Thursday, May 2, 2024

රාජ්‍ය සේවා කොමිසමත් මූලික අයිතිවාසිකම් කඩ ළ බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි!

රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් මූලික අයිතිවාසිකම් කඩ කර ඇති බවට ශ්‍රේෂ්ඨාධිකරණය පසුගිය 14 වනදා තීන්දු කර තිබේ.

එම තීන්දුව ලබා දී ඇත්තේ රාජ්‍ය සේවා කොමිෂන් සභාව තම විනය බලධාරියා ලෙස තමන්ගේ මූලික අයිතිවාසිකම් කඩ කරමින් දිගින් දිගටම තමන්ට අඩන්තේට්ටම් සිදු කරමින් රැකියාවෙන් මාරු කිරීම්, විනය පරීක්ෂණ ආදියට එරෙහිව ජාතික ප්‍රසම්පාදන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ (විමර්ශන) නිලධාරීව සිටි එම්.ඩී.එස් ඇන්ටන් පෙරේරා විසින් ගොනු කළ පෙත්සමකට අදාළවය.

ශාලාව යුධ හමුදා කඳවුර පිපිරීමට අදාල හානි තක්සේරු වැරදි ලෙස සිදු කිරීම සමිබන්ධයෙන් වන ආනාවරණයක් මත ග්‍රාමීය ආර්ථික පිළිබඳ අමාත්‍යාංශයේ ප්‍රධාන ගණකාධිකාරී ලෙස සිටියදී එම්.ඩී.එස්. ඇන්ටන් පෙරේරා විසින් ජනාධිපති කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත. එම විමර්ශනවලට අදාල සාක්ෂි සපයා ගැනීම සඳහා විධිමත් ලෙස ‍තොරතුරු දැනගැනීමේ පනත යටතේ ආපදා කළමනාකරණ අමාත්‍යංශයේ හා සීතාවක ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ තොරතුරු නිලධාරීන්ගෙන් තොරතුරු ඉල්ලා තිබේ.

එහිදී ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ අමාත්‍යාංශයේ ප්‍රධාන ගණකාධිකාරී ලෙස තම නිල මුද්‍රාව හා නිල නාමය යටතේ එම්.ඩී.එස් ඇන්ටන් පෙරේරා රජයේ දේපළ අභාවිත කළ බවට සඳහන් කරමින් ඔහුට එරෙහිව චෝදනා පත්‍රයක් ලබාදී ඔහු 2020 පෙබරවාරි 06 දින සිට විනය පරීක්ෂණයකට යටත්ව විශ්‍රාම වැටුප අත්හිටුවා විශ්‍රාම වැටුප් ව්‍යවස්ථා සංග්‍රහයේ 12 වගන්තිය අනුව විශ්‍රාම ගන්වා ඇත. එම චෝදනා පත්‍රය මත විධිමත් විනය පරීක්ෂණයක් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු යොදවා පැවැත්වීමට රාජ්‍ය සේවා කොමිෂන් සභාව කටයුතු කර ඇත.

එම විනය පරීක්ෂණය පවත්වා, ග්‍රාමීය ආර්ථික පිළිබඳ අමාත්‍යාංශයේ ප්‍රධාන ගණකාධිකාරී ලෙස තම නිල මුද්‍රාව හා නිල නාමය තොරතුරු දැනගැනීම සඳහා භාවිතා කරීම තුළින් එම්.ඩී.එස් ඇන්ටන් පෙරේරා විනය කඩ කර නැති බවටත් ඔහු එහි චෝදනාවලින් නිදොස් කොට නිදහස් කරන බවත් තීන්දු කරමින් අදාළ නියෝජ්‍ය පොලිස්පතිගේ පරීක්ෂණ වාර්තාව රාජ්‍ය සේවා කොමිසම වෙත යොමු කර තිබේ.

එහෙත් එය නොතකා රාජ්‍ය සේවා කොමිසම විසින් ග්‍රාමීය ආර්ථික පිළිබඳ අමාත්‍යාංශයේ ප්‍රධාන ගණකාධිකාරී ලෙස කටයුතු කළ එම්.ඩී.එස් ඇන්ටන් පෙරේරා වැරදි කරු බව තීරණය කොට ඔහුගේ විශ්‍රාම වැටුපෙන් 2%ක මුදල් කපා දැමීමටද තින්දු කර ඇත. ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ අමාත්‍යාංශයේ සිට ජාතික ප්‍රසම්පාදන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ (විමර්ශන) නිලධාරී ලෙස එම්.ඩී.එස් ඇන්ටන් පෙරේරා ඒ අතරතුර මාරුවී තිබේ.

එම්.ඩී.එස් ඇන්ටන් පෙරේරා ජාතික ප්‍රසම්පාදන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ (විමර්ශන) නිලධාරී ලෙස සිටියදී ජාතික ප්‍රසම්පාදන කොමිෂන් සභාවේ මහ ලේකම් ඩබ්ලිව්.ඩී ජයසිංහට එරෙහිව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට සහ රාජ්‍ය සේවා කොමිෂන් සභාවට පැමිණිල්ලක් ගොනු කර ඇත. එම පැමිණිල්ලම රාජ්‍යසේවා කොමිෂන් සභාවටද යොමු කර ඇත. එය විභාග කරනු වෙනුවට වහාම රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් විමර්ශන නිලධාරි එම්.ඩී.එම් ඇන්ටන් පෙරේරාව වැඩ රාජකාරි පැවරීමකින් තොරව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයට ස්ථාන මාරු කර තිබේ.

