Saturday, April 27, 2024

‘යුක්තිය’ 58, 234 අත්අඩංගුවට ගත් ජනවාරි – පෙබරවාරි මිනීමැරුම් 83යි මංකොල්ල 1,500යි!

මම රනිල් රාජපක්ෂට, ටිරන් පොරොන්දු වෙයි!

2023 දෙසැම්බර් 17 වැනිදා ආරම්භ කළ යුක්තිය මෙහෙයුම්  58,562ක් මගින් පුද්ගලයින් 58,234ක් අත්අඩංඟවට ගෙන ඇති බව ඇමති ටිරන් අලස් පසුගිය 22දා ප්‍රකාශ කළේය. එම මාධ්‍ය හමුවෙහි වැඩ බැලූ පොලිස්පති දේශබන්දු කතා කළේය.

එහිදී දේශබන්දු පසෙකින් තබා ගෙන ටිරන් අලස් කියා සිටියේ තමන් රනිල් රාජපක්ෂට ජනාධිපතිවරණයේ දී සහාය දෙන බවයි. දේශබන්දු සිට්යේ සිනහ මුසු මුහුණෙනි.

එම පොරොන්දුවට පසුදා ටිරන් අලස් ප්‍රසිද්ධියේ  කියා සිටියේ තමාට දේශබන්දු තෙන්නකෝන් පොලි්ස්පති ලෙස පත් කර ගැනීම අවශ්‍ය බවයි.

ඊට පසු දින රනිල් රාජපක්ෂ දේශබන්දු පොලිස්පති ලෙස පත් කරන  සේ ව්‍යවස්ථා කමිටුවට දන්වා යවන ලදී. කතානායක ව්‍යවස්ථා විරෝධීව දේශබන්දු පත් කිරීමට අනුමැතිය දුන්නේය.

ලංකාවේ නීතියේ ආධිපත්‍ය ක්‍රියාත්මක වන්නේ එසේය.

අනෙක් අතට  දේශබන්දුගේ යුක්තිය ක්‍රියාත්මක වන අතරවාරයේ  ජනවාරි – පෙබරවාරි දෙමස තුල පමණක්  මනුෂ්‍ය ඝාතන සම්බන්ධ සිදුවීම් වලින් 83 දෙනෙකු පමණ මෙරට  මියගොස්  තිබේ.

ජනවාරි පළමුවන දා සිට මේ දක්වා කාලය තුළ වෙඩි තැබීමේ සිදුවීම් 20ක් පමණ සිදුව ඇත.

මේ අතර ගෙවල් බිඳුම් දේපොළ සොරකම් කිරීමේ සිද්ධි 1,180ක් වාර්තා වී ඇත. මංකොල්ලකෑම් 310ක් වාර්තා වී තිබේ.

මේ බව ප්‍රකාශ කරන්නේ  පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව මහතාය.

මේ අනුව දේශබන්දු- අලස් යුක්තිය මෙහෙයුම් 58,562 මගින්  පනස් දහසකට වැඩි පිරිසක් අත්අඩංඟුවට ගෙන තිබෙන  සෑම පැය 16 කටම මිනී මැරැමක්  ද සෑම පැය 4 වරක් මංකොල්ලයක්ද සෑම පැය 1.විනාඩි 16 වරක් ගෙවල් බිදීමක් ද වාර්තා වී තිබේ. වාර්තා නොවන එවැනි අපරාධ ද බොහෝය.

අයුක්ති මෙහෙයුමක් ලෙස මානව හිමිකම් කොමිසම විසින් හදුන්වන ලද යුක්තිය මෙහෙයුම හුදු ඡන්ද ප්‍රචාරක සැරසිල්ලක් පමණක් බව මෙම සංඛ්‍යාලේඛන පෙන්නම් කරයි.

රනිල් වික්‍රමසිංහට ජනාධිපති විමටත් යුද්ධයට දේශපාලන විසදුමක් සෙවිමටත් තිබූ 2005 ජනාධිපතිවරණය ඔහු පරාජය වූයේ ටිරන් අලස්, බැසිල් රාජපක්ෂ සමඟ එක්වී එල්ටීටීඊ සංවිධානයට කෝටි ගණනින් මුදල් දී උතුරේ දෙමළ ජනයා ඡන්දය දීම වැළැක් වූ නිසාය. දෙමළ ජනයාගේ ඡන්ද ලක්ෂ දෙකක ලෙහෙසියෙන්ම රනිල් වික්‍රමසිංහට ලබා ගැනීමට හැකියාව තිබූ අතර ඔහු පරාජය වුයේ එක් ලක්ෂ පනස් දහසකට අඩු ඡන්ද සඛ්‍යාවකිනි.

ඉතිහාසයේ සරදමකට මෙන් දැන්  රනිල් රාජපක්ෂ දැන් ටිරන් අලස්ගේ දඬු අඬුවට හසු වී වධකයකු පොලිස්පති ලෙස පත් කර තිබෙන්නේ ද 2005 රාජපක්ෂවරුන් බලයට ගෙන ආ පරිදි 2024 ටිරන් විසින් තමන්ද බලයට  ගෙන එනු ඇතැයි සිතිවිල්ලෙන් විය හැකිය.

සේ. පියවර්ධන.

Archive

Latest news

Related news