Thursday, May 9, 2024

තෙවසරකට පෙර පළ කල ප්‍රභාකරන්ගේ ඡායාරූපය ගැන රහස් පොලිසිය මාධ්‍යවේදී අමුදන්ගෙන් ප්‍රශ්න කරයි!

ඡායාරූපය: උදයන් මාධ්‍යවේදී දිලීප් අමුදන්

ලංකාවේ ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය (TID) මේ සතියේ උදයන් මාධ්‍යවේදී දිලීප් අමුදන් ගෙන් පැය 4කට වැඩි කාලයක්   දෙමළ ජාතිකයින්ගේ ජාතික අනුස්මරණ දිනයක් වන Maaveerar Naal පිළිබඳ 2020 ලිපියක් ගැන ප්‍රශ්ණ කරන ලදී.

අමුතන් බදාදා කොළඹ ත්‍රස්ත විමර්ශන කොට්ඨාශ මූලස්ථානයට කැඳවා තිබූ අතර එහිදී ඔහුගෙන් ලිපිය සම්බන්ධයෙන් ප්‍රශ්න කරන ලදී. දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානයේ (එල්ටීටීඊ) නායක වේළුපිල්ලේ ප්‍රභාකරන්ගේ උපන්දිනය වන 2020 නොවැම්බර් 26 වන දින ඔහුගේ ඡායාරූප සහ උපුටා දැක්වීම් පුවත්පතේ පළ කිරීම සම්බන්ධයෙන් ද ඔහුගෙන් ප්‍රශ්න කරන තිබේ.

ප්‍රකාශනයෙන් සති කිහිපයකට පසු, ශ්‍රී ලංකා පොලිසිය ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) යටතේ යාපනය පදනම් කරගත් උදයන් පුවත්පතට එරෙහිව නඩුවක් ගොනු කළේය. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ උදයන් පුවත්පතේ ප්‍රකාශක ඊ.සරවනපවන් එවකට කියා සිටියේ මෙම නඩුව “දෙමළ ජාතිකවාදය වෙනුවෙන් පෙනී සිටින සියලුම දෙමළ ජනතාවට, මාධ්‍යවේදීන්ට සහ මාධ්‍ය ආයතනවලට පීඩා කිරීමේ මාර්ගයක්” බවයි.

සරවනපවන් කියා සිටියේ තමාට හෝ පුවත්පත් කාර්යාලයට චෝදනා සම්බන්ධයෙන් නිල වශයෙන් දැනුම් දී නොමැති බවත්, ඔවුන් මෙම නඩුව පිළිබඳව අන්තර්ජාල ප්‍රවෘත්ති වාර්තා හරහා දැනගත් බවත්ය.

1985 දී ඉන්දියානු සාම සාධක හමුදාව (IPKF) විසින් උදයන් කාර්යාලයට ෂෙල් ප්‍රහාර එල්ල කිරීමත් සමඟ එහි ප්‍රතිඵලයක් ලෙස 7 දෙනෙකු ඝාතනය විය. සන්නද්ධ ගැටුමේදී සහ ඉන් පසුවද උදයන් පුවත්පතේ මාධ්‍යවේදීන් සහ කාර්යාල ශ්‍රී ලංකාවේ ආරක්ෂක හමුදා සහ අතුරු හමුදා විසින් නිතර ප්‍රහාරවලට ලක් විය.

එල්.ටී.ටී.ඊ නායකයා වෙනුවෙන් සමාජ මාධ්‍ය ජාලාවල උපන්දින සුබපැතුම් පළ කළ බව කියන චෝදනාව මත ශ්‍රී ලංකා පොලිසිය ඒ වන විට මඩකලපුවේ පමණක් දෙමළ ජාතිකයන් 19 දෙනෙකුවත් අත්අඩංගුවට ගෙන තිබුණි.

අමුතන්ට ශ්‍රී ලංකා බලධාරීන්ගෙන් බලපෑම් එල්ල වූ පළමු අවස්ථාව මෙය නොවේ. 2018 දී ශ්‍රී ලංකා හමුදාව දෙමළ මාධ්‍යවේදියා සම්බන්ධයෙන් හමුදා බුද්ධි වාර්තාවක් තබා ඇති බව පිළිගත්තේය.

ලිපිය සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම  සිදුව ඇත්තේ නොවැම්බර් 27 දින සැමරෙන Maaveerar Naal සඳහා සූදානම් වීම මේ සතියේ ආරම්භ වීමත් සමඟ ය.

( ටැමිල් ගාර්ඩියන් අසුරෙනි)

Archive

Latest news

Related news