Saturday, May 4, 2024

නරියා කන්දේ රනිල් රාජපක්ෂ: පාස්කු ප්‍රහාර යට ගැසීමේ වැරදුණ කුරුමානම

සේ. පියවර්ධන.

පාස්කු ඉරිදා ත්‍රස්තවාදී ස්වයං ඝාතක ප්‍රහාර යට ගැසීම පිනිස රනිල් රාජපක්ෂගේ හමුදා ප්‍රධානීහු උගුලක් ඇටවූහ.

පාස්කු ඉරිදා ප්‍රහාරයන්ගෙන් පසු නතර කර තිබූ නරි කන්දේ ධවන තරඟ යළි පැවැත් වීමට තීරණය කරන ලද්දේ  රනිල් රාජපක්ෂ යටතේය. ඒ පාස්කු ඉරිදා ප්‍රහාරයේ වින්දිතයිනට යුක්තිය ඉල්ලා කතෝලික ජ්‍රජාව සහ සිවිල් සමාජ සංවිධාන උද්ඝෝෂන සංවිධානය කළ පසුගිය 21 දා ම ය.

රනිල් රාජපක්ෂගේ දේශපාලනය යනු යටිකූට්ටි අංචි ඇදීමය. දැනටමත් රාජපක්ෂ පවුලේ දේශපාලන අනාගතය අංජ බජල් වන තරමට රනිල් රාජපක්ෂගේ අංචි වැඩ කර තිබේ. රාජපක්ෂවරු ඉන්නේ ‘ගෙදර ගියොත් තෝ නසී, මඟ හිටියොත් කෝ නසී’ වින්නැහියටත් වැඩි නරකාදියකය. දිනක් පාසාම රනිල් රාජපක්ෂ, රාජපක්ෂවරුන්ගේ දෙපා යටින් වළ කපමින් සිටී.

2004 වසරෙහි එල්ටීටීඊය සමඟ සටන් විරාම ගිවිසුමක් අත්සන් කිරිමෙන් පසු රනිල් සිය හෙංචයියන්ට දුන් එක් අවවාදයක් වූයේ උතුරු නැගෙනහිර දෙමළ ප්‍රදේශවලට හැකි තරම් ලිංගික දර්ශන සහිත චිත්‍රපට යවන ලෙසය. ඒ බව මේ ලියුම්කරු සමඟ කීවේ අද රනිල් රාජපක්ෂ වෙනුවෙන් රජයේ මාධ්‍ය මෙහෙයවන හාදයාය.

සටන් විිරාම ගිවිසුම ආවරණයක් කර ගෙන දෙමළ තරුණ පිරිස්හි අවධානය රාගී චිත්‍රපට කරා යොමු කළ හැකි යැයි ඔහුගේ ටිකිරි මොළය සිතුවේය.

දැන්, පාස්කු ප්‍රහාරයේ පස්වන අනුස්මරණය යෙදී තිබූ පසුගිය 21දා රට පුරා විවිධ ප්‍රදේශයන්හි පැවති උද්ඝෝෂන හමුවෙහි මාධ්‍ය අවධානය වෙනතකට යොමු කිරීමට, රනිල් රාජපක්ෂ ආණ්ඩුව එහි හමුදාව ලවා දියතලාව නරිය කන්දේ උගුලක් ඇටෙව්වේය. ඒ ඉතා අපරිස්සම් සහගත ලෙස මෝටර් රථ ධාවන තරඟයක් එදිනම සංවිධානය කිරීමෙනි. එවිට මාධ්‍ය අවධානය එ කරා යොමු කළ හැකි යැයි එහි සංවිධායකයින් සිතන්නට ඇත.

පාස්කු ඉරිදා ප්‍රහාරයට මඟ පෑදුවේ හෝ එය සිදු වීමට ඉඩ හරින  ලද්දේ රජයේ ආරක්ෂක අංශ සම්බන්ධ යටි බිම්ගත පාර රාජ්‍ය විසිනි.

