Thursday, May 2, 2024

ජීවන් තොන්ඩමනුත් වැඩ ‌පෙන්වයි; පොලිසියකට කඩා වදී!

ප්‍රදේශයේ රාජ්‍ය බැංකුවක කළමනාකාරවරයා සමඟ ඇති කරගත් ආරවුලකට සම්බන්ධ 28 හැවිරිදි පුද්ගලයකු අත්අඩංගුවට ගැනීමෙන් පසු බගවන්තලාව පොලිසියට මැදිහත් වීම සම්බන්ධයෙන්  ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් සංවර්ධන ඇමැති ජීවන් තොණ්ඩමන්ට චෝදනා එල්ල වී තිබේ.

ජුනි 22 වැනි දින බගවන්තලාව නගරයේදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ බැංකු කළමනාකාරවරයා පැමිණිල්ලක් කර පැය කිහිපයකට පසුවය.

තොණ්ඩමන් ඇමතිවරයා ඇතුළු ආධාරකරුවන් පිරිසක් ජූනි 24 වැනිදා සවස බගවන්තලාවට පැමිණ කලයිචෙල්වම් නමැති සැකකරු අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන්ට බැණ වැදුණූ පොලිසිය පවසයි. ඒ හැටන් දිසා විනිසුරු සහ මහේස්ත්‍රාත් එම් ෆාරුක්ඩීන් මහතා විසින් සැකකරු ලබන 27 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර තිබියදීය.

තොණ්ඩමන් අමාත්‍යවරයාගේ කාර්යාලය මාධයට පවසා ඇත්තේ  සැකකරු අත්අඩංගුවට ගත් අවස්ථාවේදී පොලිසිය සැකකරුට පහර දුන් බව කියන බැවින් අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වන ලෙස අමාත්‍යවරයා ඉල්ලා සිටි බවයි. අමාත්‍යවරයා මෙම ප්‍රශ්නය කරට ගෙන ඇත්තේ පොලිසිය පමණ ඉක්මවා ක්‍රියාකළ නිසා බව කියන නිසා තොන්ඩමන් පාර්ශවය කියයි.

මෙම සිදුවීම දේශපාලන පංතියේ බලපුලුවන්කාරකම සහ පොලිස් ප්‍රචණ්ඩත්වය පිළිබඳ තවත් උදාහරණයකි.

ජීවන් තොණ්ඩමන්  පසුගිය මහ මැතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් නුවරඑළිය දිස්ත්‍රික්කයතේරී පත් වූ අතර මේ වසරේ ජනවාරි මාසයේදී රනිල් රාජපක්ෂ ඔහු ඇමති තනනතුරකින් පුදනු ලැබීය.

පොලිසිය මහජනයාට හයිරම් දාන අතර දේශපාලනඥයෝ පොලිසියට හයිරම් දාති!

අමාත්‍ය තොණ්ඩමන්  බගවන්තලාව පොලිස් ස්ථානයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සම්පත් බණ්ඩාර සහ අත්අඩංගුවට ගැනීම සිදුකළ පොලිස් නිලධාරීන් තිදෙනෙකු කැඳවා සිය කාර්යාලයට ඇති බව ද ආරංචි මාර්ග සඳහන් කරයි.

බගවන්තලාව පොලිස් ස්ථානයේ සිටින එම පොලිස් නිලධාරීන් තිදෙනා වහාම ස්ථාන මාරු කර ඔවුන්ගෙන් එක් අයෙකු කොටගල පිහිටි ලංකා කම්කරු කොංග්‍රසයේ ප්‍රධාන කාර්යාලයට අනුයුක්ත කරන ලෙස අමාත්‍යවරයා ඉල්ලා තිබේ.

තම ඉල්ලීම් ලබා නොදුනහොත් බගවන්තලාව පොලිස් ස්ථානයට ජල සැපයුම අත්හිටුවන බවට අමාත්‍ය තොණ්ඩමන් තර්ජනය කර ඇත. එම ස්ථානයට පැමිණි හැටන් පොලිස් අධිකාරී එච්.එන්.එම් දෙහිගම අමාත්‍ය තොණ්ඩමන්ට පවසා ඇත්තේ අභ්‍යන්තර පරීක්ෂණයක් අවසන් වන තුරු නිලධාරීන් ස්ථාන මාරු කළ නොහැකි බවයි.  එම ජ්‍යෙෂ්ඨ නිලධාරියා පවසා ඇත්තේ, මේ වන විට සමාජ මාධ්‍ය වේදිකාවල ඇති අත් අඩංගුවට ගත් වීඩියෝ දර්ශන පදනම් කර ගනිමින් විමර්ශන ආරම්භ කර ඇති බවයි.

සැකකරු වෙනත් පුද්ගලයෙකුගේ බැංකු ශේෂය පිළිබඳව විමසා ඇති අතර, එම තොරතුරු තුන්වන පාර්ශ්වයකට ලබාදීම නීති විරෝධී බව පෙන්වා දෙමින් බැංකු සේවකයන් ඔහුගේ ඉල්ලීම ලබා නොදීමත් සමඟ බහින්බස්වීමක් ඇති වූ බවත් ආරංචි මාර්ග සඳහන් කරයි.

( දි අයිලන්ඩ් වාර්තාවක කරුණු ද අසුරිණි)

Archive

Latest news

Related news