Monday, August 26, 2024

පළාත් පාලන ඡන්දයට බිලියන 10ක් නැති රටේ 4500ක් පුද්ගලයින් බිලියන 1130 ක බදු ගෙවා නැහැ!

2023 දෙසැම්බර් 30 වෙනවිට ගෙවීම පැහැර හැර ඇති මුළු බදු ප්‍රමාණය රුපියල් කෝටි එක් ලක්ෂ දහ තුන් දහස් එකසිය පනහක් (රුපියල් බිලියන 1131.5) බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර හා සමාජීය විද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ අධ්‍යක්ෂ ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්ය වසන්ත අතුකෝරාළ මහතා ඉරිදා ලංකාදීපයට පවසා තිබේ.

එයින් වැඩිම බදු මුදල් ප්‍රමාණයක් අහිමි වී ඇත්තේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට බව කී ඔහු නොගෙවා ඇති එම බදුවල මුළු වටිනාකම රුපියල් කෝටි එක් ලක්ෂ හය දහස් හයසියයක් (බිලියන 1066) කි.

එම වාර්තාව තව දුරටත් මෙසේ සඳහන් කරයි.

දේ‌ශීය ආදායම් දෙපාර්තමේන්තුවට අහිමි වී ඇති බදු ආදායම්වලින් රුපියල් කෝටි 18,800 ක් හිඟ බදු ලෙසත් රුපියල් බිලියන 87,880ක් රඳවා තබා ගත් බදු ලෙසත් පවතී. බ

මේ අතර ශ්‍රී ලංකා රේගුවට නොගෙවා ඇති බදුවල සමස්ත වටිනාකම රුපියල් කෝටි පන්දහස් අට සියය හැටක් (රුපියල් බිලියන 58.6)  වන අතර  රුපියල් කෝටි 690 (රුපියල් බිලියන 6.9) ක් සුරා බදු දෙපාර්තමේන්තුවට ගෙවීම පැහැර හැර තිබේ.

2023 වෙනවිට පැවති බදු ලිපි ගොනු ප්‍රමාණය 997,858 ක් බව කී හෙතෙම දේශීය ආදායම් දෙපාර්තමේන්තුව බදු ලිපි ගොනු මිලියන 1.2 ක් විවෘත කිරීමට සැලසුම් කර තිබුණත් 2023 අවසන් වෙද්දි අවසන් කර ගැනීමේ හැකියාව ලැබී තිබුණේ 368,455 ක් පමණකි.

2023 දෙසැම්බර් 30 වෙන විට බදු ගෙවීම පැහැර හැර ඇති පිරිස 4,479 කි.

රුපියල් බිලියනයකට වඩා වැඩි බදු නොගෙවා ඇති පිරිස 90 කි., රුපියල් මිලියන 500-1000  අතර බදු නොගෙවූ පිරිස 88 කි.  රුපියල් මිලියන 500 -300  අතර බදු ගෙවා නැති පිරිස 104 කි.  රුපියල් මිලියන 300-100 අතර බදු නොගෙවූ පිරිස 457 කි.  රුපියල් මිලියන 100 -50  අතර බදු නොගෙවූ පිරිස 632 කි. රැපියල් මිලියන 50 -10 අතර බදු ගෙවීම පැහැර හැරි පිරිස 3108 කි.

මේ සියලු දෙනාම ඉහළ පෙළේ ධනවතුන් බව එම සංඛයා ලේඛන පෙන්නුම් කරයි.  මෙසේ බදු වංචාකරුවන් අතර ඉතාම ධනවත් පිරිස් ද සිටී.

උපුල් වික්‍රමසිංහ ඉරිදා ලංකාදීප පුවත්පතට සැපයූ වාර්තාවක කරුණු ඇසුරිණි.

Archive

Latest news

Related news