Thursday, May 2, 2024

රනිල් රාජපක්ෂගේ බ්‍රිතාන්‍ය තානාපති බෝගොල්ලාගමගේ  කැරැට්ටුව!

ඡායාරූපය: රෝහිත බොගොල්ලාගම, රාජපක්ෂ අතවැසියෙකි.
බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා තානාපති වශයෙන් කුප්‍රසිද්ධ දේශපාලනඥයකු වන රෝහිත බෝගොල්ලාගම පත් කිරීමට රනිල් රාජපක්ෂ තීරණය කර තිබේ.
ඒ අත්දැකීම් සහිත වෘත්තීය රාජ්‍යතාන්ත්‍රිකවරියක වන සරෝජා සිරිසේන වෙනුවටය.
කුප්‍රසිද්ධ දේශපාලනඥයකු වන බෝගොල්ලාගමගේ එකම විදෙස් අත්දැකීම වන්නේ සිවිල් යුද්ධය පැවති සමයේ මහින්ද රාජපක්ෂ  යටතේ අසාර්ථක විදේශ අමාත්‍යවරයා ලෙස කටයුතු කිරීම පමණය.
මෙලෙස රාජ්‍ය තාන්ත්‍රික දූත මණ්ඩලවලට දේශපාලන පත්වී පත් කළ පසු, ඔවුන්ගේ දරුවන් සහ ඥාතීන් වහාම නිලධාරීන් ලෙස සේවය කිරීමට විදෙස් ගත වෙයි. එය මෙවැනි දේශපාලනඥයින්ට ලැබෙන වරදානයකි.
රාජපක්ෂ පාලනය යටතේ විදේශ සේවාව සම්පූර්ණයෙන්ම දේශපාලනීකරණය කරන ලද අතර  එහි ප්‍රතිඵලයක් ලෙස විදේශ සේවා පද්ධතියේ සම්පූර්ණ බිඳ වැටීමක් සිදු විය.
වරක් හුදු ව්‍යාපාරිකයකු වූ ඒ.එස්.පී. ලියනගේද රාජපක්ෂවරු යටතේ තානාපති නිලධාරියකු බවට පත් විය.
දේශපාලන පත්වීම් දැන් ශ්‍රී ලංකාවේ විදේශ සේවයේ ළකුන වේ.  වෘත්තීය රාජ්‍ය තාන්ත්‍රිකයන් සහ සැබෑ දක්ෂතා නොසලකා හැර  විදේශ සේවය පිළිබඳ දැනුමක් නොමැති පුද්ගලයින් ප්‍රධාන රටවල තානාපතිවරුන් සහ මහ කොමසාරිස්වරුන් ලෙස පත්විම් ලබා ගැනීම මෙරට දේශපාලන පංතිය භුක්ති විදින දූෂිත වරප්‍රසාදයකි.
ගෝඨාභය රාජපක්ෂ විසින් කැනඩාවේ මහ කොමසාරිස් ලෙස පත් කරන ලද්දේ කිසිදු රාජ්‍ය තාන්ත්‍රික අත්දැකීමක් නොතිබූ හර්ෂ කුමාර නවරත්නය.
ඔවුන්ගේ පවුල් පිටින් විදේශ ගත වන අතර පුරවැසියන්ගේ බදු මගින් ඔවුන් සතපවනු ලැබේ.
දැන් අලුත්ම රාජපක්ෂ වන රනිල් රාජපක්ෂ ද යන්නේ ඒ දුෂිත පාරේමය.
පක්ෂ මාරු වීරයකු වන බෝගොල්ලාගම මුලින් යූඇන්පී කාරයෙකි. මෛත්‍රීපාල සිරිසේන  පාලනය යටතේ නැගෙනහිර පළාතේ ආණ්ඩුකාර තනතුර ලබා ගැනීමට ද ඔහු සමත් විය.
විදේශ අමාත්‍යවරයාව සිටි බෝගොල්ලාගම  විදෙස් සංචාරයන් සඳහා කුප්‍රසිද්ධියට පත් විය. බෝගොල්ලාගම යෙදුණු බ්‍රසීල නිල සංචාරය සඳහා රජයට ඇස්තමේන්තු ගත රු. මිලියන 5 කට  රියෝ ද ජැනයිරෝ හි වෙරළ නිවාඩු නිකේතනවල නිවාඩුවක් ද ඇතුළත් විය.
එම ගමන සමඟම බෝගොල්ලාගම එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසි වාරයට නියමිත වේලාවට ශ්‍රී ලංකා ජනාධිපති දූත පිරිසට එක්වීම සඳහා නිව්යෝර්ක් නුවරට පැමිණීමට නියමිතව තිබූ අතර අධික වියදම් සහිත නිව්යෝර්ක්හි රිට්ස්-කාල්ටන් හෝටලයේ නවාතැන් ගැනීමට සකස් කර ගෙන තිබුණි.  නිල වශයෙන් වෙනම කාමර දෙකක් වෙන් කර  තිබූ අමාත්‍යවරයාගේ මහජන සම්බන්ධතා නිලධාරියා සහ පෞද්ගලික ආරක්ෂක නිලධාරියා එක කාමරයකට දැමූ බෝගොල්ලාගම ඉතිරි කාමරය සිය දියණියට සහ ඇයගේ සැමියාට ලබා දී  දුන් බව සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කළේය. අමාත්‍යවරයාගේ දියණිය හෝ ඇයගේ සැමියා ශ්‍රී ලංකා නිල නියෝජිත කණ්ඩායමේ සාමාජිකයෙකු නොවීය. ඔහු දූෂණයෙන් අගතැන් පැමිණ ඇත්තේ එලෙසය.
හෝටල් ලදු පතෙහි තම දියණියගේ සහ බෑණාගේ නම් සදහන් නොකරන සේ බොගොල්ලාගම හෝටලය සමඟ කතා කර ගෙන තිබුණි. වෙනත් ලෝක අගනගරවල සංචාරයන් හිදී ද එලෙසම කර ඇති බව 2008 වසරෙහිදී වාර්තා විය.
මේ වනාහී බෝගොල්ලාගම විදේශ රටවල නිල සංචාරවල යෙදී සිටියදී අධික වියදම් පිළිබඳ චෝදනාවලට මුහුණ දුන් එක් අවස්ථාවක් පමණි.
2010 එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයාගේ කාර්ය මණ්ඩල ප්‍රධානී විජේ නම්බියාර් වෙත ලියුමක් යවමින් සිය පුත්‍රයාට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ රැකියාවක් ලබා දෙන ලෙස ඉල්ලා සිටියේය.
ලසන්ත වික්‍රමතුංග සන්ඩේ ලීඩර් කතුවරයා ලෙස රෝහිත බෝගොල්ලාගම දරුණූ විවේචනයන්ට ලක් කළේය. අද ඔහු ජීවතුන් අතර සිටියේ නම් රනිල් රාජපක්ෂ ගැන කුමක් සිතනු ඇත්ද?
මොස්කව්, නවදිල්ලිය සහ වොෂින්ටනය ඇතුළු වැදගත් අගනගරවල තානාපතිවරුන් වන්නේ දේශපාලන ගැත්තන්ය.  රුසියාවේ මොස්කව් සඳහා ශ්‍රී ලංකාව දශක දෙකක සිට වෘත්තීය රාජ්‍ය තාන්ත්‍රිකයෙකු පත් කර නොමැත.

Archive

Latest news

Related news