Saturday, April 27, 2024

දේශබන්දු ඉවත් කරන සේ ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් දෙකක්

දේශබන්දු තෙන්නකෝන්  වැඩ බලන පොලිස්පති ලෙස කටයුතු කිරීම වළක්වාලන අතුරු තහනම් නියෝගයක් ඉල්ලා මේ වන විට ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් දෙකක් ඉදිරිපත් වී තිබේ.

ඉන් එකක් ඉදිරිපත් කර ඇත්තේ  කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල්තුමා විසිනිි.

අනෙක ඉදිරිපත් කර ඇත්තේ නීතිඥවරුන් වන අමිල එගොඩමහවත්ත සහ මනෝජ් නානායක්කාර  විසිනි.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා වැඩබලන පොලිස්පතිවරයා ලෙස පත් කිරීමට ජනාධිපතිවරයා ගත් තීරණය බල රහිත කිරීමේ නියෝගයක් ඉල්ලා එම පෙත්සම ඉදිරිපත් කරන ලද්දේ 29 දාය.

මෙම පෙත්සම් ගොනු කර ඇත්තේ පසුගියදා ලබාදුන් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව සහ ඔහුට එරෙහිව විභාග වෙමින් පවතින නඩු ගණනාවක් සැලකිල්ලට ගෙනය.

මෙම පෙත්සම්වල වග උත්තරකරුවන් ලෙස නීතිපතිවරයා, ව්‍යවස්ථාදායක සභාව හා වැඩ බලන පොලිස්පති දේශපන්දු තෙන්නකෝන් සඳහන් කර තිබේ.

දේශබන්දු තෙන්නකෝන් මහතාට පොලිස්පතිවරයා ලෙස පත්වීම පිළිගත නොහැකි බවත් එසේ පිළිගැනීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනනුකූල බවත් ඒ මගින් පෙත්සම්කරුවන්ට සහ අනෙකුත් පුරවැසිමූලික අයිතිවාසිකම් උල්ලංඝනය වන බවත් පෙත්සම්කරුවෝ කියති.

දේශබන්දු තෙන්නකෝන් මහතා ඇතුළු වගඋත්තරකරුවන් හිටපු හමුදා සෙබළෙකුට වධහිංසා පැමිණවීම, නීති විරෝධී අත්අඩංගුවට ගැනීම් වැනි කටයුතු හරහා මූලික අයිතිවාසිකම් කඩ කර ඇතැයි ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් දෙසැම්බර් 14දා තීන්දු කරන ලදී.

ඒ අනුව දේශබන්දු තෙන්නකෝන් ඇතුළු පොලිස් නිලධාරීන්ට එරෙහිව සුදුසු විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය ජාතික පොලිස් කොමිසමට නියෝග කර ඇත.

පසුගියදා ලබාදුන් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව සහ ඔහුට එරෙහිව විභාග වෙමින් පවතින නඩු ගණනාවක් සැලකිල්ලට ගෙන මෙම පෙත්සම ගොනු කර තිබේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) වගන්තිය යටතේ පෙත්සම්කරුවන්ට සහ අනෙකුත් පුරවැසියන්ට සහතික කර ඇති මූලික අයිතිවාසිකම් මෙමගින් උල්ලංඝනය වන බව  එම පෙත්සම් සදහන් කරයි.

 

Archive

Latest news

Related news