Thursday, May 9, 2024

පාස්කු ප්‍රහාරයෙන් මැරුණේ අපේ අය නොවේ. වින්දිතයින්ට යුක්තිය ඉල්ලීම මඟුලක්! – රාජපක්ෂලාගේ චාමර සම්පත්

සකළවිධ රාජපක්ෂලාගේ මළ බෙරකරුවකු වන බදුලු දිසා පාර්ලිමේන්තු මංත්‍රී චාමර සම්පත්ට අනුව 2019 අප්‍රේල් 19 දින සිදු වූ පාස්කු ඉරු දින ප්‍රහරයන්ගෙන් මිය ගියේ ඔවුන්ගේ මිනිස්සු නොවේ.

පාර්ලිමෛන්තුවෙ හි පසුගිය 26දා  කතා කරමින් ඔහු මෙසේ කීවේය.

‘ අපේ මිනිස්සු මැරුණේ නැත්ද? දළදා මාලිගාවට ගැහුවේ නැත්ද?. කැබිතිගොල්ලෑවෙදි මැරුවේ නැත්ද? අපේ රටේ අපිට වෙච්ච දේවල් ගැන කව්රුත් කතා කරන් නෑනේ යකෝ! දැන් අව්රුදු තුනක් හතරක් පහක් මේ කාදිනල්ගේ පාස්කු මඟුලක් කතා කරන්නේ!”

මෙම කතාවෙහි යටි පෙළ අනුව කියවෙන්නේ පාස්කු ප්‍රහාරයන්ගෙන් මිය ගියේ රාජපක්ෂලාගේ මිනිස්සු නොවන බවය. මේ අනුව රාජපක්ෂලාගේ මිනිස්සු යනු සිංහල බෞද්ධයින් පමණය.  එමෙන්ම පාස්කු ඉරු දින ප්‍රහාරයන් සම්බන්ධයෙන් යුක්තිය ඉල්ලීම මඟුළක් බවය. එනම් අනවශ්‍ය ලෙඩක් බවය!

රාජපක්ෂලාගේ චාමර සම්පත් මෙරට කතෝලික බැතිමතුන්ගේ අතිඋතුම් පූජ්‍යවරයා වන කාදිනල් මැල්කම් රංජිත්ට ව්‍යාජ චෝදනා මත පදනම්ව දරුණූ ප්‍රහාරයක් ද එල්ල කළේය.

කතෝලික හෝ ඉස්ලාමීය මංත්‍රීවරයකු  මෙවැනිම වචන භාවිත කරමින් මල්වතු හෝ අස්ගිරි මහ නා හිමියන්ට මෙවැනි ප්‍රහාරයක් එල්ල කළේ නම් අද කොතරම් විශාල වෛර ව්‍යාපාරයක් දියත්ව තිබෙනු ඇත්ද?

පාප් වහන්සේ විසින් කාදිනල්වරයකු පත්කරනු ලබන්නේ ජීවිත කාලයටමය. එය ඉතා ලෙහෙසියෙන් සොයා ගත හැකි කරුණකි. එනමුත් රාජපක්ෂලාගේ චාමර සම්පත්ට අනුව සිය කාලය දීර්ඝ කර දෙන ලෙස කාදිනල් මැලකම් රංජිත් පාප් වහන්න්සේට ලිපියක් යවා ඇති අතර මෙරට බිෂොප්වරු ඊට විරුද්ධය.

රාජපක්ෂලාගේ චාමර සම්පත්ට පාස්කු ප්‍රහාර පිළිබද විවාදයේදී කතා කිරීමට අවස්ථාව දෙන ලද්දේ මෙම ප්‍රහාරය දියත් කිරීමටය.

පාස්කු ප්‍රහාරයෙන් විපතට පත් වින්දිතයිනට අපහාස කරමින්, එය මඟුළක් ලෙස දක්වමින් කරන ලද මෙම දුෂ්ඨ ප්‍රහාරයට රනිල් රාජපක්ෂගේ සිට මහින්ද රාජපක්ෂ දක්වා වන සියලුම රාජපක්ෂලා වගකිව යුතුය.

( ශ්‍රී ලංකා බ්‍රීෆ්)

Archive

Latest news

Related news