Tuesday, July 16, 2024

එස්ටීඑෆ් අයි.පී. සැකකරුවකු දණගස්වා නළලට වෙඩි තබා ඝාතනය කරලා. අයිපී වහා උසාවි ගේන්න – අධිකරණ තීන්දුවක්

ඡායාරූපය: ඇස් බැද ඝාතනයට ගෙන ගිය කටුවන ගම්චාරිගේ මහේෂ් ඉන්දික ප්‍රභාත්.

අහුන්ගල්ල රියෝ හෝටලය අසලදී 2022.10.12 වැනිදා පුද්ගලයකු ඉලක්ක කර සිදුකළ වෙඩි තැබීමක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් 38 හැවිරිදි සැකකරුවකු දණගස්වා නළලට වෙඩි තබා ඝාතනය කළේ යැයි කියන පොලිස් විශේෂ කාර්ය බළකායේ පොලිස් පරීක්‍ෂකවරයකු සම්බන්ධයෙන් විධිමත් විමර්ශනයක් සිදුකර ඔහුව වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස බලපිටිය මහෙස්ත්‍රාත් ආර්. ඩී. ජානක මහතා පෙරේදා (09දා) ඇල්පිටිය කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාට නියෝග කර තිබේ.

සැකපිට අත්අඩංගුවට ගත් කටුවන ගම්චාරිගේ මහේෂ් ඉන්දික ප්‍රභාත් නමැත්තා සඟවා තිබූ ගිනි අවි ඇතුළු අවි ආයුධ පෙන්වාදීම සඳහා අහුන්ගල්ල බණ්ඩාරවත්ත ප්‍රදේශයට රැගෙන ගිය අවස්ථාවේදී සඟවා තිබූ ගිනි අවියක් ගෙන වෙඩි තැබීමට උත්සාහ කිරීම නිසා ආත්මාරක්‍ෂාව සඳහා ඔහුට වෙඩි තැබූ බවට පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පැවති මරණ පරීක්‍ෂණයේ සාක්‍ෂි විභාගයේදී සාක්‍ෂි ලබාදී තිබිණි.

තුවක්කු දී තිබෙන්නේ සෙල්ලම් කිරීමට නොව වෙඩි තැබීමට යැයි පොලිස් ඇමැති කියන නමුත් එසේ ක්‍රියා කරන නිලධාරීන්ට ගස් යෑමට සිදුවිය හැකි බව මෙම සිදුවීම පෙන්නුම් කරයි.

කෙසේ නමුත් එම සැකකරුගේ ශරීරයේ තිබූ වෙඩි ප්‍රහාර වලින් සිදුවූ තුවාල සම්බන්ධයෙන් අධිකරණ වෛද්‍ය නිලධාරිනිය ලබාදුන් සාක්‍ෂි, වෛද්‍ය වාර්තා මෙන්ම ඉදිරිපත් වූ සෙසු සාක්‍ෂි අනුව එය ආත්ම ආරක්‍ෂාව සඳහා සිදුකළ වෙඩි තැබීමක් නොව හිතාමතාම සිදුකළ වෙඩි තැබීමකින් සිදුවූ මනුෂ්‍ය ඝාතනයක් බවට නිගමනය කළ මහෙස්ත්‍රාත්වරයා එකී සැකකරුව අත්අඩංගුවට ගත් කණ්ඩායම භාරව සිටි පොලිස් පරීක්‍ෂකවරයා සම්බන්ධයෙන් එම නියෝගය කළේය.

2022.10.12 වැනිදා එම සැකකරු අත්අඩංගුවට ගත් එම වෙඩි තැබීම සම්බන්ධයෙන් සැබෑ සැකකරු පොලිසිය විසින් පසුව අත්අඩංගුවට ගෙන තිබූ බවත් විමර්ශන වෙනත් මගකට යොමු කිරීමේ අරමුණින් එම මරණකරු සම්බන්ධයෙන් ව්‍යාජ තොරතුරු පොලිස් විශේෂ කාර්ය බළකායට ලබාදී ඇති බවත් මාධ්‍ය මගින් අනාවරණය කර තිබූ බවද අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් මහෙස්ත්‍රාත් අධිකරණයට පෙන්වාදී තිබිණි.

