Thursday, May 2, 2024

ඥණසාර හිමි මුස්ලිම් ප්‍රජාවගෙන් සමාව ඉල්ලයි! 

බොදු බල සේනා (BBS) මහලේකම් පූජ්‍ය, ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් මීට වසර අටකට පෙර පැවති මාධ්‍ය හමුවකදී කූරගල විහාරස්ථානය ආශ්‍රිතව කළ ආන්දෝලනාත්මක ප්‍රකාශයන් සම්බන්ධයෙන් සිත් තැවුලක් ඇති කළේ නම් ඊයේ (15) මෙරට මුස්ලිම් ප්‍රජාවගෙන් සමාව අයැද සිටියේය.

2016 මාර්තු 31 දින පැවති එම මාධ්‍ය හමුවේදී තමන් විසින් කරන ලද ආන්දෝලනාත්මක ප්‍රකාශ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ මුස්ලිම් ප්‍රජාවගෙන් ප්‍රසිද්ධියේ සමාව ඉල්ලා සිටින බව උන්වහන්සේ කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතාට විත්ති කූඩුවේ සිට දැනුම් දුන්හ.

ඔහු ප්‍රකාශ කළේ තමාගේ ක්‍රියාව සම්බන්ධයෙන් රටේ මුස්ලිම් ජනතාව වෙත සිය බලවත් කණගාටුව ප්‍රකාශ කිරීමට ද තමන් කැමති බවයි.

පසුව නඩු විභාගයේ සාක්ෂි විභාගය අවසන් කර නඩුවේ තීන්දුව මාර්තු 28 වැනිදා ප්‍රකාශයට පත් කරන බව විනිසුරු පටබැඳිගේ ප්‍රකාශ කළේය.

ඥානසාර හිමියන් වෙනුවෙන් නීතිඥ ඉරේෂ් සෙනෙවිරත්න සහ සංජය ආරියදාස යන මහත්වරු පෙනී සිටියහ.

2016 මාර්තු 30 වැනි දින පැවති මාධ්‍ය හමුවකදී කූරගල විහාරස්ථානය සම්බන්ධයෙන් කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ ආගමික සහ වාර්ගික අසමගිය ඇති කිරීමේ චෝදනාව මත බොදුබල සේනා මහලේකම්වරයාට එරෙහිව නීතිපතිවරයා විසින් මෙම නඩුව පවරා තිබුණි.

ගලබොඩඅත්තේ ඥණසාර හිමි උග්‍ර මුස්ලිම් විරෝධියකු වන අතර අලුත්ගම සහ දිගන මුස්ලිම් විරෝධී කෝලාහලයන්ට පිටුබලය සැපයූ පුද්ගලයෙනි. ඔහු කුරානයට සහ  මුස්ලිම්වරුන්ගේ දේවත්වය වන අල්ලාට ප්‍රසිද්ධීයේ අපහාස කර තිබේ.

පාස්කු ඉරිිදා ප්‍රහාරයන් කිරිමට හේතු වශයෙන් කරුණූ 10ක් දැක්වූ ත්‍රස්ත නායක සහරාන් ඉන් එකක් ලෙස ඥණසාර හිමි මූලික වූ මුස්ලිම් විරෝධී ප්‍රහාරයන්ද දැක්වා තිබුණි.

අධිකරණ අපහාසය වෙනුවෙන් සිවි වසරක දඩුවමක් විදිමින් සිටි ඥණසාර හිමි ජනාධිපති සිරිසේන විසින් දෙන ලද සමාවක් යටතේ නිදහස් විය. එම නිදහස් කිරීමට විරුද්ධව පවරන ලද මුලික අයිතිවාසිකම් නඩුවක් ශ්‍රේෂ්ඨාධීකරණය හමුවේ පවතී.

2020 මහමැතිවරණයට තරග කළ ඥණාසාර හිමි තේරී පත්විමට අසමත් විය.

( ශ්‍රී ලංකා බ්‍රිෆ්)

Archive

Latest news

Related news