Sunday, April 28, 2024

මංත්‍රී ලේකම්ලා මිලියන 150 බැගින් රට තැන්පත් කරලා – විජේදාස රාජපක්ෂ වනලා ගහයි!

පසුගිය වසර කිහිපය තුළ ඇමෙරිකානු ඩොලර් බිලියන 56ක මුදලක් ප්‍රබල පුද්ගලයන් විසින් විදේශයන්හි ගාල් කර ඇති බව අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා අද පාර්ලිමේන්තුවට දැනුම් දී තිබේ.
“මේ වසරේ පමණක් ඩොලර් බිලියන 9ක මුදලක් නවතා තිබෙනවා,” අමාත්‍යවරයා පවසා ඇත.
මෙම පුද්ගලයින්ට විදේශයන්හි රඳවා ඇති මුදල් ආපසු ගෙන්වා ගැනීමට නියෝග කරන ලෙස විශේෂ යෝජනාවක් මා යෝජනා කරනවා. සමහර මන්ත්‍රීවරුන්ගේ ලේකම්වරු ඉන්නවා ඩොලර් මිලියන 150කට වඩා ගාල් කරලා.” අමාත්‍යවරයා අනාවරණය කළේය.
නමුත් එම මංත්‍රීවරුන් කව්රුන්දැයි නොකීමට රාජපක්ෂ ප්‍රවේසම් විය.
“මෙම රඳවා ඇති අරමුදල් නැවත ගෙන එන්නේ නම් ශ්‍රී ලංකාව අනෙකුත් ජාතීන්ට ගෙවිය යුතු සියලුම ණය පියවීමට හැකි වනු ඇත,” ඔහු වැඩිදුරටත් පවසා තිබේ.

Archive

Latest news

Related news