Tuesday, July 16, 2024

“නව ලිබරල්වාදයට එරෙහිව වම එක්සත් කර වාර්ගික ගැට‍ළුවට පිළිගත හැකි විසඳුමක් ඉදිරිපත් කරන්න” – ජාජබට ලිපියක්

මෙරට ජනවාර්ගික ප්‍රශ්නයට පිළිගත හැකි විසඳුමක් ඉදිරිපත් කරන ලෙස ඉල්ලා ජාතික ජන බලවේගය වෙත හිමිකම් ක්‍රියාකාරී පුරවැසි කණ්ඩායමක් විසින් ලිපියක් ඉදිරිපත් කර තිබේ.

ලිපිය මෙසේ සඳහන් කරයි:

” ඉදිරි මැතිවරණ ජය ගැනීම සඳහා ද අනතුරුව සමාජයේ තියුණු මතභේදයට හේතු වී  ඇති ජනවාර්ගික ප්‍රශ්නය ප්‍රධාන ජාතික ගැට‍ළුව විසඳීම සඳහා ද පහත සඳහන් ප්‍රමුඛ අවශ්‍යතා සඳහා නිසි අවධානය යොමු කරන ලෙස ඉතා ඕනෑකමින් ඉල්ලා සිටිමු.

වර්ගවාදයට, අධිකාරීවාදයට සහ නව ලිබරල්වාදයට (පොදු සතුරාට) එරෙහි සියලු වාමාංශික බලවේග එක්සත් කිරීම තුලින් ජනතාව එකමුතු කිරීම,

ජනවාර්ගික ප්‍රශ්නය විසඳීම සඳහා සියලු ජනවාර්ගික කණ්ඩායම්වලට පිළිගත හැකි විසඳුමක් ඉදිරිපත් කිරීම,

වර්ගවාදයට, අධිකාරීවාදයට සහ නව ලිබරල්වාදයට එරෙහි ජනතා අභිලාෂ 2022 ජනතා අරගලය තුලින් ප්‍රකාශයට පත්වුවද එකී ජනතා අභිලාෂ සමස්තයක් ලෙස නියෝජනය කිරීමට ජාතික ජන බලවේගය තවමත් අසමත් වී තිබෙන බව අපගේ නිරීක්ෂණයයි.

ඊට ප්‍රධාන හේතුව අප රටෙහි වාමාංශික සහ ප්‍රගතිශීලී බලවේග ආරම්භයේ සිට අද දක්වාම පොදු සතුරාට එරෙහි සියලු බලවේග එක්සත් කිරීම මගින් ජනතාවගේ එකමුතු කම නැගීමට ප්‍රමුඛතාවය නොදීමේ ප්‍රවණතාවයි.”

එම ලිපිය තවදුරටත් පවසන්නේ අවශ්‍ය නම් පැමිණ සාකච්ඡා කිරීමට එම පුරවැසි කණ්ඩායම සූදානම් බවයි.

එම ලිපිය සම්පූර්ණයෙන් පහත දැක්වේ:

 

Archive

Latest news

Related news