Sunday, July 28, 2024

ජනාධිපතිවරණ අපේක්ෂකයෙකු 50% වැඩි ඡන්ද ප්‍රතිශතයක් ලබා නොගතහොත් වෙන දේ!

ඡායාරූපය: ඉදිරියෙන්ම සිටින අපේක්ෂකයින් දෙදෙනාටම සියයට 51 කරා ළගාවීම දුෂ්කර වනු ඇත.

ශ්‍රී ලංකාවේ  ජනාධිපතිවරණයේ දී අපේක්ෂකයෙකු 50%කට වඩා වැඩි ඡන්ද ප්‍රතිශතයක් ලබා ගත්තේ නැත්නම් කුමක් සිදුවේද?

1. ඉහළම අපේක්ෂකයින් දෙදෙනා හැර අනෙකුත් සියලුම අපේක්ෂකයින් තරඟයෙන් ඉවත් කරනු ලැබේ.

දැන්, ඉවත් කරන ලද අපේක්ෂකයින්ගේ ඡන්ද පත්‍රිකාවල 2 වන සහ 3 වන මනාප ගනන් ගැනීමට සිදු වේ.

2. මනාපයක් ලෙස සලකුණු කර ඇති නමුත් ඉහළම  අපේක්ෂකයින් දෙදෙනාට එම මනාපය දී නැති නොමැති ඡන්ද පත්‍රිකා පසෙකින් තබනු ඇත.

3. ඉතිරි ඡන්ද පත්‍රිකාවන්හි 2 වැනි මනාපය ඉහළම අපේක්ෂකයින් දෙනොගෙන් අයෙකුට  නම්, එම ඡන්දය ඔවුන් සංඛ්‍යාවට එකතු වේ.

4. 2 වන මනාපය ඉවත් කරන ලද අපේක්ෂකයෙකු සඳහා වන නමුත් 3 වන මනාපය ඉහළම ජන්ද ලබා ගත් අපේක්ෂකයින් දෙදෙනොගෙන් අයකු සඳහා නම්, එම ඡන්දය ඔහුට හිමිවේ.

5. මෙම ක්‍රියාවලියෙන් පසු වැඩිම ඡන්ද ගණන් කරන අපේක්ෂකයා ජය ගනී.

ජයග්‍රාහී අපේක්ෂකයාට තවමත් වලංගු ඡන්දවලින් 50% කට වඩා වැඩි ඡන්ද ප්‍රමාණයක් නොමැති නම් කුමක් සිදුවේද?

එය ප්‍රශනයක් නොවේ. ඉහත ක්‍රියාවලියෙන් පසු වැඩිම ඡන්ද සංඛ්‍යාවක් ලබා ගන්නා තැනැත්තා ජයග්‍රාහකයා ලෙස ප්‍රකාශයට පත් කර තේරී පත් වූ ජනාධිපතිවරයා වනු ඇත.

⭕ ශ්‍රී ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට මෙවර ජනාධිපතිවරණයේ ප්‍රතිඵලය තීරණය කිරීමේදී මනාප තීරණාත්මක කාර්යභාරයක් ඉටු කිරීමට බොහෝ දුරට ඉඩ තිබේ.

Numbers.lk  @numberslka ඇසුරිණි.

Archive

Latest news

Related news