Saturday, April 27, 2024

සීඅයිඩී අධ්‍යක්ෂක ලෙස දූෂණ වරදකරුවකු වූ ඩීඅයිජී රොහාන් ප්‍රේමරත්න‍ට ටිරන් අලස් සීඅයිඩීය ම බාරදෙයි!

සේ. පියවර්ධන විසිනි.

පසුගිය දා  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙහි ප්‍රධානියා ලෙස නියෝජ්‍ය පොලිස්පති රොහාන් ප්‍රේමරත්න පත් කරන ලදී.

පුදුම නමුත් ඇත්තය.

පවුලේ කවරකු හෝ නීතිමය වරදක් කර ඇත්නම් පවා කිසිවකු බාර නොගන්නා අපරාධ පරීක්ෂන දෙපාර්තමෙන්තුව දැන් පොලිසිය විසින්ම දූෂණයට වරදකරු කරන ලද පුද්ගලය‍කුට බාර දී තිබේ.

මෙම පත් කිරීම පොලිස් ඇමති ටිරන් අලස් සහ වධක වැඩබලන පොලිස්පති දේශබන්දු විසින් හවුලේ කරන ලද්දකි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙහි ප්‍රධානියා, එම අයාතනයෙහිම අධ්‍යක්ෂක ලෙද 2022 වසරෙහි දී  රුපිලල් ලක්ෂ 75ක වංචාක් කළ බවට  වැරදි කරුවකු ලෙස පොලිස් පරීක්ෂණයක් මගින්ම නම් කරන ලද පුද්ගලයකු පත් කිරීමෙන් ශ්‍රී ලංකාව වධකයකු වැඩ බලන පොලිස්පති කිරීම හා සමාන තවත් අශිෂ්ඨ වාර්තාවක් පිහිටුවා තිබේ.

එවකට ගෝටාගේ මහජන ආරක්ෂක අමාත්‍යාංශයෙ ලේකම් වූ ජෙනරල් ජගත් අල්විස් 2022 ජනවාරිි 28 වන දින මෙම රොහාන් ප්‍රේමරත්න සම්බන්ධයෙන් මතුව තිබූ දුෂණ සිදුවීමක් පිළිබඳව පරීක්ෂා කරන ලෙස පොලිස් දෙපාර්තමේන්තුවට දන්වන ලදී.

මෙම සිදුවීමට අදාළ නයිජිරියානුවන් අත්අඩංඟුවට ගන්නා ලද්දේ 2021 පෙබරවාරි මාසයේ දීය.

එම පරීක්ෂනය පවත්වන ලද්දේ මුල්‍ය හා වානි අපරාධ කොට්ඨාශයේ දෙවන  මුල්‍ය අපරාධ විමර්ශන එක්කයෙහි පොලිස් පරීක්ෂක බී.එස්.ජයරත්න ඇතුලු කණ්ඩායමක් විසිනි.

එම වසරෙහිම මාර්තු 10වන දින එම වාර්තාව බී 75416/01/22 දරණ නඩු අංකය ඇතිව ඉදිරිපත් කරන ලදී.

මෙම දූෂනය සම්බන්ධවූයේ මෙරට දී විදේශීය මුදල් වංචනික ලෙස මුද්‍රණය කරමින්, මත් ද්‍රව්‍ය ජාවරමෙහි නියතු විදේශික – දේශීය සොරමුලකට අයත් නඩු භාණ්ඩ වශයෙන් තිබූ රුපියල් ලක්ෂ 75ක් නීති විරෝධී ලෙස නිදහස් කිරීමය.

එමෙන්ම එම සොර මුලට එරෙහිව පනවා තිබූ විදෙස් ගමන් තහනම ඉවත් කිරීමට අනීතික ලෙස බලය යෙදවීම සම්බන්ධයෙනි.

මෙම සොරමුලෙහි විදෙස් ගමන් තහනම ඉවත් කරන සේ රොහාන් ප්‍රේමරත්න කෑ ගසමින් තර්ජනය කල බවත් තමන් දෙවැනි වර අධිකරණය ටවත ගිය අවස්ථාවෙහි දී මෝසමක් දමා එම සොරමුල විදෙස් ගමන් තහනම ඉවත් කරවා ගෙන තිබූ බවත් එක් සාක්ෂියක සඳහන් වේ.

එවකට පොලිස් අධිකාරීවරයකු වූ  රොහාන් ප්‍රේමරත්න අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගෝටා විසින් පත් කරන ලද අධ්‍යක්ෂක විය.

