Saturday, July 27, 2024

දේශබන්දු වාරණය: අගමැතිට, කථානායකට හෝ වෙන කාටවත් අධිකරණ තීන්දු අවලංගු කිරීමට බලයක් නැත – නීතිඥ සංගමය

ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නිකුත් කරන ලද අතුරු නියෝග පිළිබඳ රජයේ ස්ථාවරය සම්බන්ධයෙන්  ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් නිකුත් කරන ලද විශේෂ ප්‍රකාශය

දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පතිධුරයට පත් කිරීම අභියෝගයට ලක් කරමින් පවරා
ඇති නඩුකරයන්හි ගරු ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබා දී ඇති අතුරු නියෝග සම්බන්ධයෙන්
අධිකරණ ක්‍රියාවලිය හෑල්ලුවට ලක් කරමින් රජය විසින් ගෙන ඇති ස්ථාවරය ශ්‍රී ලංකා නීතිඥ
සංගමය තරයේ හෙළා දකී.

එකී ශ්‍රේෂ්ඨාධිකරණ නඩුකරයන්හි ත්‍රි පුද්ගල විනිසුරු මඩුල්ල විසින් නීතිපති සහ දේශබන්දු
තෙන්නකෝන් මහතාගේ නීතිඥවරුන් ඇතුලු සියලු පාර්ශවකරුවන්ගේ නීතිඥවරුන්ගේ තර්ක
සලකා බලා එම නඩුකර ඉදිරියට පවත්වාගෙන යෑමට අවසර ලබා දෙන ලද අතර එම
අවස්ථාවේ දී ගරු ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තෙන්නකෝන් මහතා පොලිස්පති ධුරයේ වගකීම්,
කාර්යයන් සහ බලතල මත රාජකාරි කටයුතුවල යෙදී සිටිම වලක්වාලමින් එකී නඩුකර අවසන්
වශයෙන් අසා තීන්දු කරන තෙක් අතුරු නියෝගයක් ද නිකුත් කරන ලදි. තවද නීතිපති ඇතුලු
සියලුම පාර්ශවකරුවන්ගේ කැමැත්තෙන් එකී නඩුකර විවාදය සඳහා වර්ෂ 2024/11/11 වන
දිනට නියම කරන ලදි.

ශ්‍රේෂ්ඨාධිකරණයට ව්‍යාවස්ථාදායක සභාවේ අනුමැතිය මත ජනාධිපතිවරයා විසින් සිදු කර
ඇති පත් කිරීම් පිළිබඳව විමසා බැලීමට අධිකරණ බලයක් නොමැති බවට වන රජයේ
ස්ථාවරය අර්ථශුන්‍ය ස්ථාවරයක් බව නීතිඥ සංගමයේ මතය වේ.

ව්‍යවස්ථාදායක සභාවේ තීරණ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙි 41න්‍ ව්‍යවස්ථාව ප්‍රකාරව
ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් අධිකරණ බලයට යටත් වන අතර 19 වන ආණ්ඩුක්‍රම
ව්‍යවස්ථා සංශො ්ධනයෙන් පසුව ජනාධිපතිවරයාට යුද්ධය හා සාමය ප්‍රකාශ කිරීමට ඇති බලය
හැර අනෙක් සියලු ජනාධිපති බලතල ක්‍රියාත්මක කිරීම ශ්‍රේෂ්ඨාධිකරණ මූලික අයිතිවාසිකමි
අධිකරණ බලයට (ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 35වන ව්‍යස්ථාව අනුව) යටත් වේ.

