මුල් පින්තූරය ඩේලි මිරර් පුවත්පතිනි
නොවැම්බර් 27වන දින ලංකාවට ඓතිහාසික දිනයක් විය. එදින 15.43 පැයට චීනයේ සීචැන්ග් (Xichang Space Center in Sichuan Province ) අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙන් කක්ෂගත කරන්නේ ලංකාවේ ප්‍රථම සහ එකම සන්නිවේදන චන්ද්‍රිකාවයි. එය සුප්‍රීම්සැට් 1 හැටියට නම් කොට තිබුණි. එහෙත් මේ දිනවල සමහරුන් මෙය හඳුන්වන්නේ “චිචියාන් 1” ලෙසයි. මෙම සැටලයිට් ව්‍යාපෘතිය සඳහා චීන එක්සිම් බැංකුවෙන් ලබාගත් වාණිජ ණයක් වූ ඩොලර් මිලියන 360 ක් වියදම් කොට ඇති බව වාර්තා වී ඇත.
ඉන්දියාව පසුගිය දා චන්ද්‍රයාන් 3 නමින් මිනිසුන් රහිත රොකට්ටුවක් සඳමත ගොඩ බෑවේය. මීට පෙර චන්ද්‍රයාන් 1 (2008) සහ 2 (2019) අසාර්ථක වුවත් චන්ද්‍රයාන් 3 (2023) ඉතා ඉහළ සාර්ථකවයක් ලබමින් සඳමත ගොඩබැසීමෙන් පසු මේ දිනවල පර්යේෂණ කරමින් සිටී. චන්ද්‍රයාන් 1,2, සහ 3 සඳහා කළ සම්පූර්ණ වියදම ඩොලර් මිලියන 263 කි. ඉන් අඩුම වියදමක් දැරූ චන්ද්‍රයාන් 3 සඳහා වැය වී ඇත්තේ ඩොලර් මිලියන 75ක් වැනි ඉතා අඩු පිරිවැය කි.
ඩොලර් මිලියන 360 ක් වියදම් කළේ කොහොමද?
සැටලයිටයක් සඳහා යන වියදමට වඩා ඉතා වැඩි වියදමක් රොකට්ටුවක් සඳහා යන බව අමුතුවෙන් කිව යුතු නැත. කෙසේ වෙතත් මේ දිනවල ලංකාවේ පවතින සාකච්ඡාව නම් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බාල පුතා, රෝහිත රාජපක්ෂගේ සුප්‍රීම්සැට් 1 සැටලයිට් ව්‍යාපෘතිය සඳහා ඩොලර් මිලියන 360 ක් වියදම් වූයේ කෙසේද යන්නයි.
එවකට 2010-2015 රාජපක්ෂ රජයේ විද්‍යා හා තාක්ෂණ ඇමැති සුසිල් ප්‍රේමජයන්ත ඊයේ පාර්ලිමේන්තුවේ අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ප්‍රකාශ කළේ ඔහු මෙවැනි සැටලයිටයක් පිළිබඳ දැන නොසිටි බව යි.
https://www.dailymirror.lk/breaking-news/SL-s-SupremeSAT-costed-USD-320mn-when-India-spent-USD-263mn-for-Chandrayaan-3-Sajith/108-265952
සුප්‍රීම්සැට් 1 සොයා ගන්න නාසා ආයතනටවත් බෑ
2012 සුප්‍රීම්සැට් 1 සැටලයිටය කක්ෂගත කිරීමත් සමග ලෝකයේ සන්නිවේදන චන්ද්‍රිකාවක් සතු 45වන රට බවට ලංකාව පත්විය. මීට පෙර ඉන්දියාව, සහ පකිස්තානය පමණක් මෙවැනි සැටලයිට් යවා තිබුණි. අද බංකොලොත් වුවත් චන්ද්‍රිකාවක් හිමි දකුණු ආසියාවේ තුන් වන රට ලංකාව වීම සතුටට කරුණකි. එහෙත්, පුදුමය සුප්‍රීම්සැට් 1 චන්ද්‍රිකාව කක්ෂයේ රඳවා තිබෙන ස්ථානය නිවැරැදිව සොයා ගැනීමට අමෙරිකාවේ නාසා (NASA) ආයතනයටද මෙතෙක් නොහැකි වී තිබීමය.
https://www.deccanherald.com/world/china-launches-sri-lankas-first-2375161
“මට ළමා කාලයේ සිටම සිහිනයක් තිබුණා” -චිචී
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බාලම පුතා රෝහිත රාජපක්ෂ නොහොත් “චිචී” මෙම ව්‍යාපෘතියේ ප්‍රධාන ඉංජිනේරුවා වන අතර ඔහු එතෙක් මෙතෙක් බිහිවූ ලාබාලම සහ ලංකාවේ එකම චන්ද්‍රිකා විද්‍යාඥයා බව ඔහු විසින්ම මාධ්‍යට ප්‍රකාශ කොට තිබුනේ මෙසේය. ” I had a vision from my childhood… I talked to SupremeSAT regarding this programme as I wanted to take the name of Sri Lanka to space.”
