Sunday, April 28, 2024

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ දූෂණ වැළැක්වීමට සියළු ශක්තිය ලබා දෙනවා – අජිත් අමරසිංහ, එක්සත් ජනරජ පෙරමුණ

දූෂණ අක්‍රමිකතා වැළැක්වීමට අවශ්‍ය සියළු ශක්තිය ලබාදෙමින් එක්සත් ජනරජ පෙරමුණ සටනේ ඉන්නවා – වෛද්‍ය අජිත් අමරසිංහ

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ දූෂණ අක්‍රමිකතා වැළැක්වීමට අවශ්‍ය සියළු ශක්තිය ලබාදෙමින් එක්සත් ජනරජ පෙරමුණ සටනේ පෙරමුණේ සිටින බව එක්සත් ජනරජ පෙරමුණේ සභාපති, විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ මහතා පවසයි.

පෙබරවාරි (05) දින පැවැති මාධ්‍ය හමුවක දී වැඩිදුරටත් අදහස් දැක්වූ අමරසිංහ මෙසේ පැවසීය:

“මනුස්සයෙකුට දෑතේ විලංගු දාලා හිර කුටියෙන් එළියට අරගෙන යනකොට එතන ප්‍රකාශයක් කරනවා කියලා. ඒ කියන්නේ අනිවාර්යෙන්ම ඔබට මරණය නියතයි. ඒ නියත මරණයට තමයි ඔබ ඇවිදගෙන යන්නේ. ඒ වගේ අපි ඒ අවස්ථාවේදී ඒ කියන්නේ ගිය අවුරුද්දේ අගෝස්තු මාසෙදි කිව්වා ඔබ මේකෙන් දිනුවත් පැරදුනත් අනිවාර්යෙන්ම ඔබට මෙයට අවශ්‍ය දඬුවම ලැබෙනවාමයි කියලා. ඒ කියන්නේ මීට මාස හතරකට ප්‍රථම ඒ විශ්වාසභංග යෝජනාවෙන් ඇත්ත වශයෙන්ම කෙහෙළිය රඹුක්වැල්ල මැතිතුමා එතුමාගේ පාර්ශවය දින්නා. නමුත් අපි කිව්වා මහජන යා අතර ඔබට තියෙන විශ්වාසය දැන් ඉඳලා කියනවා. ඊට පසුව තමයි මේ පිළිබඳ ප්‍රශ්නය ආවේ. මේ ප්‍රශ්නය පිළිබඳ සමාජ ක්‍රියාකාරීන් විශේෂයෙන්ම හඬ නැගුවා. ඒ හඬ නැගූ අවස්ථාවේදීම වගේ ඔක්තෝම්බර් මාසේ පස්වෙනිදා අපි පුවත්පත් සාකච්ඡාවක් පවත්වලා මේ සිද්ධිය සම්බන්ධව අපගේ ස්ථාවරය ප්‍රකාශ කළා. මෙයට සම්බන්ධ සියලු දෙනාටම තරාතිරම නොබලා දඬුවම් දිය යුතුයි කියලා පැවසුවා. ඒ වගේම අප පක්ෂයක් හැටියට රූපවාහිනී විවාද කිහිපයකට සම්බන්ධ වුණා. එහිදී අපි තරයේ ප්‍රකාශ කරපු දේ තමයි පැහැදිලිවම මෙතන වංචාවක් සිදුවෙලා තියෙනවයි කියලා. එතකොට අද වෙනකොට මේ විශේෂයෙන්ම සිද්ධිය සම්බන්ධව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉහළ බලධාරීන් රාශියක් ගේ දෑතට විලංගු වැටිලා තියෙනවා. මේ අය චූදිතයන් බවට පත්වෙලා තියෙනවා. නඩු කටයුතු ආරම්භ වෙලා තියෙනවා. ඇත්ත වශයෙන්ම මෙහිදී අප පක්ෂය මේ සටනේ මුල සිට අපිට සිටියා.

