Friday, November 22, 2024

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ: ‘රාජ්‍ය අංශයේ නරකම සැළකිල්ල ගුරුවර ගුරුවරියන්ට – තාරා ඩි මෙල්

පළමුවෙන්ම, අපි හොඳ තත්ත්වයේ අධ්‍යාපනයක් ලබා ගැනීමට ඇති ප්‍රවේශය ප්‍රජාතන්ත්‍රවාදී කළ යුතුයි. රජයේ පාසල්වලට යන සිසුන්ගෙන් බහුතරයකට හොඳ ගුණාත්මක අධ්‍යාපනයක් සඳහා ප්‍රවේශයක් නැහැ. මා අදහස් කරන්නේ විද්‍යාව, තාක්‍ෂණය, ඉංජිනේරු සහ ගණිත (STEM) විෂයයන් සඳහා ප්‍රවේශය සහ තොරතුරු තාක්‍ෂණය (IT), කෘතිම බුද්ධිය (AI) වැනි තාක්‍ෂණය වැනි STEM  විෂයයන්  සහ මූලික සහ උසස් යටිතල පහසුකම් සහිත හොඳ පාසල්වලට ප්‍රවේශය වීමට ඇති අවස්ථාවන්.

පාසල් 10,150යි;STEM විෂයන්‍ට 950යි!

සෑම වසරකම අවුරුදු පහක් වයසැති දරුවන් 350,000 ක් පළමු ශ්‍රේණියට ඇතුළත් වෙනවා. 11 ශ්‍රේණියේදී  100,000 ක් පමණ පද්ධතියෙන් පිටව යනවා.  අ.පො.ස උසස් පෙළ  විෂයයන් සඳහා පන්ති පවත්වන්නේ පාසල් 10,150 න් 3,000 ක් පමණයි.  සංඛ්‍යාවෙන් පවා STEM විෂය (science,   technologyengineering and mathematics) ධාරාවන් (එනම් අභ්‍යවකාශ ඉංජිනේරු, තාරකා විද්‍යාව, ජෛව රසායනය, ජීව විද්‍යාව, රසායනික ඉංජිනේරු විද්‍යාව, රසායන විද්‍යාව සම සිවිල් ඉංජිනේරු විද්‍යාව, පරිගණක විද්‍යාව වැනි) සහ ඉංග්‍රීසි පන්ති ඇත්තේ පාසැල් 950 ක (එනම් 10%) පමණකි.

“අපිට ඇත්තටම නිදහස් අධ්‍යාපනය කියා ඇත්තේ මතුපිට පෙනුමක් පමණයි.”

තවද, 250,000 ක් උසස් පෙළට පෙනී සිටින විට නොමිලයේ අධයාපනය ලබා දෙන  රාජ්‍ය විශ්වවිද්‍යාලවලට ඇතුළත් වන්නේ 20,000 ට අඩු ප්‍රමාණයක්. ඉන් පෙනෙන්නේ, පාසල් හැර යන අයගෙන් වැඩි පිරිසකට තෘතීයික අධ්‍යාපනය සඳහා මුදල් ගෙවීමට සිදුවන බවයි. එතෙක් බොහෝ දෙමාපියන්ට අතිරේක උපකාරක පන්ති සඳහා අරමුදල් සොයා ගැනීමට සිදු වෙනවා.
අපිට ඇත්තටම නිදහස් අධ්‍යාපනය කියා ඇත්තේ මතුපිට පෙනුමක් පමණයි.
විවේචනාත්මක චින්තනය, නිර්මාණශීලිත්වය, විශ්ලේෂණාත්මක සහ ගැටළු විසඳීමේ කුසලතාවයන්ට අවම  අවධාරණය අවධාරණයක් දෙමින් පාඩම් කිරීම ප්‍රවර්ධනය කරන ගුරු කේන්ද්‍රීය, විභාග මත පදනම් වූ, යල් පැන ගිය විෂයමාලා විසින් තරුණ, හැඩගැසෙන මනස්වල බුද්ධිමය වර්ධනය සහ නව්‍යකරණය අඩාල කරනවා.
ගුරුවරුන් සහ ගුරුවරියන් සෑම අධ්‍යාපන ක්‍රමයකම කොඳු නාරටියයි.  අපගේ බොහෝ ගුරුවර ගුරුවරියන් ඉතා හොඳ යි. තවද, ඔවුහු සිසුන්ට උසස් තත්ත්වයේ අධ්‍යාපනයක් ලබා දීමට අවංකවම උනන්දු වෙනවා.
එහෙත්, ඔවුන්ට ලැබෙන්නේ විශම සැළකීමක්. ගෙවන වැටුප් අප්‍රමාණවත්. ඔවුන්ට ඇත්තේ අවම වෘත්තීය අපේක්ෂාවන්.  වෘත්තීය සංවර්ධනය සහ ස්වයං සවිබල ගැන්වීම සඳහා ඔවුන්ට ඇති අවස්ථා ඉතා සුලුයි.