මෙහි සරල සිංහල තේරුම “මට ළමා කාලයේ සිටම සිහිනයක් තිබුණා. මම ඒ සම්බන්ධව සුප්‍රීම් සැට් සමාගමට කිව්වා. මට ඕනේ වුනා ලංකාවේ නම අභ්‍යවකාශයට ගෙනයන්න.”
https://www.lankanstuff.blogspot.com
ඔහු ලංකාවේ නම අභ්‍යවකාශයට ගෙන යැම අපිට ප්‍රශ්නයක් නැත. ඒත් අපිට ඇති ප්‍රශ්නය ඒ සඳහා ලංකාවේ මිලියන 22ක ජනයා උකසට තබා චීන එක්සිම් බැංකුවෙන් (Exim Bank) ලබා ගත් ඩොලර් මිලියන 360 ක ණය ගෙවන්නේ මේ රටේ ජනයා වන අපය.
https://archives.sundayobserver.lk/2012/10/21/fin01.asp
මනිවානන් සහ චිචී ගැහූ ගේම
ලෝකයේ පිළිගත් ඔබ්සර්වර් පර්යේෂණ පදනම (Observer Research Foundation (ORF)) 2018 ජුනි මස නිකුත් කල වාර්තාවක පිටු අංක 07 සිට 10 දක්වා මෙම “SupremeSAT 1” ව්‍යාපෘතියේ සියළු තොරතුරු අනාවරණය කොට ඇත.
https://www.orfonline.org/wp-content/uploads/2018/07/ORF_SpecialReport_70_China_SatCom.pdf
මෙම චන්ද්‍රිකාව යැවීමේ කටයුත්තේ අතරමැදියන් හැටියට කටයුතු කොට තිබෙන්නේ කුප්‍රකට ඩීල් කරුවකු වන මනිවානන්ට අයත් සමාගමකි. මෙම ORF පර්යේෂණ වාර්තාවට අනුව මනිවානන්ගේ සමාගම චීනයේ ඉවත් කළ චන්ද්‍රිකාවක් කුලියට ගෙන එය සුප්‍රීම් සැට් (SupremeSat 1) හැටියට නම් කළ බවත්, මෙම ව්‍යාපෘතිය සඳහා රෝහිත රාජපක්ෂ මැදිහත් වී චීන එග්සිම් බැංකුවෙන් ණයක් ලබා ගෙන ඇති බවත් පෙන්වා දී ඇත.
මේ සියළු කරුණු විශ්ලේෂණය කිරීමේදී පෙනී යන දේ
අද වටිනාකම රුපියල් බිලියන 115.20 ක්
අද පවතින විනිමය අනුපාතයට අනුව ඩොලරය රුපියල් 320 ක් ලෙස සැලකුව හොත් ලබා ගෙන තිබෙන සම්පූර්ණ ණය මුදල රුපියල් බිලියන 115.20 ක් පමණ වෙයි. (360,000,000X320=115,200,000,000) මෙම මුදල රටේ සංවර්ධන කටයුත්තක් සඳහා ජනාධිපති රාජපක්ෂ යෙදවූයේ නම් ලබා ගත හැකිව තිබූ ප්‍රතිලාභ කොපමණ ඇත්ද? උදාහරණයක් හැටියට අප මෙසේ බලමු.
= ඇඳන් 200 ක ග්‍රාමීය රෝහල් 575 ක්
1) රෝහලකට රුපියල් මිලියන 200 බැගින් වැයකොට ඇඳන් 200 ග්‍රාමීය රෝහල් රෝහල් 575ක් රට වටේ ගොඩනැගීමට හැකියාව තිබුණි. රටේ දිස්ත්‍රික්ක 25 පුරාම එක දිස්ත්‍රික්කයකට රෝහල් 23 -25 අතර රෝහල් ප්‍රමාණයක් ගොඩ නගා ග්‍රාමීය සෞඛ්‍ය පද්ධතිය සංවර්ධනය කිරීමට අවස්ථාව තිබුණි.
= පරිඝනක විද්‍යා තාක්ෂණික ආයතන 115 ක්
2) ලෝකයේ පරිඝණක ඉංජිනේරුවන් සහ තාක්ෂණික ශිල්පීන් සඳහා විශාල ඉල්ලුමක් ඇත. මෙම චන්ද්‍රිකාව සඳහා වියදම් කළ මුදල යොදා ගෙන රුපියල් බිලියන 1 බැගින් වියදම් කළේ නම් පරිඝණක විද්‍යාව ඉගැන්වීම සඳහා උසස් තාක්ෂණික විද්‍යාල 115 ක් ගොඩනැගීමට පුළුවන් කම තිබුණි. එසේ එක් ආයතනයකට වසරකට උපාධි හෝ උසස් ඩිප්ලෝමා සඳහා ළමුන් 1000 ක් බඳවා ගන්නේ නම් ළමුන් 115,000 ක් වසරක් තුල ශ්‍රම වෙඳපොළට සැපැයිය හැකිව තිබුණි. පහසුවෙන්ම වාර්ෂිකව ඩොලර් බිලියන 1ක් ආදායමක් උපයා ගැනීමටද පුළුවන් කම තිබුණි.
