Sunday, April 28, 2024

ආර්ථික අපරාධ: හිටපු සබරගමු පළාත් සභිකයන් තනතුරු නැතිව වසර පහක් සුපිරි බංගලාවල බුදියලා!

ඡායාරූපය: සබරගමු පළාත් සභා ගොඩනැගිල්ල.
දැනට අභාවයට ගොස් ඇති සබරගමුව පළාත් සභාව විසුරුවා හැර වසර පහකට පසුවත් එහි හිටපු සභිකයින් නිල අවශ්‍යතා සඳහා පමණක් ලබා ගත හැකි පළාත් සභාවට අයත් නිවාඩු බංගලා දිගින් දිගටම භාවිත කරන බව විගණන වාර්තාවක් දක්වයි.
එම පළාත් සභිවේ නිල කාලය 2017 සැප්තැම්බර් 23 දින අවසන් විය.
පුද්ගලික හෝ ඔවුන්ගේ හිතවතුන්ගේ පරිහරණය සඳහා නීතිරීතිවලට පටහැනිව රාජ්‍ය සම්පත් අවභාවිත කිරීම හෝ භාවිතා කිරීම සම්බන්ධයෙන් ගත් කල, එම රාජ්‍ය දේපළ පුරවැසියන් විසින් දායක වන මහජන බදු ගෙවන්නන්ගේ අරමුදල්වල වියදමින් නඩත්තු කරන බැවින් දේශපාලඥයින් පක්ෂ භේදයකින් තොරව මෙම අවභාවිතය කර ඇති බව ද වාර්තා වේ.
2021 මූල්‍ය වර්ෂය සඳහා සිදු කරන ලද රජයේ විගණනයට අනුව, හිටපු සබරගමු පළාත් සභිකයින් බංගලා අඛණ්ඩව භාවිතා කිරීම නිසා විදුලිය සහ ජලය යන දෙකෙහිම ගාස්තු ගෙවීම සඳහා රුපියල් මිලියන 4.7 ක් වැය කර කිරීමට සිදුව තිබේ.
පළාත් සභා සාමාජිකයින්ගේ භාවිතය සඳහා වෙන් කර ඇති නිල බංගලාවන්හි රුපියල් මිලියන 29 ක් වටිනා ගෘහභාණ්ඩ සහිත වායුසමීකරණය කරන ලද කාමර 11 කින් සමන්විතය.
පළාත් පාලන ආයතනවලට  අත්‍යවශ්‍ය වැඩකටයුතුවලට පවා මුදල් දීමට අපහසු තත්වයක් යටතේ කරන ලද මෙම ආර්ථික අපරාධයට කිසිවකු වන්දි නොගෙවනු ඇත.  විගණන වාර්තාවවෙන් කලබලයට පත් වගකිවයුතු නිලධාරීන්  බංගලා දේශපාලනඥයන්ට හෝ ඔවුන්ගේ හිතවතුන්ට කුලියට දීමට ඉඩ නොදෙන ලෙස උපදෙස් ලබා දී තිබේ.
(සන්ඩේ ටයිම්ස් වාර්තාවක් ඇසුරිණි)

Archive

Latest news

Related news