Wednesday, May 1, 2024

යුක්‍රේන ආක්‍රමණයේ කුලී දඩ බල්ලා වාග්නර්, පුටින්ව හපා කයි! රුසියාව තුළ මිලිටරි කැරැල්ලක්; මොස්කව්හි හදිසි තත්වයක්

ඡායාරුපය: රොස්ටොව් ඔන් ඩොන් අල්ලා ගත් වැගනර් බලකා සෙබළු
රුසියානු කුලී හමුදාවක් වන වාග්නර් බලකාය, රුසියානු ආරක්ෂක ඇමැතිට විරුද්ධව මිලිටරි කැරැල්ලක් දියත් කර තිබේ.

කුලී හමුදාව

යුක්‍රේන ආක්‍රමනයේ විශාලතම කාර්ය කරන ලද්දේ මෙම කුලී හමුදාවය. වාග්නර් කුලී හමුදාව අප්‍රිකාවේ ඒකාධිපති පාලකයින් විසින් ද සිය ජනයා මර්දනය කිරීම පිනිස කුළියට ගෙන තිබේ. මැත මාධය වාර්තා පෙන්වූයේ මාලි රටේ 500ක් ජනයා එක තැන සමූල ඝාතනය කිරීමට මෙම වාග්නර් හමුදාව වගකිව යුතු බවයි.
වරක් ‘පුටින්ගේ අරක්කැමියා’ ලෙස හැඳින්වූ යෙව්ගනි ප්‍රිගොෂින් යුක්රේන යුද්ධයේදී ඔහුගේ වාග්නර් කණ්ඩායමේ කුලී හේවායන් මුලික භූමිකාවක් ඉටු කිරීම නිසා පසු ප්‍රසිද්ධියට පත් විය.
දිගු හා ලේ වැකි සටනකින් පසු අප්‍රේල් මාසයේදී නැගෙනහිර යුක්‍රේන නගරයේ බක්මුට් හි රුසියානු ධජයක් එස වූයේ ද  වාගනර් කුලී හමුදාවයි.
යුක්‍රේනයේ රුසියානු යුද අසාර්ථකත්වයට රුසියාවේ හමුදා ඉහළ නිලධාරීන් වගකිව යුතු බවට චෝදනා කිරීමට ප්‍රිගොෂින් එම ජයග්‍රාහී මොහොත පත් කර ගත්තේය.

යුද පෙරමූණ තුල ගැටුම

තම භටයින් සටන් කරත්දී රුසියානු යුද නායකයින් අහල බලාගෙන සිටි බවත් යුද්ධය පටන් ගන්නා ලද්දේ ව්‍යාජ හේතු මත බවත් වාග්නර් හමුදා ප්‍රධානියා කියයි.
“ආරක්ෂක අමාත්‍යාංශය උත්සාහ කරන්නේ සමාජය සහ ජනාධිපති පුටින් රවටා යුක්‍රේන උමතු ආක්‍රමණක්  සහ මුළු නේටෝව සමඟ එක්ව අපට එනම් රුසියාවට පහර දීමට සැලසුම් කරන ආකාරය පිළිබඳ කතාවක් අපට පැවසීමටයි” යනුවෙන් වාග්නර් ප්‍රධානී ප්‍රිගෝෂින් ටෙලිග්‍රාම් සමාජ මාධ්‍ය ජාලයේ නිකුත් කරන ලද වීඩියෝ පටයක පවසා තිබේ.

වැගනර් බලකාය දේශද්‍රෝහීන් – පූටින්

හදිසි රූපවාහිනී ජාතිය ඇමතීමක් මගින් රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් පැවසුවේ වැග්නර් විසින් සිදු කරන ලද “සන්නද්ධ කැරැල්ල” රාජද්‍රෝහී ක්‍රියාවක් බවත් රුසියානු හමුදාවට එරෙහිව ආයුධ අතට ගත් ඕනෑම කෙනෙකුට දඬුවම් කරන බවත්ය.
යුක්‍රේනයේ වාග්නර්ගේ ක්ෂේත්‍ර කඳවුරුවලට රුසියානු රොකට් ප්‍රහාරයක් එල්ල කරමින් “විශාල සංඛ්‍යාවක්” සිය සටන්කාමීන් මරා දැමූ බවට ආරක්ෂක අමාත්‍ය සර්ජි ෂොයිගුට, වාග්නර් නායක ප්‍රිගෝෂින් චෝදනා කර දිනකට පසුව මෙම සන්නද්ධ කැරැල්ල අරඹා තිබේ.
තම හමුදා භටයින් යුක්රේනයේ සිට රුසියානු දේශසීමා නගරයක් වන රොස්තොව්-ඔන්-ඩොන් වෙත පැමිණ ඇති බවත් ඔවුන් නැවැත්වීමට උත්සාහ කරන ඕනෑම අයෙකුට එරෙහිව සටන් කරන බවත් වැග්නර් නායකයා ප්‍රකාශ කළේය. දැන් පූටින් සිය කුලී හමුදා නායකයාට එරෙහිව යුද්ධ ප්‍රකාශ කර තිබේ.

