Sunday, September 29, 2024

කොහොමද කෑම: රනිල් රාජපක්ෂ ආරක්ෂකයින් 163ක් සහ සූපවේදීන් 16ක් ආණ්ඩුවෙන් ඉල්ලයි!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ නව ජනපති අනුර දිසානායකගේ ලේකම්වරයාට ලිපියක් යොමු කරමින් අරුම පුදුම ඉල්ලීම් රැසක් කර ඇති බවට වාර්තා වනවා.

ඔහු ජනාධිපති ලේකම්වරයාට ලිපියක් ලියමින් රනිල්ගේ වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂාවට ආරක්ෂක කොට්ටාශයක් පිහිටුවන් ලෙසත් ඉල්ලා ඇති බැව් සඳහන්.

රනිල් වික්‍රමසිංහ මහතා ඉල්ලා තිබෙනවා ආරක්ෂක භටයින් සංඛ්‍යාව 163ක්. ඊට අමතරව සුපවේදීන් 15කට වැඩි පිරිසක්, කුඩ 30ක්, වෛද්‍ය නිලධාරීන් 6ක්, පරිඝණකයක්, ප්‍රින්ටර් එකක් සහ ඩ්‍රැගන් ලයිට් එකක් ද ඉල්ලා තිබෙනවා.

ප්‍රශ්නගත කාරණය නම් විශ්‍රාම ලබා සිටින ජනාධිපතිවරවරයෙක් ට මෙතරම් දැවැන්ත කාර්ය මණ්ඩලයක් සහ ආරක්ෂාවක් කුමටද යන්නයි.

වත්මන් ජනපති අනුර දිසානායක මහතා අවම ආරක්ෂාවක් සහ අවම පහසුකම් ලබා සිටින අතරතුර හිටපු ජනපතිවරයාට මෙතරම් පහසුකම් තොගයක් කුමටද?

මීට අමතර හිටපු ජනපතිගේ ආරක්ෂාවට වෙනම ආරක්ෂා කොට්ටාශයක් පිහිටුවන ලෙස ඉල්ලා සිටින්නෙ ඇයි?

හිටපු ජනපතිවරුන්ට ලබා දී ඇති නිල නිවාසද ඉවත් කරන බවට වත්මන් ජනපතිවරයා පොරොන්දු වී තිබෙන වටපිටාවක රනිල් වික්‍රමසිංහ මහතා මෙතරම් සැප සම්පත් ඉල්ලීම නම් විමතියට කරුණක්.

කොළඹ හතේ ජීවත් වන රනිල්ට 163ක ආරක්ෂක භටයින් පිරිසක් කුමටද?

නිව්ස් සෙන්ටර් වෙතිනි

Archive

Latest news

Related news