Tuesday, July 16, 2024

හිමිකම් ක්‍රියාකාරී චිරන්ත අමරසිංහගේ ජීවිතයට තර්ජනයක්

පාස්කු ප්‍රහාරය හා කොරෝනා මරණ බලහත්කාරයෙන් ආදාහනය කිරීමට අදාළ රාජ්‍ය බුද්ධි සේවයෙ ඇතමෙකුගේ දූෂිත හා නීතිවිරෝධී ක්‍රියාවන් හා පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ හා ඔහුගේ සමීප ඇමතිවරුන්ගේ නීතිවිරෝධී ක්‍රියාවන් සාක්ෂි මත පදනම්ව මා නිරාවරණය කිරීම හේතුවෙන් තමාට මරණ තර්ජන එල්ල වි ඇති බවට හිමිකම් ක්‍රියාකාරී චිරන්ත අමරසිංහ විසින් ප්‍රසිද්ධ කරන ලද ප්‍රකාශයක් පහත දැක්වේ.

මාගේ ජීවිතය අවසන් කිරීමේ බරපතළ කුමන්ත්‍රණයක් සම්බන්ධයෙන්  නීත්‍යානුකූල පොලිස් විමර්ශනයට සහයෝගය ලබාදීමට බැඳී සිටින බවට දැනුවත් කිරීම

ස්ථානාධිපති, මූල්‍ය හා වානිජ අපරාධ විමර්ශන අංක 1, මූල්‍ය හා වානිජ විමර්ශන කාර්යාංශය, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේතුව, කොළඹ විසින් මා වෙත කැඳවීමක් සිදු කර ඇති අතර එය 2024.06.28 දින මා වෙත ලැබී ඇත.

එහි නිසි හේතු දැක්විමක් සිදු කර නැති අතර, එය ලද දිනම මා එහි සඳහන් දුරකථන අංකය වන 0112337219 වෙත උදෑසන 11.23 ට අමතා එම කැඳවීම සිදු කර ඇති හේතු විමසා සිටිය ද, ඒ පිලිබඳ තොරතුරුක් අදාළ නිලධාරියා නොදැන සිටි අතර, ඒ පිළිබඳ විස්තරයක් සොයා මා දැනුවත් කිරීමට කටයුතු කරන බවට දැනුම් දී මාගේ දුරකථන අංකය ද ලබාගත් නමුත්, ඉන්පසු කිසිදු ප්‍රතිචාරයක් මාවෙත ලැබුනේ නැත.

2022 දෙසැම්බර් මස මා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේතුව වෙත කැඳවූ අවස්ථාවේ දී එම නිලධාරීන් ද මාගේ කලිසම හා යට ඇඳුම් පරීක්ෂා කිරීමට ඉතාමත් විශාල අවශ්‍යතාවක් හා උද්‍යෝගයක් දැක්වූහ.

ඉන් පසු ස්ථානාධිපති, මූල්‍ය හා වානිජ අපරාධ විමර්ශන අංක 1 විසින් කර ඇති කැඳවීම සම්බන්ධයෙන් මා එහි ස්ථානාධිපතිවරයා 2024.06.28 දින උදෑසන 11.57ට 0718594910 යන දුරකථන අංකය ඔස්සේ සම්බන්ධ කර ගත්ත ද ඔහුද ඒ පිලිබඳව කිසිවක් දැන සිටියේ නැත. ඔහු ඒ සම්බන්ධයෙන් සොයා බලා පිළිතුරු සැපයීමට කටයුතු කරන බවට ප්‍රකාශ කල ද, ඔහුද මෙතෙක් කිසිදු ප්‍රතිචාරයක් දක්වා නැත.

අදාළ කැඳවීම කලේ ස්ථානාධිපති, මූල්‍ය හා වානිජ අපරාධ විමර්ශන අංක 1 නම්, ඒ පිලිබඳව තොරතුරක් ලබාදීමට ඔවුන්ට හැකියාවක් නොමැත්තේ ඇයි? ඔවුන් ඇත්තටම නිලධාරීන් ද? නැද්ද? ඔවුන්ගේ නම් මොනවා ද? ඔවුගේ තනතුරු මොනවාද?

පසුගිය 2020 වසරේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේතුව මා අත්අඩංගුවට ගැනීමෙන් පසු, මා පාස්කු ප්‍රහාරයට යුක්තිය සෙවීම හා ගෝථාභය රාජපක්ෂ රජය විවේචනය කිරීම නැවැත්වූයේ නැත්නම්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේතුව භාරයේ තිබෙනා මාගේ දුරකථන වල පෞද්ගලික දත්ත ප්‍රසිද්ධ කරන බවට මා වෙත නිර්නාමික තර්ජන ලැබී ඇත. එම අත්අඩංගුවට ගැනීම සිදුව ඇත්තේ රාජ්‍ය බුද්ධි සේවයේ තොරතුරුවලට අනුව බවට ගරු අධිකරණය ඉදිරියේ කරුණු අනාවරණය වී අවසන්ය.