අරගලයෙන් පසුව ඇතිවෙලා තියෙන මේ සමාජයේ අලුත් තත්ත්වය මේ රටේ ප්‍රශ්න පිළිබඳ සමාජ ක්‍රියාකාරීන් සවිඥානය කිරීම. ඒ අයගේ මතය දැන් ප්‍රකාශ වෙනවා. මම හිතන්නේ මෙය ඉතාමත්ම හොඳ තත්ත්වයක්. මේ තත්වය දිගින් දිගටම පවතිනවා නම් මේ රටේ තියෙන වංචා, දූෂණ, අකාර්යක්ෂමතාවයන්, පවුල්වාදය නැති කිරීමට මෙය අපට ඉවහල් කරගන්න පුළුවන්. එතකොට මේ අවස්ථාවේදී මේ සිද්ධිය සම්බන්ධ අපගේ ස්ථාවරය තමයි මේ චූදිතයන් කිහිප දෙනෙක් ඉන්නවා. මෙහි සිදුවෙලා තියෙන දේ මේ මේ ඖෂධය ලංකාවට ගෙනල්ලා එයට ක්‍රියාවලියට සම්බන්ධ වෙච්ච පිරිස් රාශියක් ඉන්නවා. එතකොට මේ ඖෂධය භාවිතා කිරීම නිසා දැන් නඩු කටයුත්තක් ආරම්භ වෙලා තියෙනවා. ඒ නඩු කටයුත්ත සම්බන්ධව අපි කතා කරන්නේ නෑ. කෙසේ නමුත් අප වෛද්‍යවරුන් හැටියට පැහැදිලිව කියා සිටින දෙයක් තමයි මෙහිදී යම්කිසි ආකාරයක මිනිස් ජීවිත නැතිවීම ට කටයුතු කිරීමක් හෝ නැතිවීමට ඇති අවස්ථා නැතිවීමට ඇති අවස්ථාවන් මගහැරලා ඒ රෝගීන් සුවපත් කිරීමට හැකි අවස්ථාව මෙවැනි බාල ඖෂධයක් යැයි සඳහන් වන දෙයක් ලංකාවට ගෙනල්ලා කරාවි. ඇත්ත වශයෙන්ම මේ මිනිස් ජීවිත අහිමිවීම. මේ මරණයන්ට ඇත්ත වශයෙන්ම වගකිවයුතු යම් කිසි පිරිසක් සිටිනවා. මෙහිදී ඖෂධයක් යැයි සඳහන් වන යම්කිසි ආකාරයක දියර වර්ගයක්. රෝගීන්ගේ ශරීරගත කරලා තියෙනවා. ඒ ශරීරගත කිරීම නිසා ඒ ශරීරගත කරපු දියරයේ කිසිම ආකාරයක ඖෂධීය ගුණයක් නැති නිසා මියගිය පිරිසක් ඉන්නවා. ඒ වගේම ඇතැම්විට මේ ශරීරගත කරන ලද දියරයේ ඇති විෂ ද්‍රව්‍ය නිසා මිය ගිය හැකි පිරිසක් ඉන්නවා. මේ සම්බන්ධව ඉදිරියේ දී මනුෂ්‍ය ඝාතනය පිළිබඳව චෝදනාවක් එල්ලීමට ඉඩ තියෙනවා. ඇත්ත වශයෙන්ම මේ පිළිබඳ කරුණු විමසා බලන ලෙස ඉල්ලා සිටිනවා මේ රටේ බලධාරීන්ගෙන් ඒ පිළිබඳව ඉදිරියට කටයුතු කරගන්න කියලා. එහිදී එක්සත් ජනරජ පෙරමුණ මෙවන් අක්‍රමිකතාවයන්, මෙවන් දූෂණයන් මේ රටේ ඇතිවීම වැළැක්වීමට අවශ්‍ය සියලුම ශක්තිය ලබාදෙමින් මේ සටනේ ඉන්නවා..!”

වැරදි ඖෂධ භාවිතයට දැඩි ක්‍රියාමාර්ග අවශ්‍යයි – වෛද්‍ය නිලුපුල් පෙරේරා

ඉදිරියේදී වැරදි ඖෂධ භාවිතය හේතුවෙන් ඇතිවන ගැටලු වළක්වා ගැනීම සඳහා වත්මන් සිදුවීම් වලට එරෙහිව නීතිය උපරිම ලෙස ක්‍රියාත්මක කරන්නැයි එක්සත් ජනරජ පෙරමුණ ඉල්ලා සිටී. එහි සාමාජික විශේෂඥ වෛද්‍යය නිලුපුල් පෙරේරා මහතා කියා සිටින්නේ ඒ සඳහා සමස්ත නීතිවේදීන් එක් විය යුතු බවයි. වැරදි ඖෂධයක් හේතුවෙන් මනුෂ්‍ය ජීවිතයක් හානි වී ඇත්නම් එය මනුෂ්‍ය ඝාතනයක් බව වෛද්‍යවරයා පෙන්වා දෙයි. එවැනි තත්ත්වයකට නීති ක්‍රියා මාර්ග ගත යුත්තේ මනුෂ්‍ය ඝාතනයක් ලෙස සැලකීමෙනි. එම වගකීමෙන් මිදීමට රෝහල් බලධාරීන්, සෞඛ්‍ය ක්ෂේත්‍රයේ බලධාරීන් සහ තීරණ ගන්නා සියලු බලධාරීන්ට නොහැකි බව ද පෙරේරා මහතා පෙන්වා දෙයි. ඊට අමතරව ඖෂධ නිෂ්පාදනයේ සිට ඊට සම්බන්ධ සියලු පාර්ශ්ව වගකිව යුතුය. ඒ වෙනුවෙන් එක්සත් ජනරජ පෙරමුණ දැඩිව පෙනී සිටින බව වෛද්‍ය නිලුපුල් පෙරේරා මහතා සඳහන් කරයි. හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයාට එරෙහි නීති ක්‍රියාමාර්ග ද නිසි පරිදි ක්‍රියාත්මකයි. එය අතිශය යහපත් තත්ත්වයක් බව ද වෛද්‍යවරයා මෙම ප්‍රවෘත්ති සාකච්ඡාවේදී වැඩිදුරටත් පැවසීය.

Archive

Latest news

Related news