Friday, May 17, 2024

200 වසරකට පෙර කඳුරට දෙමළ ප්‍රජාව ගමන්ගත් කටුක පා ගමනේ සහයෝගිතා පාදචාරිකාව ජූලි 28 ඇරඹේ.

ඡායාරූපය: 19වන ශතවර්ශයේදී  කදුරට දෙමළ ප්‍රජාව.
මෙරට කඳුකරයේ වතුවල වැඩ කිරීම සඳහා මෙරටට මුලින්ම රැගෙන එන ලද කාන්තා සහ පිරිමි පුද්ගල
කණ්ඩායම් පැමිණි ගමන  සොය යන පාද චාරිකාව  මෙම මස 28වන දින තලේමන්නාරමේ සිට ඇරඹේ.
වසර ගණනාවක් ම ුළුල්ලෙහි දහස් සංඛ්‍යාත පිරිසක් මන්නාරමට ගොඩබැස එතැන් සිට මාතලේ පයින්ම  අනතුරුදායක ගමනකින් යා යුතු විය.
ඔවුහු  ගමන් කළ යුතු වූයේ රෝග විඳදරා ගනිමින්, කැලෑ එළිපෙහෙළි කරමින්, වනසතුන්ට   මුහුණදෙමිනි.
ඔවුන්ගෙන් බොහෝ   දෙනකේ, ඇතැම් කණ්ඩායම්වල 40%කට අධික පිරිසක්, ගමන අතරමඟදී මියගිය අතර, ඔවුන් නොදන්නා කතරක මිහිදන් විය. නැතහොත් කැලයට දමා අතහරින ලදී.
මෙයට වසර දෙසියයකට පෙර මෙම දුෂ්කර මඟ පියමං කළ එම මුල්ම පරම්පරාව පිළිබඳ ආවර්ජනයකර, ඔවුන් සමඟ සම්බන්ධවන වන්දනා ගමනක් වූ මෙම ගමනට එක්වන ලෙස  සංවිධායකයෝ ආරාධනා කරති.
 ශ්‍රී ලංකාවේ නිදහස් හා සමාන පුරවැසියන් ලෙස පිළිගන්නා මෙන් මලෛයහ දෙමළ ප්‍රජාව විසින් ඉදිරිපත් කරනු ලබන ඉල්ලීම මෙම පාද චාරිකාව විසින් රැගෙන යයි.
මෙයට වසර දෙසීයකට පෙර මෙරටට පැමිණි දා සිට සිය  පැවැත්ම සඳහා අරගලයක නිරතවීමට සිදුවී තිබේ.
ශ්‍රී ලංකාවේ වෙනම සහ ප්‍රධාන ජන කණ්ඩායමක් ලෙස පිළිගනිමින් සමාන සැලකීමක් ලබාදෙන ලෙස
ඉල්ලා වරින්වර බලයට පත් වූ රජයන් වෙත ඉදිරිපත් කළ අඛණ්ඩ ආයාචනාවලින් ඔවුන්ගේ ඉල්ලීම් සමන්විත වේ.
මෙය අනෙකෙුත් ප්‍රධාන ප්‍රජාවන් හා සමානව ස්වාධීන ලංකාවේ/ශ්‍රී ලංකාවේ ජන කණ්ඩායමක් ලෙස
අනන්‍යතාවක් සඳහා වන එකී ප්‍රජාවගේ අරගලය ප්‍රතිරාවය කරයි.
‘මලෛයහ එළුච්චි පයනම්’  අවශේෂ  සහෘද ජනතාව සමඟ සිදු කරන සංවාදයක්ද වේ. මලෛයහ දෙමළ
ප්‍රජාවගේ ඉතිහාසය, අරගල, ජයග්‍රහණ, ඔවුන්ගේ දායකත්වය, වත්මන් සමාජ-ආර්ථික හා දේශපාලන
තත්ත්වය සහ අභිලාෂයන් පිළිබඳව සිංහල, ශ්‍රී ලාංකික දෙමළ, ම ුස්ලිම් සහ අනෙකුත් සහෝදර ජනතාව
අතර මූලික අවබෝධයක් ඇති කිරීම මෙම ගමනේ අරමුණ ලෙස දැක්වේ.

‘මලෛයහ එළුච්චි පයනම්’ සියලුදෙනාට විවෘත බව සංවිධයකයෝ පවසති. සියවස් දෙකක කාලයක් පුරා මලෛයහ දෙමළ කාන්තාවන්  හා පිරිමින් විසින් ලබාදුන් දායකත්වය පිළිබඳ  ඇගයීම ප්‍රදර්ශනය කිරීම සඳහාත්, මලෛයහ දෙමළ ප්‍රජාව වෙත සහයෝගීතාව දක්වමින්  හඬ එක් කිරීම සඳහාත්,  මෙම පාද චාරිකාවට  සමඟ එක්ව ඇවිදීමට ආරාධනය කර  තිබේ. කිලෝමීටර කිහිපයක්, සම්පූර්ණ දවසක් හෝ සම්පූර්ණ ගමන පුරා සමඟ සම්බන්ධ වන ලෙස  සංවිධායකයෝ සාදරයෙන ් ඇරයුම් කර තිබේ.