වැග්නර් නායක ප්‍රිගෝෂින් කව්ද?

62 හැවිරිදි ප්‍රිගෝෂින්, 1981 දී මංකොල්ලකෑම් සහ පහරදීම් සම්බන්ධයෙන් රුසියාවෙහි වරදකරු වී අතර වසර 12 ක සිරදඬුවමකට නියම විය. ඔහු නිදහස් වීමෙන් පසුව, ඔහු 1990 ගණන්වල ශාන්ත පීටර්ස්බර්ග් හි අවන්හල් ව්‍යාපාරයක් ආරම්භ කළේය.
ඔහු එවකට නගරයේ නියෝජ්‍ය නගරාධිපතිව සිටි පුටින්ව දැන හඳුනා ගත්තේ එමගිනි.
ආහාර සැපයීමේ ව්‍යාපාරයක් දියුණු කිරීම සඳහා ඔහු එම සම්බන්ධතාවය භාවිතා කළ අතර රුසියානු රජයේ ලාභදායී කොන්ත්‍රාත්තු ලබා ගැනීමට සමත් විය. එමඟින් ඔහුට “පුටින්ගේ අරක්කැමියා” යන අන්වර්ථ නාමය ලැබුණි. පසුව ඔහු මාධ්‍ය සහ කුප්‍රකට අන්තර්ජාල “ලුහු බදින්න්නන් පැක්ටරියක්” ඇතුළු අනෙකුත් ක්ෂේත්‍රයන් වෙත ව්‍යාප්ත විය.
2016 එක්සත් ජනපද  ජනාධිපතිවරනයට සමාජ ජාල හරහා ව්‍යාජ පුවත් බෝ කිරීමට ඔහු එම  “ පැක්ටරිය ( එනම් විශාල කාර්ය මණ්ඩලයක්)” යොදා ගත්තේය.
ජනවාරි මාසයේදී, ප්‍රිගෝෂින් රහසිගත කුලී හමුදා වාග්නර් සමාගම ආරම්භ කළේය.

පූටින්ගේ අරක්කැමියා

“හොඳම කාලවලදී” ඔහුගේ කුලී හමුදාවෙහි භටයින්50,000 ක් සිටින බවත්, සෑම විටම ඉදිරි පෙළේ සටන් කරන 35,000 ක් පමණ සිටින බවත් ඔහු පවසයි. මෙම සංඛ්‍යාවට සිරගත වැරදිකරුවන් ඇතුළත් දැයි ඔහු නොකියයි. නමුත්, ඔහු සටන්කරුවන් බඳවා ගැනීම සඳහා රුසියානු සිරගෙවල්වල සංචාරය කර ඇති අතර  වැග්නර් කුලී හමුදාවෙහි යුද පෙරමුණේ ඉදිර වළල්ලේ සටන් කොට නොමැරී ජීවත් වුවහොත් සමාව දෙන බවට පොරොන්දු වූ බවට වාර්තා වේ.

ප්‍රිගෝෂින් – පස්වැන්නා

ජනාධිපති පුටින්, අගමැති මිහායිල් මිෂුස්ටින්, විදේශ අමාත්‍ය සර්ජි ලැව්රොව් සහ ආරක්ෂක අමාත්‍ය සර්ජි ෂොයිගුට පසුව රුසියාවෙහි  වඩාත් හඳුනාගත හැකි පස්වන පුද්ගලයා වාග්නර් නායක ප්‍රිගොෂින් බවට බවට මත විමසුම් යෝජනා කරයි.
තට්ට හිසක් සහ දරුණු පෙනුමක් සහිත ඔහු රුසියානු රාජ්‍ය මාධ්‍යන්හි කැපි පෙනුන චරිතයක් විය.
මෙම කුලී හමුදාව වාග්නර් ලෙස හඳුන්වනු ලැබුවේ එහි පළමු අණ දෙන නිලධාරියා වන රුසියානු හමුදාවේ විශේෂ බලකායේ විශ්‍රාමික ලුතිනන් කර්නල්වරයෙකු වූ දිමිත්‍රි උට්කින්ගේ අන්වර්ථ නාමයෙන් ය. වැගනර් කුලී හමුදාව ම්ලේච්ඡත්වය සහ කුරිරුකම අතින් වහාම කුප්‍රසිද්ධියට පත් විය.
2014 අප්‍රේල් මාසයේ දී, රුසියාව විසින් යුක්රේනයේ ක්‍රිමියානු අර්ධද්වීපය ඈඳා ගැනීමෙන් වාග්නර් කුලී හමුදාව එහි මුල් බැස ගත්තේය.
වාග්නර් සෙබළු  සිරියාවෙහි ලිබියාවෙහි රුසියානු ආණ්ඩුව වෙනුවෙන් කුලියට සටන් කළහ.