“තාක්‍ෂණය ගෙන එන ‘යහපත’ අප පිළිගත යුතුයි.”

තාක්ෂණය අද අධ්‍යාපනයේ අනිවාර්ය අංගයක්. එක්සත් ජාතීන්ගේ අධ්‍යාපනික, විද්‍යාත්මක හා සංස්කෘතික සංවිධානය (UNESCO) විසින් නවතම ගෝලීය අධ්‍යාපන නිරීක්ෂණ වාර්තාව (GEMR) නිකුත් කරන ලද අතර ගෝලීය උතුරේ සහ දකුණේ රටවල් අධ්‍යාපනයට තාක්‍ෂණය වේගයෙන් ඒකාබද්ධ කරන ආකාරය විස්තර කරනවා.
තාක්‍ෂණය ගෙන එන ‘යහපත’ අප පිළිගත යුතුයි.
හොඳ තත්ත්වයේ අන්තර්ජාල සම්බන්ධතාවයක් සහ සුදුසු උපාංග සඳහා ප්‍රවේශය ඇති පාසල් ශ්‍රී ලංකාවේ තවමත් ඇත්තේ 50% කටත් අඩු ප්‍රමාණයක්. වාසනාවකට මෙන්, කොවිඩ් 19 වසංගතය අපගේ දැවැන්ත ඩිජිටල් බෙදීම හෙළිදරව් කළා. අප කවදා හෝ අධ්‍යාපනයට තාක්‍ෂණය ඒකාබද්ධ කිරීමට බලාපොරොත්තු වන්නේ නම්, මෙය හැකි ඉක්මනින් පියවා ගත යුතු පරතරයක්.

“ජාතික විභාග තුන (පස්වන ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය, අ.පො.ස. සා.පෙළ සහ උ/පෙ) අපේ සිසුන් මුහුණ දෙන දැවැන්ත මානසික පීඩනයට සහ කාංසාවට ප්‍රධානතම හේතුවයි.”