එපරිද්දෙන්ම නරියා කන්නේ රථ ධාවන තරඟයද ඛේදවාචකයකින් කෙළවර විය. ජීවිත හතක් ඊට බිලිවිය. බැලූ බැල්මටම පෙනෙන පරිදි එම අනතුරට හෙතු වූයේ මාර්ගය තෙමා දූවිලි ඇතිවීම පාලනය නොකරීම නිසාත්, ප්‍රේක්ෂකයින් ආරක්ෂක වැටකින් පිටත රඳවා නොතිබූ නිසාත්ය.

මෙය සාවද්‍ය මනුෂ්‍ය ඝාතනයකි. වරද එහි සංවිධායකයින්ගේය. එය සංවිධානය කරන ලද්දේ දියතලාව යුද හමුදා ඇකඩමිය විසින්, යුද හමුදා ප්‍රධානින්ගේ අනුශාසනා යටතේය.

අන්තිමේදී වරදකරුවන් ලෙස අත්අඩංගුවට ගත්තේ, අධික වේගයෙන් රථ ධාවනය කළේ යැයි චෝදනා කොට තරඟයට සහභාගි වූ රියදුරන් දෙදෙනෙකි. නමුත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක කියන්නේ රථය ධාවන පථයෙන් ඉවතට විසි වී ප්‍රේක්ෂකයින් යට වූ බවයි.

රථවාහන ධාවන තරඟයක දී අධික වේගයෙන් අපරීක්ෂාකාරීව රිය පැදවූවේ යැයි තරඟකරුවන් අත්අඩංගුවට ගත් ප්‍රථම රට රනිල් රාජපක්ෂගේ ලංකාව විය හැකිය.

එලෙස ජීවිත හතක් බිලි ගෙන තිබියදීත් එම සවස් වරුවෙහි සංගීත සංදර්ශනයක් පවත්වා, මලවුනට අපහාස කිරීමට තරම් තරඟ සංවිධායකයින්ගේ සැලැස්ම කුරිරු විය. මන්ද යත් අවශ්‍ය වන්නට ඇත්තේ පාස්කු ප්‍රහාරයයෙන් විපතට පත් දහස් ගණනාවක ගේ කදුළු සහ වෛරය වසා දැමීම නිසාය.

පසු වසරකට පෙර පාස්කු ප්‍රහාරය සිදු වූ දා ද නරියා කන්දේ මෙවැනිම තරඟයක් පැවැත්වෙමින් තිබුණි. සිදු වූ විපත නිසා එය අතර මඟ නතර කරන ලදුව ඉන් පසු මේ වන තෙක් පැවැත් වූයේ නැත.

රනිල් රාජපක්ෂගේ යටිකූට්ටු අංචි පාලනය හරියටම පාස්කු ප්‍රහාර අනුස්මරණය දා යළි එම මොටර් රථ තරඟයට පණ දුන්නේ වෙන කිසිවකට නොව පාස්කු වින්දිතයිනට අවමන් කරමින් චූන් ගැනීමටය.

රනිල් රාජපක්ෂගේ අධෝ අවතාරය වන වජිර අබේවර්ධනට අනුව දැන් පාස්කු ප්‍රහාරය ගැන සෙවීම වැඩකට නැත. ඇත්තේ මෙවැනි ගොන් පොර සංවිධානය කිරීම පමණක් විය හැකිය.

වන්නාටය. දැන් කොරේ පිට මරේය. පාස්කු වින්දිතයින්ගේ සාපය පමණක් නොව නරියා කන්දේ ඝාතනය කළ ජනයාගේ සාපය ද රනිල් රාජපක්ෂ හඹා එනු ඇත. ඉන්දියානු කෝවිලකට ගොස් සිය බරට රන් පූජා කළ ද ඉන් ගැලීමක් නැති වනු ඇත.

Archive

Latest news

Related news