ඔලිවර් ටෝබි ඉකෙකුවිවා ඔලිවර් කම් නයිජීරියානු ජාතිකයකුගේ ප්‍රධානත්වයෙන් යුතු සොරමුල පිළිබඳ පරීක්ෂණයේ දී විදේශීය මුදල් මුද්‍රණටය භාවිතා කරන  උපකරණ සහ හොරයින්  ද අත්අඩංඟුවට ගන්නා ලදී.

මෙම අපරාධය අල්ලස් පනත යටතේ දඬුවම් ලැබිය හැකි වරදක් බව  එම වාර්තාව සඳහන් කර තිබේ.

තවද එම වාර්තාව මෙම අපරාධය සම්බන්ධයෙන් සාක්ෂි සහිතව පිටු 10ක වාර්තාවක් ඉදිරිපත් කළේ ය.

එම වාර්තාවෙහි 10 වන පිටුවෙහි දක්වා ඇති අවසාන නිගමනය මෙසේය:

“අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙහි හිටපු අධ්‍යක්ෂක, වර්තමාන වැඩබලන නියෝජ්‍ය පොලිස්පති රොහාන් ප්‍රේමරත්න නිලධාරියා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක වශයෙන් රාජකාරි කරන ලද කාලය තුල සිදු කරන ලද වංචා සහ දූෂණ ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් සිදු කල මෙම විමර්ශනයේ දී හිටපු අධ්‍යක්ෂක රොහාන් ප්‍රේමරත්න නිලධාරියා විසින් අධ්‍යක්ෂක වශයෙන් රාජකාරි කරමින් සිටි කාලය තුල දී ඒ නිලධාරියා විසින් විශයගත නිලධාරීන් වෙත අයුතු බලපෑම් සිදු කරමින් ගරු අධිකරණය වෙත අසත්‍ය වාර්තා ඉදිරිපත් කිරීම සඳහා නිලධාරීන් තර්ජනාත්මක ව පොලඹවා ඇති බවත් ඒ මගින් කො.ප්‍ර.ම/උ ශාලා අංක 05 නඩු අංක 47361/05/21 දරණ නඩුවේ නඩු භාණ්ඩයක් ව පැවති රුපියල්7.543.110/=ක මුදලක් සැකකරුවන් වෙත මුදා හැරීම සඳහා  කටයුතු කරමින් දූෂිත ක්‍රියාවක යෙදී ඇති බවට අනාවරණය වන බවට කරුණූ ඉදිරිපත් තරමි.

මෙම අපරාධය විමර්ශනයේ දී අනාවරණය ඇති මෙම කරුණු මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂක වර්තමාන වැඩබලන නියෝජ්‍ය පොලිස්පති රොහාන් ප්‍රේමරත්න නිලධාරියා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධක්ෂක වශයෙන් රාජකාරි කරන ලද කාලය තුල සිදු කරන ලද වංචා දූෂණ ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන සිදු කිරීම සඳහා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව වෙත නොතීසියක් නිතුක් කරන මෙන් ගරු අධිකරණයෙන් ගෞරවයෙන් ඇයද සිටිමි.”

කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ටී.එන්. ඉලංගසිංහ විසින් මෙම නඩුව පිළිබඳ කරුණූ වාර්තා කිරීමට අධිකරණය හමුවට පැමිණෙන ලෙස අල්ලස් කොමිසමට 2022 සැප්තැම්බර් 05වන දන නියෝග කළේය.

මෙම නඩුව තවමත් අල්ලස් සහ දූෂණ කොමිෂන් සභාවේ ලිපි ගොනු අතර ඇති අතර එය ඉක්මනින්ම අතුරුදහන්වීමට නියමිත බව ආරංචි මාර්ග පවසයි.

රුපියල් ලක්ෂ 75ක් වංචනික ලෙස මුදා හරින ලද්දේ නම්, ඊට ලද ප්‍රතිඋපකාරයද ද ඒ හෝ ඊට විශාල විය හැකිය. මීයක් කඩන්නේ අත ලෙව කෑමට නොවන නිසාය.

ටිරන් අලස්ගේ කුඩු කා ඇති මෙරට දේශපාලන විපක්ෂය මෙවැනි කටයුතු ගැන පමණක් නොව අලස් විසින් අක්වෙරළ සමාගම් හරහා මිලදී ගන්නා ලද බ්‍රිතාන්‍ය දේපල ගැන ද මුකිවත රකිමින් සිටී.

තමන්ට අවනත වන නිලාධාරීන් පොලිස් සේවයේ ඉහළම තනතුරු සඳහා පත් කිරීම හුද ආසාවක් නොව ඉන් එහාට යන මර්දන සැළැස්මක කොටසක් නොවේද යන්න දේශපාලන අංශ ප්‍රශ්ණ කරති.

සේ. පියවර්ධන විසිනි. 15/01/2024

Archive

Latest news

Related news