Sunday, April 28, 2024

ඡන්ද 4ක් ගත් දේශබන්දු පොලිස්පති කලේ ව්‍යවස්ථා සභා නීතිවලට පටහැණිව! -විපක්ෂ නායක

ශ්‍රේෂ්ඨාධිකරණයට ගල් ගැස්සවු සිය මාමා අනුකරණය කරමින් රනිල් රාජපක්ෂ අද, ශ්‍රේෂ්ඨාධිකරණය විසින් වධහිංසා පැමිණ වීම සම්බන්ධයෙන්  වරදකරුවකු බවට පත් කර රුපියල් ලක්ෂ පහක දඩයක් නියම කර විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙස නියෝග කළ දේශබන්ධු තෙන්නකෝන් පොලිස්පතිවරයා බවට පත් කරන ලදී.

මේ අනීතික පාලනය පිළිබඳ ලෝක වාර්තාවකි.

සමාජ මාධ්‍ය එක්ස් අඩවියෙහි සටහනක් තබමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අද ජනාධිපති විසින් දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ලෙස පත් කිරීම ව්‍යවස්ථා විරෝධි බව පෙන්වා දී තිබේ.

එම සටහනෙහි සිංහල පරිවර්තනය මෙසේය:

“ව්‍යවස්ථා සභාව පොලිස්පතිගේ පත්වීම අනුමත කළේ නැහැ. ඡන්ද ලැබුණේ 4 පක්ෂව සහ 2 එරෙහිවයි. දෙදෙනෙකු ජන්දය දිමෙන් වැළකී සිටියේය. ව්‍යවස්ථා සභාවෙහි තීරණයක් සඳහා අවම වශයෙන් ඡන්ද 5 ක් අවශ්‍ය වේ. කථානායකවරයාට තීරණාත්මක ඡන්දයක් ඇත්තේ ජන්ද ප්‍රකාශ කිරීම සම වූ විට පමණි. 4/2 සම තත්වයක් නොවේ! දෙවන වරටත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අමු අමුවේ උල්ලංඝනය කරයි. ලැජ්ජයි කතානායකතුමනි!”

ව්‍යවස්ථා සභාව තීරණ ගත යුතු අන්දම පිළිබඳ අදාළ ව්‍යවස්ථා පරිච්ඡේදය මෙසේය:

මේ අනුව ඉතා පැහැදිලිව දැක්වෙන්නේ කතානායකවරයාට ඡන්දය ප්‍රකාශ කළ හැක්කේ සම ඡන්ද ප්‍රමාණයක් පක්ෂව සහ විපක්ෂව ලැබු අවස්ථාවක දී බවයි. දේශබන්දු පොලිස්පති කිරීමට අවම ඡන්ද 5ක් අවශ්‍ය වණ බැවින් ව්‍යාවස්ථා විරෝධී ලෙස කතානායක සිය ඡන්දය ප්‍රකාශ කර තිබේ.

මෙලෙස අවම ඡන්ද 5ක අවශ්‍යතාවය දැක්වා ඇත්තේම සුලුතර ඡන්ද ප්‍රමාණයකින් ව්‍යවස්ථා සභාව තීරණ ගැනීම වැළැක්වීමටය. මාර්ගගත පනත සම්බන්ධයෙන් ව්‍යවස්ථා විරෝධී ව කටයුතු කළ  කතානායකවරයා යළි ව්‍යවස්ථාව කෙලෙසා තිබේ.

දැන ගැනීමට ඇති පරදි ව්‍යවස්ථා සභාවෙහි සිවිල් නියෝජිතයින් තිදෙනා වන ආචාර්ය ප්‍රතාප් රාමනුජම්, වෛද්‍ය ඩී. අනුලා විජේසුන්දර, සහ වෛද්‍ය දිනේෂා සමරරත්න යන අතුරෙන් පක්ෂව ඡන්දය දී ඇත්තේ අනුලා විජේසුන්දර ය. ඇය උග්‍ර සිංහල බෞද්ධ මතදරන්නියක් වන අතර  එක්දහස් නමසිය මැද භාගයේ දී පිහිටුවන ලද රාජ්‍ය නොවන සිංහල කොමිසමේ සාමාජිකාවද වූවාය

