Saturday, April 27, 2024

රාජ්‍ය රූපවාහිනියේ සහ ගුවන් විදුලියේ 40%- 50% පෞද්ගලික අංශයට

ඡායාරූපය: මෙම අමාත්‍ය මංඩළ පත්‍රිකාව ඉදිරිපත්කර ඇත්තේ බන්දුල ගූ විසිනි.

 ශ්‍රී ලංකා රුපවාහිනී සංසථාව සහ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව පුද්ගලීකරණ කිරීමේ මුල් පියවර සඳහා දැන් පිඹූරුපත් සැකෙසෙමින් තිබේ.

මෙම ආයතන දෙකම මහජන සේවා ජනමාධ්‍ය වශයෙන් පවත්වා ගත යුතු වුවද,  බලයට පත් සියලුම දේශපාලන පක්ෂ විසින් ස්වකීය ප්‍රචාරක ආයතන ලෙස අවභාවිත කිරීම නිසා මෙම ආයතන  පාඩු ලබන තත්වයට බවට පත්ව තිබේ.

කළකට පෙර මෙම ආයතන මහජන විශෟවාසය දිනා ගත් ලාභ ලබන ආයතන ලෙස පැවතී තිබේ.

ජාතික රූපවාහිනිය ලෙස හදුන්වන රූපවාහිනී සංස්ථාව ජපාන රජයෙන් මෙරටට ලැබුණූ පරිත්‍යාගයකි.

ඇමැති බන්දුල ගුණවර්ධන විසින් ඉදිරිපත් කරන ලද අමාත්‍ය මංඩළ පත්‍රිකාවකට අනුව මෙම ආයතන දෙක ඒකාබද්ධ කර ඉන් සියයට 40 බාහිර පාර්ශවයන් වෙත විකිනීමට යෝජනා කර තිබේ.

තවත් සියයට 8ක් මහජනයා වෙත නිකුත් කරනු ඇති බව ද ඉන් කියැවේ.

මෙම මුල් පියවර යටතේ ද ආයතන දෙක දේශපාලන හොරණෑ වශයෙන් පවත්වා ගැනීම පිනිස ස්වකීය ගජ මිතුරන්නට මෙම සියයට 40ක කොටස් ලබා දෙනු ඇතැයි ද වාර්තා වේ.

ඉන් අනතුරුව ඉතිරි කොටස් ද අලෙවි කිරීමට බොහෝ දුරටම ඉඩ ඇති බව ද වාර්තා වේ.

මෙම ආයතන සැබෑ මහජන සේවා මාධ්‍ය ලෙස පවත්වා ගෙන යැම පිනිස සිවිල් සමාජ ව්‍යාපාර විසින් දරන ලද ප්‍රයත්නයක්ට කවර රජයක් හෝ සාර්ථක ප්‍රතිචාරයක් දැක්වුයේ නැත.

අමාත්‍ය මංඩළ පත්‍රිකාවේ ආදළ කොටස පහත දැක්වේ.

Archive

Latest news

Related news