මෙම ගමන්මාර්ගය පුරා සංවිධානය කරනු ලබන විවිධ වැඩසටහන්වලටද  සැමට සහභාගී විය හැකිය.
ඔබට මෙම පාගමනට සහභාගීවීමට නොහැකි නම්, පාගමනට සමගාමීව ඔබ ප්‍රදේශයේ විවිධ ක්‍රියාකාරකම්
දියත් කරමින්, චිත්‍ර, රචනා, ගීත, වීඩියෝ සහ සමාජ මාධ්‍ය පළකිරීම් හරහා නිර්මාණාත්මක ලෙස පාගමනට
සහයෝගය දැක්වන ලෙස  සංවිධායකයෝ ඉල්ලා සිටිති.
ගෞරවාන්විතව සැලකීමට සහ ශ්‍රී ලංකාවේ පුරවැසියන් වශයෙන් පූර්ණ හා අර්ථවත් ලෙස සහභාගීවීමට මලෛයහ දෙමළ ජනතාවගේ ගමනේදී ඔවුන්ගේ අතීතය, වර්තමානය සහ අනාගතය පිළිබඳ සංවාදයක සහ සාකච්ඡාවක නිරතවීමට සහෝදර පුරවැසියන් දිරිමත් කරන බවද සංවිධායකයින් විසින් නිකුත් කරන ලද නිවේදනයක දැක්වේ.

මන්නාරම සිට මාතලේ දක්වා ගමන් මාර්ගය සහ වැඩසටහන් සැලසුම මෙසේය.

දිනය, මාර්ගය, ස්ථානය සහ  දුර  මෙන්ම පැවැත්වෙන වැඩසටහන් අනුපිළීවෙළින් දක්වා ඇත.
2023 ජූලි 28 – තලෙයිමන්නාරම, සමාරම්භක උත්සවය
2023 ජූලි 29 – තලෙයිමන්නාරම සිට පේසාලෙයි දක්වා කි.මී. 15
2023 ජූලි 30 – පේසාලෙයි සිට මන්නාරම නගරය දක්වා කි.මී. 16 මන්නාරම නගරයේ පැවැත්වෙන
වැඩසටහන
2023 ජූලි 31 – මන්නාරම නගරයේ සිට ම ුරුන්කන් දක්වා කි.මී. 26
2023 අගෝස්තු 01 – මුරුන්කන් සිට මඩු දක්වා කි.මී. 26 මඩු නගරයේ පැවැත්වෙන
වැඩසටහන
2023 අගෝස්තු 02  – මඩු
2023 අගෝස්තු 03 –  මඩු මංසන්ධියේ සිට චෙඩ්ඩිකුලම් දක්වා කි.මී. 23 චෙඩ්ඩිකුලම් නගරයේ
පැවැත්වෙන වැඩසටහන
එදිනම වව්නියාව නගරයේ පැවැත්වෙන වැඩසටහන
2023 අගෝස්තු 04 – චෙඩ්ඩිකුලම් සිට මැදවච්චිය දක්වා කි.මී. 26
එදිනම වව්නියාව සිට මැදවච්චිය දක්වා කි.මී. 26 මැදවච්චිය නගරයේ පැවැත්වෙන වැඩසටහන
2023 අගෝස්තු 05 – මැදවච්චිය

2023 අගෝස්තු 06 – මැදවච්චිය සිට මිහින්තලේ දක්වා කි.මී. 22 මිහින්තලේ නගරයේ
පැවැත්වෙන වැඩසටහන
2023 අගෝස්තු 07 – මිහින්තලේ සිට තිරප්පනේ දක්වා කි.මී. 18 තිරප්පනේ නගරයේ
පැවැත්වෙන වැඩසටහන
2023 අගෝස්තු 08 – තිරප්පනේ සිට කැකිරාව දක්වා කි.මී. 22 කැකිරාව නගරයේ පැවැත්වෙන
වැඩසටහන
2023 අගෝස්තු 09 – කැකිරාව සිට දඹුල්ල දක්වා කි.මී. 22 දඹුල්ල නගරයේ පැවැත්වෙන
වැඩසටහන
2023 අගෝස්තු 10 – දඹුල්ල
2023 අගෝස්තු 11 – දඹුල්ල සිට නාලන්ද දක්වා කි.මී. 22 නාලන්ද නගරයේ පැවැත්වෙන
වැඩසටහන
2023 අගෝස්තු 12 – නාලන්ද සිට මාතලේ දක්වා කි.මී. 24 සමාප්ති උත්සවය

වැඩසටහන් පැවැත්වෙන ස්ථාන සහ වැඩි විස්තර සහිත මෙම සැලැස්ම යාවත්කාලීන කරනු ඇත.
මන්නාරම සිට මාතලේ දක්වා වන පාගමන සහ වැඩසටහන් ශ්‍රී ලංකා ජාතික ක්‍රිස්තියානි මණ්ඩලය සහ
පුළුල් සිවිල් සමාජ සංවිධාන සමුහයක් හා මලෛයහ ප්‍රජාවට අයත් සහ/හෝ ඔවුන් සමඟ කටයුතු කරන
පුද්ගලයින්ගෙන් සමන්විත ‘මාන්ඹුමිගු මලෛයහ මක්කල් සාමූහිකය’ විසින් සංවිධානය කරන තිබේ.
ඔබ මෙයට සම්බන්ධවීමට, සහභාගීවීමට සහ/හෝ ස්වේච්ඡාවෙන් ඉදිරිපත්වීමට අදහස් කරන්නේ නම්
කරුණාකර  පහත සඳහන් අය අමතන්න:
1. එස්. දේවදාසන් 0767341855
2. ගරු එම්. සාමිනාතන් ප ියතුමා 0712610747
3. ඩැනියෙල් ජේසුදාසන් 0777034136
4. ජේ. සුර්ෂේ 0779915459

Archive

Latest news

Related news