Sunday, April 28, 2024

පාස්කු සහ යුද වින්දිතයින්ට යුක්තිය උදෙසා පාරදෘශ්‍ය, ස්වාධින පරීක්ෂන නැහැ; මර්දන නීති වලින් තත්වය තවත් තවත් නරක් වෙලා- කාදිනල් මැල්කම් රංජිත් එක්සත් ජාතීන්ට කියයි

(4 මාර්තු 2024. ජිනීවා)

සභාපතිතුමනි,

විශේෂයෙන්ම සංහිඳියාව සහ වගවීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය පිළිබඳව මහ කොමසාරිස්වරයාගේ වාචිකව යාවත්කාලීනය අපි අගය කරමු.  උතුරු හා නැගෙනහිර ම්ලේච්ඡ ක්‍රියාවලට ගොදුරු වූවන් සහ පාස්කු ඉරිදා ප්‍රහාර වින්දිතයින් ඇතුළුව ශ්‍රී ලංකාවේ වින්දිතයන් සඳහා  විනිවිද පෙනෙන, ස්වාධීන වගවීමේ ක්‍රියාවලියක් නැතිවීම පිළිබඳව අපි කනස්සල්ලට පත්ව සිටිමු.

දේවස්ථාන සහ හෝටල් තුනක 273ක් ඝාතනය කර  500කට වැඩි පිරිසකට තුවාල සිදු කළ 2019 පාස්කු ඉරිදා ප්‍රහාරයනට මේ අප්‍රේල් 21 වැනි දිනට වසර පහක් සපිරේ.

එදා සිට මේ දක්වා රට පාලනය කළ රජයන් විසින් පරීක්ෂණ කිහිපයක්ම සිදු කළ අතර ඒවා සිදුවීමෙහි සියලු විස්තර  පරීක්ෂා කිරීම කරා ගමන් නොකළේය.  නව සාක්ෂි පසෙකට දමා ඇත.

විනිවිද පෙනෙන, ස්වාධීන සහ සාධාරණ පරීක්ෂණයක් සඳහා අප විසින් කරන ලද ඉල්ලීම් සහ ආයාචනා ශ්‍රී ලංකා රජය විසින් දිගින් දිගටම ප්‍රතික්ෂේප කරනු ලැබ තිබේ.

අත්තනෝමතික ලෙස අත්අඩංගුවට ගැනීමට හැකි වන පරිදි ත්‍රස්තවාදය පිළිබඳ මනෝමූල නිර්වචන සහිතව මාධ්‍ය නිදහස කප්පාදු කරමින් නීති ගෙන එමින් රට තුළ යුක්තිය ඉල්ලා උද්ඝෝෂන කරන්නන්ට හෝ එම අයිතීන්  සහ අතීතයේ සිදු වූ සියලු ආකාරයේ මිනීමැරුම්, අතුරුදහන් කිරීම් සහ පමන ඉක්මවා යෑම් පිළිබඳ විනිවිදභාවයෙන් යුත් පරීක්ෂණ ඉල්ලා සිටින අයට දීර්ඝ සිර දඩුවම් දිය හැකි  ඒකාධිපති හා ප්‍රජාතන්ත්‍ර විරෝධී පියවර රජය විසින්  ගැනීමත් සමඟ  සමඟ මෙම තත්ත්වය වඩාත් නරක අතට හැරී ඇත.

එබැවින්, මේ සියලු කාරණා සම්බන්ධයෙන් විනිවිද භාවයෙන් යුත් විමර්ශනයක් සඳහා අවධාරනය කරන ලෙස එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ නියෝජනය කරන නිවැරැදි චින්තනයක් ඇති සෑම රටකටම අපි ආයාචනා කරමු.

ඔබට ස්තූතියි

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 55 වැනි සැසිවාරයෙහි  සාමාන්‍ය විවාදය අවස්ථාවෙහි කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් විසින්  කරන ලද පෙර වාර්තාගත කරන ලද වාචික ප්‍රකාශයෙහි සිංහල පරිවර්ථනය ශ්‍රී ලංකා බ්‍රීෆ් වෙතිනි.

Archive

Latest news

Related news