවි 16ක්ද ඊට ඇතුළත් වේ.

මෙම ගිනි අවි වහාම රජයට භාරදෙන ලෙස ආරක්ෂක අමාත්‍යාංශය මේ වනවිට දැනුම්දී තිබේ.

නිශ්ශංක සේනාධිපති, යෝෂිත රාජපක්‍ෂ, ජොන්ස්ටන් ප්‍රනාන්දු යන තිදෙනාට ලබාදී ඇති ගිනි අවි පිළිබඳ විස්තර පහත පරිදි වේ.

නිශ්ශංක සේනාධිපති
1. AHBT 229 9mm Glock 19
2. 07698 9mm Ruger AZ USA 322
3. AHBT 225 9mm Glock 19
4. G 388417 9mm CZ P 10-c
5. AGRU 0589mm Glock 19
6. F269104 9mm CZ P10-c
7. A 6879979mm CZ 85
8. 24SLG2-0164 12 Bore Repeter
9. 24 SLG2-0165 12 Bore Repeter
ජොන්ස්ටන් ප්‍රනාන්දු
1. AF 408 9mmcz75
2. AHBT 2199 mm Glock
3. ESM 893 9mm Glock
4. 24 SLG 2-0002 12 Bore Repeter 5. 24 SLG 2-0151 12 Bore Repeter
6. 24 SLG 2-0010 12 Bore Repeter
7. 7000482/240888 12 Bore Repeter
8. 15333989 12 Bore Repeter
යෝෂිත රාජපක්ෂ
1. PT0195 9mm
2. LPY 904 9mm
3. RXR468 9mm
4. 55451 9mm
5. VX 679 9mm
6. A 11966 pofsmg pk
7. AHGS 683 9 mmGlock 48
මූලාශ්‍ර මව්බිම

Archive

Latest news

Related news