අදාළ තර්ජන සිදුකලේ කවුරුන් විසින් යන්න සොයා ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේතුව ද අපොහොසත් වී ඇත. එම අත්අඩංගුවට ගැනීමට හේතු වූ කොරෝනා රෝගය වතුරේ පැතිරෙන්නේ නැති බවට මා කරන ලද ප්‍රකාශ ද සත්‍යයක් බවට ඔප්පු වී ඇත. තවද එම අත්අඩංගුවට ගැනීමට හේතු වූ “පාස්කු ප්‍රහාරය ගෝථාභය දිනවීමේ ඩීල් එකක් ද?” යන ප්‍රශ්නය ඇසීම සම්බන්ධයෙන් රාජ්‍ය බුද්ධි සේවයේ ඇතමෙකුගේ වලිගය පෑගී යෑම හා පාස්කු ප්‍රහාරය පසුපස රාජ්‍ය බුද්ධි සේවයේ තොරතුරුවලට අනුව බවට ගරු අධිකරණය ඉදිරියේ කරුණු අනාවරණය වී අවසන්ය. අදාළ තර්ජන සිදුකලේ කවුරුන් විසින් යන්න සොයා ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේතුව ද අපොහොසත් වී ඇත.

රාජ්‍ය බුද්ධි සේවය විසින් මාව ඔවුන්ගේ මූලස්ථානය ඉදිරියට ගෙන්වා ගෙන, කුරුඳුවත්ත පොලිසියේ නිලධාරීන් ලවා මා අත්අඩංගුවට ගෙන මා හට පහරදී, ඇඳුම් ගලවා ඇට මිරිකා, මාගේ ලිංගික ඉන්ද්‍රිය කෙලින් වෙනවා ද යන්න පරික්ෂා කිරීමටත් උත්සහය කලේ ය.

එම අත්අඩංගුවට ගැනීමට හේතු වූ කොරෝනා රෝගය වතුරේ පැතිරෙන්නේ නැති බවට මා කරන ලද ප්‍රකාශ ද සත්‍යයක් බවට ඔප්පු වී ඇත. තවද එම අත්අඩංගුවට ගැනීමට හේතු වූ “පාස්කු ප්‍රහාරය ගෝථාභය දිනවීමේ ඩීල් එකක් ද?” යන ප්‍රශ්නය ඇසීම සම්බන්ධයෙන් රාජ්‍ය බුද්ධි සේවයේ ඇතමෙකුගේ වලිගය පෑගී යෑම හා පාස්කු ප්‍රහාරය පසුපස රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂක සුරේෂ් සලේ සිටින බවට විදේශීය මාධ්‍ය විසීන් කරන චෝදනා අතර සම්බන්ධයක් තියෙනවා ද නැද්ද යන්න සොයා බැලිය යුතුය.

2022 දෙසැම්බර් මස මා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේතුව වෙත කැඳවූ අවස්ථාවේ දී එම නිලධාරීන් ද මාගේ කලිසම හා යට ඇඳුම් පරීක්ෂා කිරීමට ඉතාමත් විශාල අවශ්‍යතාවක් හා උද්‍යෝගයක් දැක්වූහ.

එමෙන්ම 2020 වසරේ අත්අඩංගුවට ගැනීමට අදාළ බුද්ධි තොරතුරු සහිත වාර්තාවේ පිටපතක් ලබාගැනීම තොරතුරු ඉල්ලීමක් සිදු කිරීමට ගිය අවස්ථාවේ දී, 2023.02.27 දින රාජ්‍ය බුද්ධි සේවය විසින් මාව ඔවුන්ගේ මූලස්ථානය ඉදිරියට ගෙන්වා ගෙන, කුරුඳුවත්ත පොලිසියේ නිලධාරීන් ලවා මා අත්අඩංගුවට ගෙන මා හට පහරදී, ඇඳුම් ගලවා ඇට මිරිකා, මාගේ ලිංගික ඉන්ද්‍රිය කෙලින් වෙනවා ද යන්න පරික්ෂා කිරීමටත් උත්සහය කලේ ය. ප්‍රධාන ගේට්ටු තුනක් ඇති රාජ්‍ය බුද්ධි සේවයේ මූලස්ථානයේ එම ගේට්ටු තුනම එකවරම තනි පුද්ගලයෙක් ලෙස මා අවහිර කලා යැයි අසත්‍ය චෝදනා සහිතව නඩු පැවරීමට ද කටයුතු කලේ ය. ඉහත කී වද හිංසනයට ලක්වීම හේතුවෙන් මා අදටත් මානසික කම්පනයකට ලක්ව සිටිමි.