= වෛද්‍යවරුන් 23,000 ක්
3) විශ්වවිද්‍යාලයකින් වෛද්‍යවරයකු බිහිකිරීමට රුපියල් මිලියන 5 ක් පමණ දළ වශයෙන් වැය කරයි (අවුරුදු 5 ක් සඳහා). සුප්‍රීම් සැට් 1 සඳහා වැය කල ඩොලර් මිලියන 360 විශ්වවිද්‍යාල වලට ලබා දී ලංකාවට අවශ්‍ය වෛද්‍යවරුන් 23,000 ක් බිහිකර ගැනීමට හැකියාව තිබුණි.
=හෙදි පුහුණු පාසැල් 230 ක්
4) ලෝකයේ හෙදියන් සහ සාත්තු සේවකයින් සඳහා විශාල ඉල්ලුමක් ඇත. රුපියල් මිලියන 500 බැගින් වියදම් කොට හෙදි පුහුණු ආයතන ගොඩනැගුවේ නම් එවැනි පුහුණු පාසැල් 230 ක් රට පුරා සාදා දීමට හැකියාව තිබිණි. වසරකට හෙදියන් 10000 ක් පමණ විදේශ ශ්‍රම වෙළඳපොළට සපයා වසරකට ඩොලර් මිලියන 1,000-1,500 අතර ආදායමක් උපයා ගැනීමට පුළුවන් කම තිබුණි.
= පාසැල් ගොඩනැගිලි 1150 ක්
5) වර්ග අඩි 20000 පාසැල් ගොඩනැගිලි එකක් රුපියල් මිලියන 100 බැගින් වියදම් කොට සාදා දුන්නේ නම් එවැනි ගොඩනැගිලි 1150 ක් සාදා දීමට පුළුවන් කම තිබිණි.
මේවායින් එකක් හෝ කිහිපයක් කළේ නම් ලංකාවට මෙවැනි තත්ත්වයක් අද ඇති නොවී තිබීමට ඉඩ තිබුණි. ලංකාවේ මෙතෙක් සිටි පාලකයන් ගත් ණය ඵලදායි ලෙස ආයෝජනය කලේ නම් මිලියන 22 ක් වැනි කුඩා ජනගහනයක් සිටින ලංකාව මේ වන විට ලෝකයේ සතුටින්ම සිටින ජනතාවක් ඇති පළමු රටවල් 10 ඇතුළත තිබෙන රටක් බවට පත්කළ හැකිව තිබුණි. එහෙත් ඒ වෙනුවට සිදුවූයේ සතුටින්ම සිටින දේශපාලකයන් පිරිසකුත් ඔවුන්ට හිතවත් ඉතා සතුටින් සිටින කූඨ ජාවාරම් කරුවන් කිහිප දෙනෙකුත් ඉතාම අසතුටින් හා මරණ බියෙන් ජීවත් වන ජනතාවක් සිටින රටක් බවට ලංකාව පත් වීම පමණි. බංකොලොත් වී ඇති රටේ අදටත් සිදුවන්නේ එයමය.
මේ රාජපක්ෂ හොර නඩයේ එක් කෙරුවාවක් පමණයි
රට මේ තත්ත්වයට පත්වීම සම්බන්ධව රටේ ජනයාටද වැඩි වගවීමක් පැවරෙන්නේය. මෙවැනි දූෂිත පාලකයන් බලයට ගෙන ඒමට වසර පහෙන් පහට රටේ බහුතර ජනයා වන ඔබ ඡන්දය ලබා දී ඇත. තවදුරටත් මේ දූෂිත පාලකයන් පසු පස යන පිරිස් සිටින බව පැහැදිලි ය. එය ඔවුන්ගේ වගේම රටේද අවාසනාවකි. එය ඔවුන්ගේ කර්මය නම් අපට කළ හැක්කක් නොමැත. කෙසේ වෙතත් නුවණ පහල වී ඉන් ගැලවීමට ඔවුන්ට අවශ්‍ය නම් ඉතිරිව ඇත්තේ එකම එක් මගකි. එය නම් අදූෂිත, නිවැරැදි වැඩ පිළිවෙළක් සහ දැක්මක් ඇති අලුත් පිරිසකට මේ රටේ පාලනය භාර දී අවම වශයෙන් වසර පහක් රට පාලනය කිරීමට අවස්ථාව ලබා දීමය. එයට තවත් ප්‍රමාද නැත. තීරණය රටේ ජනයා සතූය.
-ශාන්ත ජයරත්න
ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේ හිටපු ජ්‍යෙෂ්ඨ උපදේශක
( උපුටා ගැනීම ලංකා ඊ නිව්ස් වෙතිනි)