Saturday, July 27, 2024

බිලියන ගණනින් හොරා කෑ උන් රජ කරන රටේ දරුවන්ගේ බඩගින්නට ගස්ලබු තුනක් කැඩූ පියාට රු. 50,000ක ඇපයක්

කුසගින්නේ හඬනා තම දරුවන්ට ආහාර ලෙස ලබාදීමට අන්සතු ඉඩමකින් ගස්ලබු ගෙඩි තුනක් සොරාගත් පුද්ගලයකු දෙයියන්දර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඔහුට පනස්දහසක ඇපයක් හා ශරීර ඇපයක් තබන ලෙසත්, නොවැම්බර් 27 වැනිදා නැවත අධිකරණයේ පෙනී සිටින ලෙසත් වැඩබලන මහෙස්ත්‍රාත් ප්‍රසන්න කොඩිතුවක්කු මහතා විසින් නියම කෙරිණි.

මෙසේ නියම වූයේ චුලම්පිටිය ගමගේ සුදම් කුමාර නමැති වේපතඉර හක්මණ පදිංචිකරුවකුටය.

දින ගණනාවකින් තම දරුවන්ට කුසට නිසි අහරක් දෙන්න බැරි වූ නිසා මෙම දෙය ඔහු කළ බව සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ චම්පිකා ගමගේ මහත්මිය අධිකරණයට කරුණු දක්වමින් කීවේය.

හක්මණ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සනත් කුමාර මහතාගේ උපදෙස් මත පො. සැරයන් 925 සෝමසිර මහතා පෙනී සිටියේය.

උපුටා ගත්තේ මුලටියන – කේ. වසන්ත (දිවයින) වෙතිනි

මේ ගීයටත් සවන් දෙන්න!

තුමුල බල ඇති තෙදැති දෙවඟන

තුමුල බල ඇති තෙදැති දෙවඟන

සැකයි මට ඔබෙ කුමරි බඹසර

රජුගෙ මිරිවැඩි ලකුණු තිබුණලු

ඔබගෙ දෙවොලේ යහන පාමුල //

ඉරා සළු පට බැඳුනු නෙතු යුග

තරාදිය ගෙන හෙළා ගඟ දිය

තලා අසිපත නසා එහි බල

පසිඳලිය හැකිවේද යුක්තිය

 

තුමුල බල ඇති තෙදැති දෙවඟන

සැකයි මට ඔබෙ කුමරි බඹසර

රජුගෙ මිරිවැඩි ලකුණු තිබුණලු

ඔබගෙ දෙවොලේ යහන පාමුල

ධවල සළු පිළි සොරුන් ගත්තෙද

මිණි මෙවුල් දම් ගරා හැලුණිද

ඔබේ ගත රැඳි දුහුල් සළුපොට

හමන සුළඟට ඉගිල යාවිද…

තුමුල බල ඇති තෙදැති දෙවඟන

සැකයි මට ඔබෙ කුමරි බඹසර

රජුගෙ මිරිවැඩි ලකුණු තිබුණලු

ඔබගෙ දෙවොලේ යහන පාමුල..//

ගායනය: අමරසිරි පීරිස්

පද රචනය: උපාලි ජයමාන්න

සංගිතය: ඩැනිස්ටර් පෙරේරා.

Archive

Latest news

Related news