එවැනි පසුබිමක, ස්ථානාධිපති, මූල්‍ය හා වානිජ අපරාධ විමර්ශන අංක 1 විසින් සිදු කර ඇති කැඳවීමට අදාළව ඔවුන්ට හේතු ඉදිරිපත් කිරීමට හැකියාව තිබියදී එසේ නොකර, එහි නිලධාරීන් යැයි කියාගත් පිරිසක් විසින් 2024.07.01 දින හැඳුනුම්පත් ඉදිරිපත් නොකර මාගේ නිවසට පැමිණ මා සිටිනවා ද යන්න සොයා බලා, මා නැති නිසා මාගේ පියාට දොස් කියමින් ඔහුට හිරිහැර කිරීම කිසිසේත් අනුමත නොකරමි. එහිදී මා සොයනා හේතුව ඉදිරිපත් කිරීමට ද අදාළ නිලධාරීන් අපොහොසත් වී ඇත.

එමෙන්ම, එම නිලධාරීන් යැයි කියාගත් පිරිසම 2024.07.02 දින මාගේ පියාගේ රාජකාරි ස්ථානයට ගොස් ඔහුට හිරිහැර කිරීම ද මම කිසි සේත් අනුමත නොකරමි. එහිදී ද මා සොයනා හේතුව ඉදිරිපත් කිරීමට ද අදාළ නිලධාරීන් යැයි කියාගත් පිරිස අපොහොසත් වී ඇත.

ඉන්පසු, 2024.07.03 දින එම නිලධාරීන් යැයි කියාගත් පිරිසම මා ලඟින් ඇසුරු කරන මිත්‍රයකුගේ ව්‍යාපාරික ස්ථානයට ගොස් ඔහුගේ හා ඔහුගේ පවුලේ අයගේ ජංගම දුරකථන පරික්ෂා කරමින්, ඔවුන්ට හිරිහැර කරමින් කටයුතු කිරීම ද කිසි සේත් අනුමත නොකරමි. එහිදී ද මා සොයනා හේතුව ඉදිරිපත් කිරීමට ද අදාළ නිලධාරීන් යැයි කියාගත් පිරිස අපොහොසත් වී ඇත.

ශ්‍රී ලංකා පොලිසිය විසින් සිදු කරන ඕනෑම විමර්ශනයට සහයෝගය ලබාදීමට මා බැඳී සිටින බවට මින් දැනුවත් කිරීමි, එහෙත් මා කැඳවීමට අදාළ කාරනාව, හේතුව, හා පැමිණිල්ලේ ස්ව්‍යාවය හා විස්තර දැන ගැනීමට මා හට අයිතියක් ඇති බවට සිහිපත් කර සිටිමි. එමෙන්ම පොලිස් නිලධාරීන් යැයි කියමින් ක්‍රියාත්මක වන පාතාල කණ්ඩායම් වලට හිස නොනමන බවට ද මා දැනුවත් කර සිටිමි.

මා විශ්වාස කරන්නේ, මා විසින් පාස්කු ප්‍රහාරය හා කොරෝනා මරණ බලහත්කාරයෙන් ආදාහනය කිරීමට අදාළ රාජ්‍ය බුද්ධි සේවයෙ ඇතමෙකුගේ දූෂිත හා නීතිවිරෝධී ක්‍රියාවන් හා පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ හා ඔහුගේ සමීප ඇමතිවරුන්ගේ නීතිවිරෝධී ක්‍රියාවන් සාක්ෂි මත පදනම්ව මා නිරාවරණය කිරීම හේතුවෙන්, ඒවා යටපත් කර ගැනීම සඳහා, උපතේ සිට පවතින මාගේ රෝගී සංකුලතා උපයෝජනය කර, මා රක්ෂිත බන්ධනාගාර ගත කර හෝ වෙනත් නීතියට පටහැනි ආකාරයෙන් කටයුතු කර ජීවිතය අවසන් කිරීමේ බරපතළ කුමන්ත්‍රණයක් පවතින බවයි.

මෙයට විශ්වාසී,
චිරන්ත අමරසිංහ
2024.07.05 කොළඹ දී.

Archive

Latest news

Related news