වැග්නර් බලකායේ කෙරුම්

මෙම සෑම අවස්ථාවකදීම වාග්නර් හමුදාවබරපතල මානව හිමිකම් කෙලෙසූ බවට සාක්ෂි ලැබී තිබේ.
යුක්‍රේනයෙහි සිදු කැරෙන දරුණු මානව හිමිකම් කෙලෙසීම් වලින් රුසියානු හමුසා නම බේරා ගැනීම පිනිස වාග්නර් කුලී හමුදාව යෙදවූ බවද කියැවේ.
සිය යුක්‍රේන ආක්‍රමණය පිනිස වාග්නර් කුලී හමුදාවට පුටින් ඇති තරම් අවි ආයුධ සහ මුදල් ලබා දුන්නේය. දැන් බලවක් විශාල යුද්ධ බලකායක් බවට පත්ව ඇති වැග්නර් හමුදාව මෑත කාලයන්හි යුක්රේන ප්‍රතිප්‍රහාර හමූයේ පසු බැස ගිය අතර තමන්ට අවශ්‍ය අවි ආයුධ නොදෙන බවට රුසියානු යුද්ධ නායකත්වය විවේචනය කළේය.
රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් ජාතිය අමතා කළ කතාවකදී වාග්නර් සමූහයට සහ එහි නායක යෙව්ගනි ප්‍රිගොෂින්ගේ ක්‍රියාව දඬුවම් ලැබිය හැකි “පාවාදීමක්” බව ඔහු පවසා තිබේ.
දැන් පූටින්  වාග්නර් ප්‍රධානී ප්‍රිගෝෂින් සම්බන්ධයෙන් අපරාධ විමර්ශනයක් ආරම්භ කර තිබේ.
වැග්නර් ප්‍රධානියා කියන්නේ තමන් ද  ප්‍රතිප්‍රහාර දෙන බවයි.

යුක්‍රේන ආක්‍රමණයේ හැරවුම් ලක්ෂයක්

මෙම යුක්‍රේනයේ රුසියානු ආක්‍රමණයේ තීරණාත්මක හැරවුම් ලක්ෂයක් විය හැකි බවට අදහස් පළ වී තිබේ. මෑත රුසියානු  ඉතිහාසයේ මෙවැනි සන්නද්ධ කැරැල්ලක් ඇති වී නැත.
යුක්රේන ආක්‍රමණය සම්බන්ධ රුසියානු හමුදා මූලස්ථානය පිහිටි රොස්තොව්-ඔන්-දොන්  පලාත දැන් පාලනය වන්නේ වාග්නර් යටතේය.
යුක්රේන දේශසීමා ආසන්නයේ පිහිටි නගරයේ ගුවන් තොටුපළ සහ හමුදා මූලස්ථානයේ පාලනය තමන් විසින් අත්පත් කර ගත් බවට වැග්නර්ගේ කුලී හමුදා ප්‍රකාශයෙන් පසුව රොස්තොව්-ඔන්-ඩොන් හි තත්වය “දුෂ්කර” බව පුටින් පිළිගත්තේය.
මේ අතර මොස්කව් බලා එන වාග්නර් හමුදාවට මුහුණ දීමට එහි හදිසි තත්වයක් ප්‍රකාශ කර තිබේ.
රොස්තොව් ඔනු දොන් නගරයේ සිට මොස්කව් කරා දිවෙන මහා මාර්ගය පුරා හමුදා මුර කපොලු ඇත බව ගූගල් මාර්ග සිතියම් පෙන්වයි.වාග්නර් හමුදා දැන් එම මාවතේ ඉදිරියට යමින් සිටින බව වාර්තා වේ.

පුවත් වාර්තා අසුරෙන් සුනන්ද දේශප්‍රිය විසිනි. 24.06.23

Archive

Latest news

Related news