Saturday, April 27, 2024

ගාසාහි ජන ඝාතක යුද්ධය: ඊශ්‍රායල් ඝාතන ලැයිස්තුවේ මාධ්‍යවේදී ඝාතන 62ක්, එජා කාර්ය මණ්ඩල 108ක් සහ දේශසීමා රහිත වෛද්‍යවරු

ලෙබනන් නාලිකාවක් වන අල් මයාඩීන් ටීවී හි සේවය කළ වාර්තාකාරියක වන ෆාරා ඕමාර් සහ කැමරා ශිල්පී රබිහ් මෙමාරි නොවැම්බර් 21 වැනිදා දකුණු ලෙබනනයේ ටේර් හර්ෆා නගරයේ ඊශ්‍රායල ප්‍රහාරයකින් මරා දැමුණි.

එම මාධ්‍යවේදීනනිය සිය අවසන් සජීවී විකාශන සම්බන්ධතාව උදෑසන ලෙබනන-ඊශ්‍රායල් දේශසීමාව අසල සිදු කළ අතර එය අවසන් කිරීමත් සමඟම ඊශ්‍රාල හමුදා ප්‍රහාරයක් එල්ල කර ඔවුන් දෙදෙනා මරා දමන ලදි.

මේ සමඟ ඊශ්‍රාලය විසින් ඔක්තෝබර් 077 දින  ඝාතනය කරන ලද ජනමාධ්‍යවේදී සංඛ්‍යාව 62ක දක්වා ඉහළ නගී.

ගාසා තීරයේ ඊශ්‍රායලයේ හමුදා ප්‍රහාරය ද මාධ්‍යවේදීන් සඳහා පෙර නොවී විරූ මාරාන්තික මාසයක් නිර්මාණය කළ බවත් ඒ වන විට ජනමාධයවේදීන් 47 දෙනෙකු ඝාතනය කර තිබූ බවත් මාධ්‍යවේදීන් ආරක්ෂා කිරීමේ කමිටුව (CPJ) නොවැම්බර් 07 දින පෙර කියා සිටියේය.

පලස්තීන මාධ්‍ය පවසන්නේ  මේ වන විට, ඔක්‌තෝබර් 7 වැනිදා සිට ඊශ්‍රායලය විසින් පලස්‌තීන මාධ්‍යවේදීන් සහ මාධ්‍යවේදනියන් 60 ඝාතනය කර ඇත. ඔවුන්ගේ ඡායාරූප මෙන්න.

ගාසා තීරයට එරෙහි ඊශ්‍රායල ජන සංහාරක යුද්ධය ගැන අප බොහෝ දේ දැන ගැනීමට හේතුව මෙම වීරයන් වීරවිරියන්ය ය.

මේ අතර ලෝක සෞඛ්‍ය සංවිධානය අද ප්‍රකාශ කලේ  පලස්තීන භූමියේ ගාසා හි සිය කාර්ය මණ්ඩලයේ එක් අයෙකුගේ මරණය බර වූ හදවතින් යුතුව නිවේදනය කරන බවයි. 29 හැවිරිදි Dima Abdullatif Mohammed Alhaj, 2019 දෙසැම්බර් මාසයේ සිට ලෝක සෞඛ්‍ය සංවිධානයේ සේවය කර තිබේ. ඇය WHO කම්පන සහ හදිසි කණ්ඩායමේ තීරණාත්මක කොටසක් වන අත් පා ප්‍රතිසංස්කරණ මධ්‍යස්ථානයේ රෝගී පරිපාලිකාවක් ලෙස සේවය කළාය.

ගාසා නගරයෙන්  යාමට සිදු වූ විට ඇය සරණ පතා ගිය දකුණු ගාසා හි පිහිටි ඇගේ දෙමාපියන්ගේ නිවසට එල්ල වූ බෝම්බ ප්‍රහාරයකින් ඩීමා 21 දින මිය ගියාය. ඇය ඛේදජනක ලෙස ඝාතනය කරනු ලැබුවේ ඇගේ සැමියා, ඔවුන්ගේ මාස හයක පිරිමි දරුවා සහ ඇගේ සහෝදරයන් දෙදෙනා සමඟ ය. එම නිවසේම නවාතැන් ගත් පවුල් සහ ප්‍රජාවේ සාමාජිකයින් 50 කට අධික පිරිසක් ද මිය ගිය බව වාර්තා වේ.