එම මාරුකිරීමට එරෙහිව ඔහු ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනු කළ නඩුවකදී තනතුරක් නොදී ස්ථානමාරු කිරීම සම්බන්ධයෙන් පැමිණිලි කර ඇති අතර සුදුසු ස්ථානයක් ලබා දීමෙන් පසු නඩුව අවසන් විය. ඉන් පසු රාජ්‍ය සේවා කොමිෂන් සභාව අල්ලස් කොමිසමට පැමිණිලි කිරීම මත චෝදනා පත්‍රයක් ලබා දී ඇත

මේ සම්බන්ධයෙන් විමර්ශන නිලධාරී එම්.ඩී.එස් ඇන්ටන් පෙරේරා විසින් අපරාධයක වින්දිතයන් සහ සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ ජාතික අධිකාරියේ මූල මණ්ඩලයටද කර ඇති පැමිණිල්ලක් අනුව, අල්ලස් කොමිසමට පැමිණිලි කිරීම සම්බන්ධයෙන් චෝදනා පත්‍රයක් ලබා දීම නීතිවිරෝධී අත්තනෝමතික වැරදි තීරණයක් කියලා අපරාධයක වින්දිතයන් සහ සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ ජාතික අධිකාරියේ මූල මණ්ඩලය විසින් රාජ්‍ය සේවා කොමිෂන් සභාවට එරෙහිව වාර්තාවක්ද නිකුත් කර ඇත. එම වාර්තාවෙන් විමර්ශන නිලධාරී එම්.ඩී.එස් ඇන්ටන් පෙරේරාට වන්දි ගෙවීමටද තීරණය කර තිබේ. ඒත් රාජ්‍ය සේවා කොමිෂන් සභාව මෙම වාර්තාවද මායිම් නොකරමින් ඔහුට එරෙහිව දිගින් දිගටම පරීක්ෂණ පවත්වා ඇත.

ඉන් පසු, අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට පැමිණිලි කිරීම සහ තොරතුරු දැනගැනීමේ පනත යටතේ තොරතුරු ඉල්ලිම පදනම් කෙරගන ඔහුට ලබා දී තිබූ චෝදනා පත්‍ර තුළින් තමන්ගේ මූලික අයිතිවාසිකම් කඩ කර ඇතැයි සඳහන් කරමින් ඔහු විසින් ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් පෙත්සමක ගොනු කර තිබේ. එය විභාගය අවසන් කරමින්,

රාජ්‍ය සේවා කොමිසම කටයුතු කර ඇති ආකාරය වැදි බවටත් පැමිණිලි කරු වන එම්.ඩී.එස් ඇන්ටන් පෙරේරාට කෙසේ හෝ දඬුවමක් දීමේ බලාපොරොත්තුවෙන් රාජ්‍ය සේවා කොමිසම කටයුතු කර ඇති බවටත් ඒ නිසා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12 1 ව්‍යවස්ථාව අනුව සහතික කර තිබෙන එම්.ඩී.එස් ඇන්ටන් පෙරේරාගේ මූලික මිනිස් අයිතිවාසිකම් රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ සාමාජිකයන් විසින් කඩ කර ඇතැයිද ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර ඇත.

ඒ අනුව මූලික අයිතිවාසිකම් කඩ කළ පිරිස බවට කොමිෂන් සභාවේ සාමාජිකයන්, අනුප්‍රාප්තිකයන් සහ එහි ලේකම් ඇතුළු 19 දෙනෙකු ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නම් කර ඇති අතර එම පිරිස පහතින් දැක්වේ.

01 – ධර්මසේන දිසානායක – සභාපති
01 A – ජගත් බාලපටබැඳි – සභාපති
02 – මහාචාර්ය හුසෙයින් ඉස්මයිල් – සාමාජික
02 A – ඉන්ද්‍රානි සුගතදාස – සාමාජිත
03 – ආචාර්ය ප්‍රතාප් රාමානුජම් – සාමාජික
03 A – වී. ශිවඥානසෝති – සාමාජක
04 – වී. ජෙගරාසාසිංහම් – සාමාජික
04 A – ආචාර්ය ටී.ආර්.සී රුබේරු – සාමාජික
05 – එස්. රනුග්ගේ – සාමාජික
05 A – අහමඩ් ලෙබ්බේ මොහොමඩ් සලීම් – සාමාජික
06 – ඩී. ලක්සිරි මෙන්ඩිස් – සාමාජික
06 A – ලීලසේන ලියනගමගේ – සාමාජික
07 – සරත් ජයතිලක – සාමාජික
07 A – ඩයන් ගෝමස් – සාමාජික
08 – සුධර්මා කරුණාරත්න – සාමාජික
08 A – දිලිත් ජයවීර – සාමාජික
09 – ජී.එස්.ඒ ද සිල්වා පී.සී – සාමාජික
09 A – ඩබ්ලිව්.එච් පියදාස – සාමාජික
10 – එම්.ඒ.බී දයා සෙනරත් – ලේකම්

( Lanka Truth)

Archive

Latest news

Related news