විභාග ඉලක්ක කරගත් අධ්‍යාපන ක්‍රමයේ වෙනස්කම් ඇති කිරීම, තාක්ෂණය හා සම්බන්ධ විෂයයන්, විශේෂයෙන් කෘතිම බුද්ධිය හඳුන්වාදීම සහ පාසල් විෂය මාලාවේ බර අඩු කිරීම යනාදී ප්‍රතිපත්ති-ප්‍රතිඥා සියල්ල වරප්‍රසාද ලත් පාසල් කිහිපයක පමණක් නොව සියලුම පාසල්වල පන්ති කාමර තුළ ක්‍රියාවට පරිවර්තනය කළ හොත්  සතුටු වෙන්න පුලුවන්.
ජාතික විභාග තුන (පස්වන ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය, අ.පො.ස. සා.පෙළ සහ උ/පෙ) අපේ සිසුන් මුහුණ දෙන දැවැන්ත මානසික පීඩනයට සහ කාංසාවට ප්‍රධානතම හේතුවයි. මෙම විභාග සිසුන්ට හිතකර නැහැ.
ඒවා මූලික වශයෙන් පරීක්ෂා කරන්නේ කටපාඩම් කිරීමේ ඉගෙනීමයි.  එමගින් නව්‍ය ක්‍රම භාවිතා කරමින් ඉගෙනීමේ ප්‍රතිඵල පරීක්ෂා කරන්නේ නැහැ. මේ විභාග ඉතා යල් පැන ගිය ඒවා.
මෙම විෂයමාලා වෙනස් කිරීම් ගැන බලධාරීන් බැරෑරුම් ලෙස සලකන්නේ නම්, මෙම විෂයයන් සඳහා ගුරුවරුන් අධ්‍යාපනය ලබන ආකාරය සහ ඔවුන් බල ගැන්වීම සහ පුහුණුව ලබා දෙන ආකාරය සහ අපට ඇති ගුරු හිඟය  පියවා ගැනීමට දක්ෂ ගුරුවරුන් බඳවා ගන්නේ කෙසේදැයි බැලීම අවශයයි.
ඉහත කී සෑම විෂයයකට ම ප්‍රමාණවත් පුහුණු ගුරුවරුන් සංඛ්‍යාවක් සිටීම අනිවාර්ය අවශ්‍යතාවයක්. එසේම, තාක්‍ෂණික විෂයයන් හෝ කෘතීම බුද්ධිය කාර්යක්ෂමව ඉගැන්විය හැකි මූලික අවශ්‍යතා, තාක්ෂණ සහ ඩිජිටල් යටිතල පහසුකම් වලින් දිවයිනේ සෑම ප්‍රදේශයකම පාසල් සන්නද්ධ කිරීමට සැලසුම් කරන්නේ කෙසේද යන්න ප්‍රශ්නයක්.
කලා හා මානව ශාස්ත්‍ර ආශ්‍රිත විෂයයන් අනුගමනය කරන අයට බොහෝ විට තරඟකාරී රැකියා වෙළඳපොලේ වැඩි අවස්ථා ලැබෙන්නේ නැහැ.
අද අපි ජීවත් වන්නේ  21 වන සියවසේ, කෘතීම බුද්ධි ව්‍යාජ අනුකාරකයින් සහ සයිබර් තර්ජන වේගයෙන් වේගවත් වන සිව්වන සහ පස්වන කාර්මික විප්ලවයන් විසින් පාලනය වන ලෝකයකය. එබැවින්, මානව ශාස්ත්‍ර, කලාව සහ ඒ හා සමාන විෂයයන් වල වටිනාකම වඩාත් අදාළ වෙනවා. ඇත්ත වශයෙන්ම ‘මානුෂික තාක්ෂණය’ ප්‍රමුඛතාවය විය යුතුයි.
ඉතිහාසඥයන්, දාර්ශනිකයන්, දේශපාලන විද්‍යාඥයන් සහ ඊට අනුබද්ධ විෂයයන් නොමැතිව කිසිදු රටකට දිගු කලක් පවතින්න බැහැ. ශ්‍රී ලංකාවේ උසස් පෙළ සිසුන්ගෙන් වැඩි ප්‍රමාණයක් කලා හා මානව ශාස්ත්‍ර සහ ඒ ආශ්‍රිත විෂයයන් ඉගෙන ගන්නවා. ඒ සමහර විට ඇති අවස්ථා විරල නිසා. එහෙත්, එම විෂයයන් සහ ඒවා උගන්වන ගුරුවරුන් සඳහා වටිනාකමක් ලබා දෙන්නේ නැති තරම්ය..