ලෝක සෞඛ්‍ය සංවිධානයද වහාම යුද විරාමයක් ඉල්ලා සිටී.

තවද 21 දින ඊශ්‍රායල් හමුදා එල්ල කර ප්‍රහාරයකින් දේශසීමා රහිත වෛද්‍යවරු/මෙඩෙසින් සැන්ස් ෆ්‍රොන්ටියර්ස් (එම්එස්එෆ්)හි වෛද්‍යවරුන් තිදෙනෙකු වන වෛද්‍ය මහමුද් අබු නුජයිලා සහ වෛද්‍ය අහමඩ් අල් සහර් සහ වෛද්‍ය   සියාඩ් අල්-ටටාරි ඝාතනය කර තිබේ.

අල් අවුඩා රෝහල, උතුරු ගාසා තීරයේ ඉතිරිව ඇති අවසන් ක්‍රියාකාරී රෝහල්වලින් එකකි.

සිය සිතුවිලි ඔවුන්ගේ පවුලේ අය සහ සියලු සගයන් ඔවුන්ගේ මරණය ගැන ශෝක  වන බව දේශසීමා රහිත වෛද්‍යවරු සංවිධානය නිවේදනය කළේය.

එම නිවේදනය ප්‍රකාශයට පත් කළ අවස්ථාව වන විට, එතෙකුදුත් රෝගීන් 200 කට වැඩි පිරිසක්  Al Awda හි සිටි අතර ඔවුන්ට අවශ්‍ය ප්‍රතිකාර මට්ටම ලබා ගැනීමට නොහැකි වී ඇති බව  නිවේදනය සඳහන් කරයි.

රෝහල් ඇඳන් අසල වෛද්‍යවරුන් මරා දමනු දැකීම ඛේදවාචකයක් වන අතර මෙය දැන් නතර කළ යුතුය.

වෛද්‍ය පහසුකම් වලට පහර දීම ජාත්‍යන්තර මානුෂීය නීතිය බරපතල ලෙස උල්ලංඝනය කිරීමක් වන අතර පසුගිය සති කිහිපය තුළ මෙය ක්‍රමානුකූලව සිදු විය.  ගාසා තීරයේ වහාම සටන් විරාමයක් සඳහා වන අපගේ ඉල්ලීම නැවත අවධාරණය කරන බව දේශසීමා රහිත වෛද්‍යවරු ප්‍රකාශ කරයි.

නොවැම්බර් 20 වන විට සිවිල් වැසියන්ගේ මරණ සංඛ්‍යාව 16,413 ක් වන අතර 34,000 කට ආසන්න පිරිසක් තුවාල ලබා ඇත. මෙයින් අදහස් කරන්නේ සෑම පලස්තීන සිවිල් වැසියන් 142 දෙනෙකුගෙන් එක් අයෙකු මාස එකහමාරක් තුළ මරා දමා ඇත බවය.

මේ බව දැක්වෙන්නේ එක්සත් ජනපදයේ විශිෂ්ඨ නීති මහාචාර්ය සහ පලස්තීනය පිළිබඳ හිටපු එක්සත් ජාතීන්ගේ විශේෂ වාර්තාකරුවෙකු වන රිචඩ් ෆෝක් විසින් මෙහෙයවනු ලබන ස්වාධීන යුරෝ-මධ්‍යධරණී මානව හිමිකම් නිරීක්ෂක ආයතනයට අනුවය.

මරා දමන ලද සිය බාල සහෝදරයාගේ සිරුර රැගෙන යන පලස්තීන දරුවෙක්

මරා දමන ලද ජනයා අතුරෙන් සියයට 70ක් ස්ත්‍රීන් සහ දරුවන්ය.

සේ. පියවර්ධන විසිනි.

Archive

Latest news

Related news