Sunday, April 28, 2024

විකාශන අධිකාරි පනත සමස්ත මාධ්‍ය කර්මාන්තයම නැති කරන එකක් – විකාශන සේවා සංසදය

ඡායාරූපය: මාධ්‍ය  තලා ලේවලින් නැහැවීම.

ශ්‍රී ලංකා වකාශන සේවා සංසදය සංසදය ජූනි 30 ලිපියයක් මගින්  විකාශන නියාමන කොමිෂන් සභාවක් පිහිටුවීම සඳහා යෝජිත කෙටුම්පත වහා ඉල්ලා අස්කර ගන්නා ලෙස රජයෙන් ඉල්ලා සිටියේ ය.

එම ඉල්ලීම කරන ලද්දේ ආචාර්ය විජයදාස රාජපක්ෂ, ආචාර්ය බන්දුල ගුණවර්ධන, මනූෂ නානායක්කාර සහ කෙහෙළිය රඹුක්වැල්ල යන අමාත්‍යවරුන්ගෙන් සමන්විත අමාත්‍ය මණ්ඩල අනුකමිටුව විසින් සකස් කරන ලද එම කෙටුම්පත් පනත පිළිබඳ අදහස් විමසීමෙන් අනතුරුව ය.

විකාශන නියාමන කොමිෂන් සභා කෙටුම්පත් පනත් කෙටුම්පත තමන් අවිවාදයෙන් ප්‍රතික්ෂේප කරන බව එම සංගමය පවසා තිබේ. ප්‍රමාණවත් උපදේශනයකින් තොරව කඩිනමින් පනත් කෙටුම්පත සකස් කිරීම සම්බන්ධයෙන් සංගමය රජය විවේචනය  කරමින් කර්මාන්තයට අහිතකර බලපෑම් ඇති කළ හැකි ප්‍රතිපාදන ඇතුළත් කිරීම පිළිබඳව කනස්සල්ල පළ කර තිබේ.

මෙම යෝජනාව ක්‍රියාත්මක කිරීමෙන් මාධ්‍ය ක්ෂේත්‍රය සීමා කිරීම හා අදහස් ප්‍රකාශ කිරීමේ, සිතීමේ හා හෘද සාක්ෂියේ නිදහස සීමා කිරීම වැනි හානිකර බලපෑමක් ඇති කරන බවට සංසදය අනතුරු අඟවයි.

බන්ධුල ගුණවර්ධන  වෙත යොමු කළ ලිපියේ සංසදය අවධාරණය කරන්නේ ජනාධිපතිවරයා විසින් පමණක් පත් කරන  සහ රජයේ පාලනයට යටත් යෝජිත මාධ්‍ය නියාමන කොමිෂන් සභාව මෙරට මාධ්‍යයේ ස්වාධීනත්වය හෑල්ලුවට ලක් කරන අහිතකර නියාමන යාන්ත්‍රණයක් බවයි.

මෙම යෝජනාව රටේ කම්කරු නීතිවලට පටහැනි බවත් මාධ්‍ය හිමියන්ගේ බලපත්‍ර සම්බන්ධයෙන් ඇති නීත්‍යානුකූල අපේක්ෂාවන් නොසලකා හරින බවත් ඔවුන් සඳහන් කර තිබේ. යෝජිත පනත් කෙටුම්පත මාධ්‍ය ආයතනවල ප්‍රගමනයට සැලකිය යුතු අවදානමක් ඇති කරන අතර සමස්ත මාධ්‍ය කර්මාන්තයම අනතුරේ හෙළන බව සංසදය වැඩිදුරටත් පවසයි.

Archive

Latest news

Related news