ඝාතනයට ලක්වූ පුද්ගලයාට එරෙහිව ද අධිකරණ හමුවේ වෙනත් සිද්ධීන් කිහිපයක් සම්බන්ධයෙන් නඩු කටයුතු කිහිපයක් තිබූ බවද ඒ. ආර්. 2049/2022 යන නඩු අංකය යටතේ පැවති මහෙස්ත්‍රාත් පරීක්‍ෂණයේදී අනාවරණය වී තිබිණි.

තීන්දුවෙහි මෙසේ සඳහන් වේ.

අයි.පි. කොළඹගේ සාක්කිය අනුව මරණකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ ඔහුගේ නිවසෙන් සිටියදීත් බවත් පසුව ගිනි අවිය සොයා ගැනීම සදහා ඔහුව අහුන්ගල්ල ප්‍රදේශයට රැගෙනවිත් ඇත. මරණකරු මුලදී පෙන් වු ස්ථාන වල කිසිවක් හමු වී නැත.

සාක්කිකරු ඇතුළු නිලධාරින් උස් ගලක් ආසන්නයට මරණකරු මග පෙන්විම යටතේ ගොස් ඇති බවත් එම ස්ථානයේ සැකකරු දණ ගසාගෙන ගල සහ පොළොව සම්බන්ධ ස්ථානයේ ගුලක් පරික්ෂා කරන අයුරු දුටු බවත් එම අවස්ථාවේ සාක්කිකරු සිට ඇත්තේ මරණකරුට මිටර් දෙකාක් පිටුපසින් බවත් මරණකරුට වම්පසින් පොලිස් කොස්තාපල් මදුරත් මරණකරුට ඉදිරියෙන් පොලිස් කොස්තාපල් 21470 සිට ඇත.

පොලිස් පරික්ෂක මදුර සිට ඇත්තේ සාක්කිකරුට (කොළඹගේට ) මිටර් 03 ක් පමණ දුරින් බව සාක්කිකරු සදහන් කරයි .

මරණකරු එම ගල් ගුහාවෙන් සුදු පැහැති කවරයක් එළියට ගන්නවා දුටු බවත් සැකකරු එම අවස්ථාවේ ගිනි අවියකින් වෙඩි තැබීමට පටන් ගත් බව සාක්කිකරු පවසයි .

සැකකරු වෙඩි තබද්දි ,සාක්කිකරු අත තිබු පිස්තෝලයෙන් එක් උණ්ඩයක් සැකකරු දෙසට එල්ල කළ බවත් එහි දී සැකකරු අත තිබු ගිනි අවිය බිම වැටුණු බවත් සදහන් කරයි .

වෙඩි ප්‍රහාරය එල්ල වෙනවාත් සමග රෙනුක නිලධාරියා කොළඹගේ ගේ ඉදිරියට පැමිණි බවත් ඒ සමගම කොළඹගේ සැකකරු වෙත වෙඩි ප්‍රහාරයක් කළ බව සදහන් කරයි .

කොළඹගේ මරණකරුට පිටුපසින් ස්ථානගත වි සිට ඇත. මරණකරු බෑගයේ තිබු ගිනි අවියක් රැගෙන වෙඩි තැබු බව සදහන් කර ඇත. ඒ අවස්ථාවේ කොළඹගේ ආත්මාරක්ෂාව සදහා සැකකරු වෙත වෙඩි ප්‍රහාරයක් එල්ල කළ බව පවසයි . මෙහිදී මතුවන ගැටළු වන්නේ පැ.සා .02 එනම් කොළඹගේ සැකකරුගේ පිටුපසින් සිට ඔහු දෙසට වෙඩි තැබුවේ නම් මරණකරුගේ තුවාල සිදු විය යුතුයි . නමුත් මරණකරුගේ පිටුපස දෙසින් තුවාල සිදු වීඇති බවට පශ්චාත් මරණ පරික්ෂණය අනුව පෙනී නොයයි .

