Wednesday, May 1, 2024

ආර්ථික අපරාධ: මිලියන 410 ක කාලගුණ රේඩාර් පද්ධතිය කුණු ගොඩට ගිය හැටි!

ලෝක කාලගුණ විද්‍යා සංවිධානය විසින් ගොංගල ප්‍රදේශයේහි පිහිටුවීමට ලබාදුන් රේඩාර් පද්ධතියක් ඉදිකිරීමේ අසාර්ථක ව්‍යාපෘතියක් හේතුවෙන් රුපියල් මිලියන 78ක් රජයේ මුදල් අපතේ ගොස් ඇති බව ‌පාර්ලිමේන්තුවෙහි කෝපා කමිටුවෙහි දී හෙළිදරව්  වී තිබේ.

මෙම කරුණු අනාවරණය වී ඇත්තේ පසුගියදා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කෝපා කමිටුව හමුවට කැඳවූ අවස්ථාවේදීය.

2008 වසරේ ක්‍රියාත්මක වූ මෙම ව්‍යාපෘතියේ දළ වශයෙන් රු. මෙම රේඩාර් පද්ධතිය සඳහා රුපියල් මිලියන 402 ක් වැය කර ඇති අතර රු. මිලියන 323ක් ලෝක කාලගුණ විද්‍යා සංවිධානය ලබා දී තිබේ. මෙම ව්‍යාපෘතිය ශ්‍රී ලංකාවට ගෙන ඒමට පෙර එම දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකු මෙම යන්ත්‍රය පරීක්ෂා කර එය ක්‍රියාකාරී තත්ත්වයේ නොමැති බැවින් ශ්‍රී ලංකාවට ගෙන්වා නොගන්නා ලෙස දැනුම් දී ඇති බවද අනාවරණය වී තිබේ.

අදාළ ස්ථානයට මාර්ගයක් සකස් කර වසර ගණනාවක් ගතවී ඇති නමුත් රේඩාර් මධ්‍යස්ථානය නො පිහිටුවීම නිසා  එම නිසා එම උපකරණ යල් පැන ගොස් ඇති බවත් විගණකාධිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ප්‍රකාශ කර තිබේ . මෙම උපකරණ රැගත් දොඹකරය කඩා වැටීමෙන් ඇතැම් උපකරණ විනාශ වී ඇති අතර ඉතිරි උපකරණ අස්ථානගත වී ඇති බවත් විගණක දෙපාර්ථමේන්තුව  පෙන්වා දී ඇත..

 කාලගුණ  අනාවැකි සාක්ෂාත් කර ගැනීමේදී ලබා ඇති ප්‍රගතිය පිළිබඳ දත්ත තිබේ දැයි ද විමසා බලන ලදී. එහෙත්, එවැනි වැඩපිළිවෙළක් නොමැති බව අනාවරණය වී ඇත.

වර්ෂා මාපක 453ක් ස්ථාපිත කර ඇති අතර ඉන් 73ක් අක්‍රියව තිබේ. තවද, 2018 වසරේ ස්වයංක්‍රීය වැසි මාපක 122ක් සවි කළද, බැටරි ක්‍රියා විරහිත වීම වැනි ගැටලු හේතුවෙන් දැනට 70ක් ක්‍රියා නොකරන බවද හෙළිදරව් වි තීබේ

මෙම ආර්ථික අපරාධය ගැන විශය බාර ඇමතිවරයා හෝ අදාළ නිලධාරීන් කිසිදු වගකීමක් ගෙන නැති අතර මෙරට පවතින දණ්ඩ මුක්තිය අනුව එම අපරාධකරුවන්ට එරෙහිව කිසිදු පියවරක් නොගැනෙනු ඇත.

(කරුණූ ද මොර්නිං පුවත් පතෙහි පළවූ වාර්තාවකිනි. විග්‍රහය ශ්‍රී ලංකා බ්‍රිෆ් වෙතිනි.)

Archive

Latest news

Related news