Friday, May 3, 2024

මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත: ටිරන් අලස් සිය ස්ථාවරය ගැන පාර්ලිමේන්තුව නොමඟ යැවූ බව අන්තර්ජාල දැවැන්තයින්ගේ Asian Internet Coalition කියයි!

ශ්‍රී ලංකාවේ මහජන ආරක්‍ෂාව පිළිබඳ අමාත්‍ය ටිරාන් අලස් විසින් කරන ලද ප්‍රකාශයන් ප්‍රතික්ෂේප කරමින්  Asian Internet Coalition අඟහරුවාදා (23දා) “ මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පත එහි වර්තමාන ස්වරූපයෙන් ක්‍රියාත්මක කළ නොහැකි අතර ශ්‍රී ලංකාව තුළ ඇති විය හැකි ලංකාවේ ඩිජිටල් ආර්ථික වර්ධනයට සහ විදේශ සෘජු ආයෝජනවලට වල කැපීමක් වනු ඇති බවට අනතුරු ඇඟවීය. ”

ටිරන් අලස් අද පාර්ලිමෙන්තුවට කීවේ ආසියානු අන්තර් ජාල සංසදය Asia Internet Coalition (AIC) යන ලොව බලවත්ම අන්තර්ජාල සහ තාක්‍ෂණ සමාගම් එකතුවේ ආසියානු සංසදය, රනිල් රාජපක්ෂ ආණ්ඩුවේ මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත සමඟ වැඩ කිරීමට එකඟ වී ඇති බවයි.

මෙයට දිව කිහිපයකට පෙර ප්‍රකාශයක් නිකුත් කරමින් එම සංසදය කියා සිටියේමාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත දැනට ඇති සැටියෙන් සම්මත වුවහොත්, එය ක්‍රියාවට නැගිය නොහැකි එකක් වනු ඇති බවයි. එබැවින් පනත සහමුලින්ම සංසෝධනය කරන ලෙස එය ඉල්ලා සිටියේයත

 ආසියා පැසිෆික් කලාපයේ අන්තර්ජාල ප්‍රතිපත්ති ගැටලු අවබෝධ කර ගැනීම සහ විසඳීම ප්‍රවර්ධනය කිරීමට Asia Internet Coalition (AIC) උත්සාහ කරයි. එය Apple, Pinterest, Grab, Amazon, Line, Google, Yahoo, Booking.com, Spotify, X (Twitter), Rakuten, Meta, Shopify සහ FedEx වලින් සමන්විත වේ.

Asia Internet Coalition හි කළමනාකාර අධ්‍යක්ෂ ජෙෆ් පේන් ප්‍රකාශයක් නිකුත් කරමින් මෙසේ පවසයි. ” මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත සම්බන්ධයෙන් මහජන ආරක්‍ෂක අමාත්‍යවරයා විසින් පාර්ලිමේන්තුවේදී කියවන ලද ප්‍රකාශයේ ඇතැම් ප්‍රකාශයන් ආමන්ත්‍රණය කිරීමට සහ ප්‍රතික්ෂේප කිරීමට ආසියා අන්තර්ජාල සන්ධානය කැමතිය.”

අමාත්‍යවරයාගේ ප්‍රකාශය මගින්  AIC විසින්  මෙම පනත සම්පාදන ක්‍රියාවලිය පුරාවට ලබා දී ඇති සැලකිය යුතු දායකත්වයන් නිවැරදිව පිළිබිඹු නොවන බවත්  2024 ජනවාරි 8 වන දින අමාත්‍යාංශයට අප විසින් අවසන් වරට ඉදිරිපත් කිරීමත් එම  නියෝජනයන් අවසාන් වූ බවත් සඳහන් කරයි.

“නිර්මාණාත්මක සහයෝගීතාව සඳහා අපගේ කැපවීම තිබියදීත්, පනත් කෙටුම්පතට ඉදිරිපත් කරනු ලබන යෝජිත සංශෝධන  AIC වෙත ලබා දී නොමැත. මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පත එහි වර්තමාන ස්වරූපයෙන් ක්‍රියාත්මක කළ නොහැකි බවත් ශ්‍රී ලංකාවේ ඩිජිටල් ආර්ථිකයට ඇති විය හැකි වර්ධනය සහ විදේශ සෘජු ආයෝජන අඩපණ කරන බවත් අපගේ ස්ථාවරයහි අපි අවිවාදයෙන්ම පෙනී සිටිමු. පනත් කෙටුම්පත ගෝලීය හොඳම භාවිතයන් සමඟ පෙළගැස්වීමට නම්, පුළුල් සංශෝධන අත්‍යවශ්‍ය බව අපි තරයේ විශ්වාස කරමු, ” යැයි ද ප්‍රකාශයේ සඳහන් වේ.

ටිරන් අලස් දේශීය බොරු කාරයකු පමණක් නොව අන්තර් ජාතික බොරු කාරයකු බවට මෙමගින් යළි පත්ව තිබේ.

Archive

Latest news

Related news