ජනාධිපතිවරුන් විසින් පෙර අවස්ථාවල දී ලබා දී ඇති ජනාධිපති සමාවන් අවලංගු කිරීමෙන්ද
පාර්ලිමේන්තුව විසුරුවාහැරීමේ තීරණය අවලංගු කිරීමෙන්ද, පාස්කු ඉරිදා ප්‍රහාරයේ දී එවකට
ධුරයේ සිටි ජනාධිපතිවරයාට එරෙහිව තීරණ ගැනීමෙන්ද ශ්‍රේෂ්ඨාධිකරණය ඉහතකී අධිකරණ
බලය මත නියෝග ලබා දී ඇත. 1997(1) නව නීති වාර්ථා පිටු අංක 92 හි වාර්ථා වී ඇති
එඩිවර්ඩි සිල්වා එදිරිව ශිරාණි බණ්ඩාරනායක නඩු තීන්දුවේ ශ්‍රේෂඨාධිකරණයේ සත් පුද්ගල
විනිසුරු මඩුල්ලක් විසින් 1994(1) නව නීති වාර්ථා පිටු අංක 301 හි වාර්ථා වී ඇති බණ්ඩාර
එදිරිව ප්‍රේමචන්ද්‍ර නඩු තීන්දුව උපුටා දක්වමින් මෙසේ දක්වා ඇත.

“In common with Courts in other democracies founded on the Rule of Law, this Court has consistently recognised that powers of appointment are not absolute:
“There are no absolute or unfettered discretions in public law; discretions are conferred on public functionaries in trust for the public, to be used for the public good, and the propriety of the exercise of such discretions is to be judged by reference to the purposes for which they were so entrusted.”

“නීතියේ ආධිපත්‍යය මත පිහිටුවා ඇති අනෙකුත් ප්‍රජාතන්ත්‍රවාදී රටවල උසාවි හා සමානව, පත්කිරීමේ බලතල නිරපේක්ෂ නොවන බව මෙම අධිකරණය නිරන්තරයෙන් පිළිගෙන ඇත. “පොදු නීතියේ නිරපේක්ෂ හෝ අසීමිත අභිමතයන් නොමැත; මහජනතාව කෙරෙහි විශ්වාසය තබා මහජන යහපත සඳහා භාවිතා කිරීම සඳහා අභිමතය පරිදි රාජ්‍ය නිලධාරීන්ට අභිමතයන් ලබා දී ඇති අතර, එවැනි අභිමතයන් ක්‍රියාත්මක කිරීමේ යෝග්‍යතාවය විනිශ්චය කරනු ලබන්නේ ඔවුන්ට එසේ භාර දුන් අරමුණු වෙත යොමු කිරීමෙනි. ( පරිවර්ථනය – ශ්‍රී ලංකා බ්‍රීෆ්)

ජනරජයේ අගමැතිවරයා, කථානායකවරයා හෝ වෙනත් කිසිඳු බලධරයකු හට ශ්‍රේෂ්ඨාධිකරණ
තීන්දුවක් අවලංගු කිරීමට බලයක් නොමැති අතර විධායකය සහ ව්‍යවස්ථාදායකය විසින්
අධිකරණ තීන්දුවලට ගරු කිරීම නීතියේ ආධිපත්‍යය හා අධිකරණයේ ස්වාධිනත්වය උදෙසා
අත්‍යාවශ්‍ය වේ.

රජය විසින් අධිකරණ තීන්දුවලට අවනත නොවෙමින් කටයුතු කිරීම මගින් යුක්තිය පසිඳලීමේ
ක්‍රියාවලිය කෙරෙහි මහජන විශ්වාසය පලුදු වන අතර එය ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාදාමයට ද
බරපතල ලෙස හානිකර වේ.

එමෙන්ම ශ්‍රේෂ්ඨාධිකරණය ඇතුලු ශ්‍රී ලංකාවේ අධිකරණ පද්ධතිය කෙරෙහි ශ්‍රී ලංකා නීතිඥ
සංගමය සිය පූර්ණ විශ්වාසය සපථ කරන අතර මෙම තීරණාත්මක අවස්ථාවේ දී ශ්‍රී ලංකා
නීතිඥ සංගමය ශ්‍රේෂ්ඨාධිකරණය ඇතුලු ශ්‍රී ලංකාවේ අධිකරණ පද්ධතිය කෙරෙහි ඇති
විශ්වාසය රැකගැනීම සඳහා ගත හැකි සියලු ක්‍රියාමාර්ග ගනු ලබන බව මින් ප්‍රකාශ කර සිටිමු.

චතුර ඒ. ගල්හේන
ලේකම්
ශ්‍රී ලංකා නීතිඥ සංගමය

Archive

Latest news

Related news