Wednesday, May 1, 2024

සිරිසේන ඇතුලු වැරදිකරුවන් පාස්කු වන්දි නොගෙවපු හැටි මෙන්න; ගෙවිය යුතු දිනට නොගෙවීම අධිකරණ අපහාසයක්!

“හිටපු ජනාධිපති සිරිසෙන ඇතුලු පිරිසට ශ්‍රේෂ්ඨාධිකරනයෙන් නියෝග කරන ලද පාස්කු වන්දි මුදල් නියමිත පරිදි නොගෙවීම අධීකරණ අපහාසය යටතට වැටීමට බොහෝ දුරට ඉඩ ඇති බව නීතිඥ සංගමයේ සභාපති කෞෂල්‍ය නවරත්න ප්‍රකාශ කර තිබේ.  “එය සම්පූර්ණයෙන්ම අධිකරණය අතේ තිබෙන කාරණයක්. නමුත්  අධිකරණයෙන් මුදල් ගෙවන ලෙස නියෝග කර එය නොගෙවන්නේ නම් එය අධිකරණයට අපහාස කිරීමක් ලෙස තර්ක කිරීමට හැකියාවක් තිබෙනවා.” යැයි ඔහු ඩේලි මොර්නිං පුවත් පතට පවසා තිබේ.
වන්දි මුදල් තැන්පත් කිරීමට දී තිබූ කාලය මෙම සම 12වැනිදා අවසන් විය. රුපියල්  මිලියන 311ක් වූ සම්පූර්ණ වන්දි මුදලින්  ඒ වන විට ගෙවා තිබුණේ මිලියන 34ක් පමණි.
එලෙස වන්දි නියම කරන ලද නඩු විභාගයෙහි එක් පෙත්සම්කරැවකු වූයේ නීතිඥ සංගමයයි. ශ්‍රේෂ්ඨාධිකරණයේ  තීන්දුවලට අනුකූල වීම අනිවාර්ය බව අවධාරණය කරමින් තම සංගමයද එම වන්දි මුදල් නොගෙවිම සම්බන්ධයෙන් අධිකරණය හමුවට යාමට අදහස් කරන බවද නීතිඥ සංගමයේ සභාපතිවරයා පවසා තිබේ.
මෙලෙසස සම්පූර්ණ වන්දි ගෙවීමට අපොහොසත් වීම 2019 පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් විපතට පත් වූවන් සහ පවුල්වල අය මහත් ලෙස නොසළකා හැරීමක් සහ ඔවුන්ගේ අයිතිය කෙළෙසීමකි.
“මෙම වන්දි මුදල් ගෙවීමට නියෝග කළේ වින්දිතයින්ට යම් ප්‍රමාණයකට මුල්‍යමය වශයෙන් වන්දි ගෙවීමට හැකි වන පරිදිය. ජීවිත හානි, මෙම ත්‍රස්ත ප්‍රහාරයෙන් ඔවුන්ට සිදු වූ හානිය සහ ඔවුන් අත්විඳින සහ තවමත් අත්විඳින මානසික කම්පනය මූල්‍යමය වශයෙන් තක්සේරු කළ නොහැකි නමුත් වින්දිතයින්ට යම් ප්‍රමාණයකට මූල්‍යමය වශයෙන් වන්දි ගෙවීමට ශ්‍රේෂ්ඨාධිකරණය මෙම තීන්දුව ලබා දුන්” බව ද නීතිඥ සංගමයේ සභාපතිවරයා පවසයි.
හිටපු ජනාධිපති සහ ආරක්ෂක අමාත්‍ය සහ වත්මන් විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍රීපාල සිරිසේන, හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර, හිටපු රාජ්‍ය බුද්ධි සේවා අධ්‍යක්ෂ සහ වත්මන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති (SDIG) නිලන්ත ජයවර්ධන,  හිටපු ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් හේමසිරි ප්‍රනාන්දු, හිටපු ජාතික බුද්ධි ප්‍රධානී සහ විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති සිසිර මෙන්ඩිස් යන අයට  අදාළ වන්දි මුදල් බදාදා (12) වන විට තැන්පත් කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබුණි.
එම වගඋත්තරකරුවන්ට නියමිත වූ වන්දියෙන් සම්පූර්ණ වන්දි මුදල වන රු. මිලියන 10 ක් අදාළ ගිණුමට තැන්පත් කර තිබුණේ  සිසිර මෙන්ඩිස් පමණි.
සිරිසේනට නියමිත වූ සිරිසේන රුපියල් මිලියන 100ක වන්දි මුදලින් ඔහු ගෙවා ඇත්තේ  මිලියන 15ක් පමණි.

නිලන්ත ගෙවූයේ අන්තිම දවසේ!

නියෝජ්‍ය පොලිස්පති ලෙස වැඩ බැලූ ජේ‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන ඔහුට නියම වූ මිලියන 75න් 4.1 ක් පමණක් ගෙවා තිබෙන්නේ අවසන් දිනය වූ පසුගිය 12වනදාය.
 තමාට නියම  වූ මිලියන 75න්රු මිලියන 1.7 පමණක් ජූනි 20 දින පුජිත ජයසුන්දර විසින් තැන්පත් කර තිබේ. හේමසිරි ප්‍රනාන්දු ඔහුට නියම වූ මිලියන 50 වන්දියෙන්  විසින් ජූනි 9 සහ ජූලි 10 යන දිනවල තැන්පත් කර ඇත්තේ මුදල රුපියල් මිලියන 2ක පමණකි.

මෙම වන්දි මුදල් මගින් පාස්තු ඉරිදා ප්‍රහාර නිසා මිය ගිය සෑම අයකුටම රුපියල් මිලියන බැලින් ද තුවාල වූ සෑම  දෙනාටම ලක්ෂ 05 බැගින් ද ගෙවන ලෙස ශ්‍රේෂ්ධාධිකරණය පසුගිය ජනවාර් 12වන දින නියෝග කළේය.

දැන් සිරිසේන  කියා ඇත්තේ තමන්ට එම මුදල ගෙවීමට 2033වන තුරු කල් අවශ්‍ය බවය.
ඉතිරි  මිලියන 85 ක සමාන වාරික 10 කින් රු. 2024 ජූනි 30 වැනිදා ආරම්භ වී 2033 ජුනි 30 වැනිදායින් අවසන් වන පරිදි වාර්ෂිකව රුපියල් 8,500,000ක් ගෙවීමට අවසර ඉල්ලා  සිරිසේන  ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මෝසමක් ගොනු කර තිබේ.

Archive

Latest news

Related news