20වන ව්‍යවස්ථා සංසෝධනය ගෙන එන ලද අවස්ථාවේදී වෛද්‍ය අනුලා විජේසුන්දර ඊට විරුද්ධව ප්‍රකාශ පවා නිකුත් කළාය. ඇය එකළ ග‍ෙවිඳු කුමාරතුංගගේ යුතුකම සංවිධානයේ සාමාජිකාවකි. ගෙවිඳු කුමාරතුංග විසින් අරුණ පුවත්පතට යවන ලද ලිපියක ඒ බව සදහන් වන්නේ මෙසේය:

විශේෂඥ වෛද්‍ය අනුලා විජේසුන්දර මහත්මිය, ජනාධිපති නීතීඥ මනෝහර ද සිල්වා මහතා නායකත්වය දෙන ජාතික ඒකාබද්ධතා කමිටුව අගෝස්තු 20 වැනි දින යෝජිත විසි වෙනි සංශෝධනය පිළිබඳ නිවේදනයක් නිකුත් කළේය. නැවත සැප්තැම්බර් 06 වන දින “යෝජිත 20 වන සංශෝධනය, 13 වන හා 16 වන සංශෝධන පිටුදැකීමේ හදිසි අවශ්‍යතා” යන මැයෙන් නිවේදනයක් නිකුත් කළේය. 20 වන සංශෝධනය සභාගත කළ පසු නැවත සැප්තැම්බර 26 වැනි දින නීතීඥ සංගමය වෙත ලිපියක් යොමු කරමින් 20 වන සංශෝධනය මගින් හදිසි පනත් ගෙන ඒමට ඉඩකඩ විවර කිරීම වළක්වාලීමේ අවශ්‍යතාව පෙන්වා දුන්නේ ය. 

අතිපූජ්‍ය ඉත්තෑපානේ ධම්මාලංකාර මහානායක හිමිපාණන්, අතිපූජ්‍ය තිරිකුණාමලේ ආනන්ද මහානායක හිමිපාණන්, පූජ්‍ය ඇල්ලේ ගුණවංශ නාහිමිපාණන්, පූජ්‍ය මහාචාර්ය මැදගොඩ අභයතිස්ස නාහිමිපාණන්, ආචාර්ය ගුණදාස අමරසේකර මහතා, විශේෂඥ වෛද්‍ය අනුලා විජේසුන්දර මහත්මිය, ජනාධිපති නීතීඥ මනෝහර ද සිල්වා මහතා ඇතුළු යුතුකමේ අපි ත්‍රස්තවාදය පරාජය කිරීමට එරෙහි වූවෝ ද? ත්‍රස්තවාදය පරාජය කළ රණවිරුවන් පාවා දීමට කටයුතු කළ අය ද?”

13වන සංසෝධනය අහෝසි කළ යුතු බව පවා කියන එවැනි අයකු ව්‍යවස්ථා සභාවෙහි සිටීම මෙරට පවත්නා විකාර දේශපාලනයේ ලකුනකි.

රනිල් රාජපක්ෂ ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදියකු ලෙස හදුන්වමින් ඔහු පසු පස ගිය හිටපු මානව හිමිකම් නායක නායිකාවන් දැන් ඇටි කෙහෙල් කෑ රිලවුන්ගේ තත්වයට පත්ව තිබේ.

මෙම පත්කිරීම පෙන්නුම් කරන්නේ රාජපක්ෂවරුන් තමන්ට අනීතිව සහාය දුන් පුද්ගලයින් රාජ්‍ය බලයේ ඉහළටම එසවීම තවමත් කර ගෙන යන බවයි.

රනිල් රාජපක්ෂගේ ආණ්ඩුව නීතියේ පාලනය තුට්ටු දෙකට දමා ගෙන යන මෙම ක්‍රියාවලිය ආපස්සට නොහැරවුවහොත් ශ්‍රී ලංකාව ඒකාධිපති රාජ්‍යක්  කරා වර්ධනය වීම වැළැක්විය නොහැකිය.

Archive

Latest news

Related news