Friday, May 3, 2024

මර්දනය උග්‍ර කිරීමේ සැලැස්මක්: “ප්‍රචණ්ඩ අරගලයකට විපක්ෂ කණ්ඩායම් සැරසෙනවා” – ඇමති බන්දුල ගූ.

2022 මැයි 09 වැනි දිනට සමාන මහජන නොසන්සුන්තාවක් ඇති කිරීමේ තවත් උත්සාහයක් පිළිබඳ තොරතුරු ජනාධිපති රනිල් රාජපක්ෂට බුද්ධි වාර්තා ලැබී ඇතැයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන  පවසයි.

රාජ්‍ය ඔත්තු සේවයෙන් (SIS) තමන්ට ලැබී ඇති තොරතුරු පිළිබඳව ජනාධිපති රනිල් රාජපක්ෂ  අමාත්‍ය මණ්ඩලය දැනුවත් කර ඛල බව බන්දුල ගූ පවසයි.

පවතින නියඟය, විදුලි අර්බුදය සහ ජල හිඟය මුවාවෙන් පසුගිය වසරේ මැයි 09 වැනිදා ඇති වූ සිදුවීම් යළි ඇවිලවීමට අරගල ව්‍යාපාරයට සම්බන්ධ සහ විපක්ෂයට සම්බන්ධ ඇතැම් පිරිස් සැලසුම් කරමින් සිටි බව එස්.අයි.එස්.  බුද්ධි අංශය වාර්තාවලින් අනාවරණය වී ඇතැයි රනිල් රාජපක්ෂ කියා තිබේ .

කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීරගේ සහ විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකරගේ නිවෙස් වැටලීමට උත්සාහ කළ බව පවසන කැබිනට් ප්‍රකාශක, එවැනි ප්‍රහාර වැළැක්වීමට විශේෂ ආරක්ෂාවක් යෙදිය යුතුව තිබූ බව ද පැවසා තිබේ.

නියඟය නිසා ඇති වූ ජල අර්බුදය සහ ගොවීන්ගේ උද්ඝෝෂණය නිදහසට කරුණක් ලෙස යොදා ගනිමින් ප්‍රචණ්ඩත්වය නැවත පාරට ගෙන ඒමට අවම වශයෙන් මාධ්‍ය ආයතන දෙකක් මෙම පියවරට සහය දුන්  ගත් බව රනිල් රාජපක්ෂ කැබිනට් රැස්වීමේදී චෝදනා කර තිබේ.

ඔහු මාධය ආයතන දෙකක් ලෙස සඳහන් කරන්නේ විවේචනාත්මක පුවත් සහ විරෝධතා  වාර්තා කරන සරස සහ සියත රෑපවාහිනී මාධ්‍ය බව තතුදත් අංශ සඳහන් කරයි.

මෙය විවේචනාත්මක මාධ්‍ය සහ වාම විරුද්ධ කණ්ඩායම් මර්දනය කිරීමේ පැහැදිලි උත්සාහයක් බව දේශපාලන ක්‍රියාකාරීහු පවසති.

මෙය රට අස්ථාවර කිරීමේ ප්‍රයත්නයක් බව කැබිනට් ප්‍රකාශකයින් පවා පවසා ඇති අතර, මෙම ඇතැම් පිරිස් නීතිය ක්‍රියාත්මක කරන්නන් වෙඩි ප්‍රහාරයක් දියත් කිරීමට පොළඹවා ජනතාවගේ මරණ දේශපාලන අරමුණු සඳහා යොදා ගැනීමට උත්සාහ කරමින් සිටි බව බන්දුල ගූ කියා සිටී.

මෙය විපාක්ෂික දේශපාලනය ප්‍රචණ්ඩත්වය භාවිතා කරන්නේ යැයැ චෝදනා කරමින් ජනතා අරගල මර්දනය කිරීමේ පැහැදිලි උත්සාහයක් බව දේශපාලන නිරීක්ෂකයෝ පවසති.

Archive

Latest news

Related news