“සංක්‍රමණය වන විද්වතුන්ට ‘දඬුවම් කිරීම’ වැනි දරුණු පියවර ගැනීමට පෙර, ඔවුන් එසේ කරන්නේ මන්දැයි අප පළමුව සොයා බැලිය යුතුයි. විද්‍යාඥයෙකුට ඔහුගේ/ඇයගේ විශ්වවිද්‍යාල පරිසර පද්ධතිය තුළ සමෘද්ධිමත් වීමට නම්,…”

විෂයමාලා නවීකරණය, නව අධ්‍යාපනය, ඉංග්‍රීසි නිපුණතාවය වැනි භාෂා කුසලතා සහ ගෝලීය වශයෙන් අදාළ ඉගෙනුම්  වෙත ප්‍රවේශය සහ තාක්ෂණික කුසලතා ඒකාබද්ධ කිරීමට ප්‍රමුඛත්වය ලබා දී නැහැ.
ඇත්ත වශයෙන්ම විෂයමාලා ප්‍රතිසංස්කරණ, ගුරු සංවර්ධනය, පහසුකම් වැඩිදියුණු කිරීම සහ ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූල ඉගෙනීම් සඳහා ප්‍රමුඛත්වය දිය යුත්තේ කලා හා මානව ශාස්ත්‍ර සම්බන්ධ විෂයයන්ය. එය කලා හා මානව ශාස්ත්‍ර හදාරන සිසුන් වැඩි උනන්දුවක් දක්වන  නව රැකියා වෙළඳපොළ සඳහා සුදුසු බවට පත් කිරීමේ ආරම්භක පියවරක් වේවි.
විශ්වවිද්‍යාල ආචාර්යවරු ඇතුළු විද්වතුන් විශාල වශයෙන් මේ වන විට රට හැර යමින් සිටිනවා. ඊට පිළියමක් ලෙස නිසි දැනුම්දීමකින් තොරව රටින් පිටවන පුද්ගලයින්ට දඩුවම් ලබාදීමට රජයේ අවධානය යොමුව තිබෙනවා.
සංක්‍රමණය වන විද්වතුන්ට ‘දඬුවම් කිරීම’ වැනි දරුණු පියවර ගැනීමට පෙර, ඔවුන් එසේ කරන්නේ මන්දැයි අප පළමුව සොයා බැලිය යුතුයි. විද්‍යාඥයෙකුට ඔහුගේ/ඇයගේ විශ්වවිද්‍යාල පරිසර පද්ධතිය තුළ සමෘද්ධිමත් වීමට නම්, ඉගැන්වීම්-ඉගෙනීමේ ක්‍රියාවලීන්හි තෘප්තිය, නව්‍යකරණයට ඇති නිදහස, පර්යේෂණ සඳහා පහසුකම් තිබීම, හිරකරමින් සිටින නිලධාරිවාදය ඉවත් කිරීම, ප්‍රමාණවත් වැටුප්, ශාස්ත්‍රීය පිළිගැනීම සහ තවත් බොහෝ දේ තිබිය යුතුයි.
අධ්‍යාපනය සඳහා සැබෑ ප්‍රමුඛතාවයක් ලබා දී ඇති රටවල් කිහිපයක් සහ ඔවුන් තම විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ට සහ පාසල් ගුරුවරුන්ට සැලකන ආකාරය අප අධ්‍යයනය කළ යුතුයි. මෙම රට හැර යාම නැවැත්වීමට අප කළ යුත්තේ කුමක්දැයි අපට එවිට වැටහේවි.

මතු සම්බන්ධයි.

(අධ්‍යාපනඥ ආචාර්ය තාරා ද මෙල් ඉතා අවශ්‍ය අධ්‍යාපන ප්‍රතිපත්ති ප්‍රතිසංස්කරණ පිළිබඳව The Morning පුවත්පත සමග කරන ලද සාකච්ඡාවක් ඇසුරෙන් සකස් කරන ලදී.)

Archive

Latest news

Related news