Friday, May 17, 2024

කඳුරට දෙමළ ජනයා: තලේමන්නාරමේ සිට මාතලේට ආවර්ජනා පාගමක්

2023 ඉන්දියාවේ සිට දෙමළ ජාතිකයන් වතුකරයේ වැඩ කිරීම සඳහා ශ්‍රී ලංකාවට, පසුව ලංකාවට ගෙන්වා ගෙන වසර 200ක් සපිරුණු වර්ෂය ලෙස සැලකේ. එතැන් පටන් සමාජයේ සෑම මට්ටමක දීම, විශේෂයෙන්ම ආර්ථිකය තුළ එම ප්‍රජාව රටට ඉමහත් දායකත්වයක් ලබා දී ඇත. එහෙත් ශ්‍රී ලංකාවේ ඔවුන්ගේ පැවැත්ම ම අඛණ්ඩ අරගලයකි.

#Malaiyaham200 සමස්ත තේමාවට සමගාමීව, ඉන්දියාවේ සිට මුලින්ම ගෙන්වා ගත් සංක්‍රමණික ජනතාව කැලෑ මැද්දෙන් කෝපි වතු දක්වා රැගෙන ගිය ගමන සිහිපත් කරමින් තලෙයිමන්නාරමේ සිට මාතලේ දක්වා පාගමනක් සංවිධානය කිරීමට සැලසුම් කර ඇත.

19වන සියවසෙහි දෙමළ වතුකර ප්‍රජාව

පාගමනේ අරමුණ ආවර්ජනය සහ සම්බන්ධතාවයි. එය අනාගතය වෙනුවෙන් වූවක්ද වේ. ඒ අනාගතය මලයහ ප්‍රජාව ශ්‍රී ලංකාවේ පූර්ණ සහ සමාන පුරවැසියන් ලෙස පිළිගත යුතු බවට කරන ඉල්ලීම වෙනුවෙනි. රට හරහා යන ගමන අපගේ ඉතිහාසය, අරගල සහ අභිලාෂයන් පිළිබඳව අනෙකුත් ජන කොටස් සමඟ සංවාදයේ යෙදෙන්නට අවස්ථාවක් ද වේ.

දිවයිනේ විවිධ ප්‍රදේශවලින් පැමිණෙන ජනතාව දින 15ක් පුරා කිලෝමීටර් 252ක් පා ගමනින් යාමට සැලසුම් කර ඇත්තේ ‘මංබුමිගු මලයහ මක්කල් – අභිමානවත් මලයහ ජනතාව’ යන බැනරය යටතේය. මාර්ගය පුරා වැඩසටහන් කිහිපයක් සංවිධානය කර ඇත.

පා ගමනේ අරමුණ සහ කාලසටහන පිළිබඳ විස්තර බෙදාගැනීම සඳහා උක්ත මාධ්‍ය හමුව සංවිධානය කර ඇත. එහිදී මලයහ දෙමළ ප්‍රජාවට ජනතා සහයෝගය ලබා දිය හැකි සහ ඔවුන්ගේ සහයෝගය ප්‍රකාශ කළ හැකි විවිධ ක්‍රම පිළිබඳ අදහස් ඉදිරිපත් කිරීමටත් නියමිතය.

– මාන්බුමිගු මලයහම් සඳහා එකතුව (ජාතික ක්‍රිස්තියානි සභාව සහ සිවිල් සමාජ සංවිධාන සහ මලයහ ප්‍රජාව සමඟ වැඩ කරන පුද්ගලයින්ගෙන් සමන්විත සාමූහිකයකි.)

Archive

Latest news

Related news