ඒ අනුව මා  ( මහේස්ත්‍රාත්) මරණකරුගේ මරණ පරික්ෂණ වාර්තාව දෙස අවධානය යොමු කරමි.

වෛද්‍යවරිය සාක්කිය අනුව පැහැදිලිව වන්නේ ගිනි අවියෙන් තබන ලද උණ්ඩය මරණකරුගේ නාසයට ඉහලින් ආරම්භ වී හනුක අස්ථීය ,ගෙලෙහි මාංශ පේශී සහ රුධිර නාල දකුණු පෙනහැල්ල සහ අක්මාව පාසාරු කරගෙන ගොස් උදර කුහරයේ තුළ තිබි උණ්ඩයක් සොයාගෙන ඇත.

සාක්කිකර පැ.සැ 02 කොළඹගේ පවසන අන්දමට ඔහු මරණකරුගේ පිටුපසින් සිට මරණකරුට වෙඩි තැබුවේ නම් නාසය අසලින් ආරම්භ වී ශරීරය තුළට උණ්ඩය ගියේ කෙසේද යන්න මෙහිදී පැහැදිලි සැකයක් මතු වේ . මරණකරුගේ හිස් කබලේ  හෝ ශරිරයේ පිටුපස දෙස තුවාල නොමැති බවට පැහැදිලිව පෙනීයයි.

ඒ අනුව වෛද්‍ය වාර්තාව සහ මරණකරුට තැබු වෙඩි උණ්ඩය ගමන් මාර්ය කෙරෙහි අවධානය යොමු කිරිමේදී පැහැදිලිව පෙනී යන්නේ මරණකරු දණ ගසා සිටියදී ඔහුගේ මුහුණට ගිනි අවිය ඉලක්ක කොට ශරීර අභ්‍යන්තරයට ගමන් කරන ආකාරයෙන් පැ.සා -02 කොළඹගේ මරණකරුට වෙඩි තබා ඇති බවයි .

ඒ අනුව මා  (මහේස්ත්‍රාත්) මරණකරුගේ මරණ පරික්ෂණ වාර්තාව දෙස අවධානය යොමු කරමි.

වෛද්‍යවරිය සාක්කිය අනුව පැහැදිලිව වන්නේ ගිනි අවියෙන් තබන ලද උණ්ඩය මරණකරුගේ නාසයට ඉහලින් ආරම්භ වී හනුක අස්ථීය ,ගෙලෙහි මාංශ පේශී සහ රුධිර නාල දකුණු පෙනහැල්ල සහ අක්මාව පාසාරු කරගෙන ගොස් උදර කුහරයේ තුළ තිබි උණ්ඩයක් සොයාගෙන ඇත.

සාක්කිකර පැ.සැ 02 කොළඹගේ පවසන අන්දමට ඔහු මරණකරුගේ පිටුපසින් සිට මරණකරුට වෙඩි තැබුවේ නම් නාසය අසලින් ආරම්භ වී ශරීරය තුළට උණ්ඩය ගියේ කෙසේද යන්න මෙහිදී පැහැදිලි සැකයක් මතු වේ . මරණකරුගේ හිස් කබලේ  හෝ ශරිරයේ පිටුපස දෙස තුවාල නොමැති බවට පැහැදිලිව පෙනීයයි.

ඒ අනුව වෛද්‍ය වාර්තාව සහ මරණකරුට තැබු වෙඩි උණ්ඩය ගමන් මාර්ය කෙරෙහි අවධානය යොමු කිරිමේදී පැහැදිලිව පෙනී යන්නේ මරණකරු දණ ගසා සිටියදී ඔහුගේ මුහුණට ගිනි අවිය ඉලක්ක කොට ශරීර අභ්‍යන්තරයට ගමන් කරන ආකාරයෙන් පැ.සා -02 කොළඹගේ මරණකරුට වෙඩි තබා ඇති බවයි .”

දිවයින සහ ලංකා ස්කයි නිව්ස් ඇසුරිණි.

Archive

Latest news

Related news