Friday, May 10, 2024

දිනමිණ පත්තර 22% නොමිලේ බෙදයි; බේරේ ගෙදර නොමිලයේ බෙදන ප්‍රකාශන වසරක බිල මිලියන 84යි! 

අනුන්ට බණ දෙසන ආණ්ඩුවේ මුද්‍රිත මාධ්‍ය ආයතනය වන  බේරේ ගෙදර පත්තර නොමිලපේ බෙදා හැරීම ගජරාමයට කැරෙන හැටි වාර්තා වේ.

2021 වර්ශය සඳහා මෙළෙස නොමිලයේ බෙදා ඇති පුවත්පත් සහ වාර ප්‍රකාශන  වෙනුවෙන් වැය කර ඇති මුදල රුපියල් මිලියන 84කි.

දිනමිණ පුවත් පත් මුද්‍රණයෙන් සියයට 22ක්ම බෙදන්නේ නොමිලයේය. තවත් සියයට 20කට වඩා අළෙවි නොවී ආපසු පැමිණේ.

මෙම නොමිලයේ බෙදන ප්‍රමාණය 500ක් ලෙස සැළකුව හොත් දිනමිණ මුද්‍රණය කැරෙන්නේ පිටපත් 2500ක් තරම්ය.

රනිල් රාජපක්ෂ යටතේ  දිනමිණ පුවත්පතේ වත්මන් කතුවරයා වන්නේ වෛද්‍ය සාෆි ගැන බොරු වැපූරු මනෝජ් අබේධීරය. සිලුමිණ කතුවරයා වන්නේ තවත් එවැනිම කුලී ලියන්නකු වන සිසිර පරණතන්ත්‍රීය.

2021 වර්ෂය තුළ ‍බේරේ ගෙදර පුවත්පත් හයකින් පිටපත් 1,154,607 ක් සහ වාර සඟරා 14 කින් පිටපත් 87,898 ක්  නොමිලයේ නිකුත් කර තිබේ.

ආයතනයේ සියලු කළමනාකාර සාමාජික සාමාජිකාවනට විධායක ශ්‍රෙණියේ නිලධාරීන්ට සෑම ප්‍රකාශණයක්ම නොමිලයේ ලැබේ. ඉන් වැඩි හරියක් ආපසු බරට විකිණේ.

බේරේ ගෙදර යනදස දහස් ගණනාවක් සේවය කරන රාජ්‍ය ආයතනයකි. වරක් එහි දිනමිණ පුවත්පතෙහි මාධ්‍ය කාර්ය මණ්ඩලය සියය ඉක්මවා තිබූ අතර අයෙකුට වාඩිවිමට පුටු පවා තිබුණේ නැත. එම පිරිස කාලය ගත කළේ පුස්තකාලයේය.

ජනාධිපතිවරයා, අගමැති, ජනමාධ්‍ය ඇමැතිවරු, අමාතයාංශ ලේකම් යනාදීන්, හිටපු කළමනාකරන සාමාජික සාමාජිකාවන්, වසර 20ක් එහි සේවය කරන සියලු සේවක සේවිකාවන්ට. වසර 25ක සේවා කාලය සම්පූර්ණ කර විශ්‍රාම ගිය සේවක සේවිකාවනට මෙසේ නොමිලයේ ප්‍රකාශන ලබා දෙනු ලැබේ.

දේශපාලන පත්වීම් ලබන එහි මාධ්‍යවේදීන්ට සහ කතුවරුන්ට පෑදෙන්නේ ඉල්ලමකි. මාස 12ක වැටුපට අමතරව තවත් මාස 06ක බෝනස් දෙනු ලැබේ. සෑම කතුවරයකුටම රියදුරකු ඇතිව හෝ නැතිව වාහනයක් ලබා දේ.

බේරේ ගෙදර පත්තර තමන් කියන්නේ හරකෙක් මිලට ගැනීමට අවශ්‍ය නම ්පමණක් යැයි කීවේ අගමැතිවීමට සුදුසුකම් තිබියදී මරා දමන ලද ඇමති ජෙයරාජ් ප්‍රනාන්දු පුල්ලේය.මෙම ආයතනය ලාභ ලැබුවේ ආණ්ඩුවේ වෙළද දැන්වීමි නිසාය. 2022 වසරෙහි බේරේ ගෙදර ප්‍රථම වතාවට පාඩු ලැබුවේය.

 

(කරුණූ විගණකාධිපති වාර්තාවෙනි)

සේ. පියවර්ධන විසිනි.

 

Archive

Latest news

Related news