Tuesday, August 27, 2024

රනිල් රාජපක්ෂගේ තවත් ගජයෙකුට අධිකරණටයන් දඩුවම්! රරා අයෙත් අධිකරණයට බැනවදී ද?

මෑතදී රනිල් රාජපක්ෂ කරා පිල් මාරු කළ පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ.එච්.එම් ෆවුසිට වසර 02ක බරපතළ වැඩ සහිත සිරදඬුවම් නියම කර එය වසර 10ක කාලයකට අත්හිටුවීමට කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ අද (27) නියෝග කර කරන ලදී.

රනිල් රාජපක්ෂ කණ්ඩායමේ තවත් ප්‍රධානීන් කිහිප දෙනෙකුම අධිකරණයෙන් වරදකරුවන් වී තිබේ.

මෙම අධිකරණ නියෝගයට විරුද්ධවත් සුපුරුදු පරිදි  රනිල් රාජපක්ෂ ප්‍රහාරයක් එල්ල කරනු ඇත්දැයි දේශපාලන අංශ විමසිල්ලෙන් සිටිිති.

ඒ අදාළ චෝදනා සම්බන්ධයෙන්, ඒ.එච්.එම් ෆවුසි වරද පිළිගැනීමෙන් අනතුරුව ඔහුව එම චෝදනාවට වරදකරු කරමිනි.

එමෙන්ම විත්තිකරුට ලක්ෂ 04ක දඩයක් ගෙවීමටද අධිකරණය නියෝග කර ඇත.

මන්ත්‍රී ඒ.එච්.එම් ෆවුසි 2010 වසරේ දී ආපදා කළමනාකරණ ඇමති ලෙස කටයුතු කරමින් සිටියදී එම අමාත්‍යාංශයේ ආපදා කළමනාකරණ කටයුතු සඳහා නෙදර්ලන්තයෙන් හිමිවූ රුපියල් කෝටි 2කට ආසන්න සුඛෝපභෝගි වාහනයක් සිය පෞද්ගලික පරිහරණය සඳහා යොදවා ගැනීම, ඒ සඳහා අමාත්‍යාංශ ලේකම් ඇතුළු බලධාරීන් පෙළඹවීම සහ වාහනයේ නඩත්තු කටයුතු සඳහා රුපියල් ලක්ෂ 10කට ආසන්න මුදල් අමාත්‍යාංශ මුදලින් වැය කිරීම ආදි අධිචෝදනා 04ක් යටතේ නීතිපති විසින් පවරා තිබූ නඩුව අද දින කැඳවු අවස්ථාවේ දී මන්ත්‍රී ඒ.එච්.එම් ෆවුසි සිය නීතිඥයා මාර්ගයෙන් වරද පිළිගෙන තිබිණි.

ලංකා ට්රුත් ලිපියක කරුණූද ඇසුරිණි.

එහිදී විනිසුරුවරයා පෙන්නා දුන්නේ වසර 62ක දේශපාලන පලපුරුද්දක් ඇති ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයෙකු මෙලෙස කටයුතු කිරීම කිසිසේත්ම සුළුකොට තැකිය නොහැකි වුවත් ඔහු මුල් අවස්ථාවේ දීම වරද පිළිගැනීම හා මේ වනවිට වයස අවුරුදු 86ක වයෝවෘධ පුද්ගලයෙකු වීම යන කරුණු සලකා ලිහිල් දඬුවම් නියම කරන බවය.

ඒ.එච්.එම් ෆවුසිගේ ඇඟිලි සලකුණු ලබාගැනීමටද කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ නියෝග කරනු ලැබ ඇත.

Archive

Latest news

Related news