Tuesday, July 16, 2024

මුදල් විශුද්ධිකරණය සහ මැතිවරණ වියදම් නියාමන පනත් මංජු නිශ්ශංක විසින් උල්ලංඝනය කළැයි සීඅයිඩියට කළ පැමිණිල්ල මෙන්න!

සමාජ ක්‍රියාකාරක ඕෂල හේරත් විසින් මංජු නිශ්ශංක සමබන්ධයෙන් ‌අපරාධ පරීක්ෂන දෙපාර්ථමෙන්තුවට කරන ලද පැමිණිල්ල පහත දැක්වේ. දේශපාලන පක්ෂයක නායකයකු වන මංජු නිංශ්ශංක මෙම චෝදනා සමබන්ධයෙන් ඔහුගේ ස්ථාවරය පැහැදිළි කළ යුතුය. – ශ්‍රී ලංකා බ්‍රීෆ්
මංජු නිශ්ශංක නම් ශ්‍රී ලංකා, ඇමරිකානු සහ බ්‍රිතාන්‍ය යන රටවල් තුනේම පුරවැසිකම සහිත පුද්ගලයෙක් ශ්‍රී ලංකා ගෝලීය කොංග්‍රසය නමින් ලියාපදිංචි නොකළ දේශපාලන ව්‍යපාරයක නායකත්වය දෙමින්, ඔහු විසින් පූර්ණ වියදම් දරමින් ගම්පහ දිස්ත්‍රිකයේ පළාත් පාලන ආයතන 4කට වැඩි සංඛ්‍යාවක් සහ මාතර දිස්ත්‍රිකයේ පළාත් පාලන ආයතනයක් වෙනුවෙන් අරුණලු ජනතා පක්ෂය නම් වූ ලියාපදිංචි දේශපාලන පක්ෂයක් යොදාගනිමින් පළාත් පාලන  මැතිවරණයට කණ්ඩාම් යොදා තරග කිරීමට කටයුතු කරයි.
මෙම ශ්‍රී ලංකා ගෝලීය කොංග්‍රසය, ශ්‍රී ලංකාව තුල දේශපාලනය කිරීම සදහා අරමුදල් රැස්කිරීම සිදුකරනුයේ විදේශීය සංවිධාන සහ විදේශීය සමාගම් සහ අනන්‍යතාව ප්‍රසිද්ධියට පත්නොකළ දේශීය සහ විදේශීය පුද්ගලයින්ගේ මුදලින් සහ වෙනත් අරමුදල් යොදා ගෙනයි.
මංජු නිශ්ශංක නම් පුද්ගලයා මුලින්ම 2020 පාර්ලිමේන්තු මැතිවරණය සමයේ රුපියල් මිලියන 30 ක පමණ මුදලක් ගම්පහ දිස්ත්‍රික පාලිමේන්තු මන්ත්‍රී නාලක ගොඩහේවා මන්ත්‍රීවරයාගේ මැතිවරණ ව්‍යපාරය වෙනුවෙන් වියදම් කර ඇති බවට ඔහු විසින්ම විවිධ පාර්ශවයන් සමග සඳහන් කර ඇති බවට වාර්තා වේ. එම මැතිවරණයෙන් පසු ඔහු නාලක ගොඩහේවා ඇමතිවරයාගේ උපදේශක තනතුරක් සහ නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂක ධුරයකද කටයුතු කර ඇත.
2022 මුල්භාගයේ සිට දැනට වසරකට වැඩි කාලයක් ඇක්සෙස් ටවර් ගොඩනැගිල්ලේ 6 වන මහළ මෙම දේශපාලන ව්‍යාපාරවල මුලස්ථානය ලෙස පවත්වාගෙන යන අතර දළ වශයෙන් මසකට මිලියන 5 හෝ ඊට වැඩි ප්‍රමාණයක් මෙම දේශපාලන ව්‍යාපාරය සඳහා නම් නොකළ විදේශ මුලාශ්‍ර වලින් ලබා ගන්නා බවට වාර්තා වේ. ඊට අමතර on320 මහල් නිවාසයේ සහ shangrila නිවාස සංකීර්ණ නිවාස මෙම දේශපාලන කටයුතු සඳහා යොදා ගන්නා බවට තොරතුරු වාර්තා වේ. මේ සියලු වියදම් දරනුයේ මෙම මංජු නිශ්ශංක නම් පුද්ගලයා බවත් ඔහු සතුව ලංකාව තුල ඒ සඳහා මුදල් මුලාශ්‍ර හෝ ඉපැයිම් හෝ ව්‍යාපාර ඇති බවට සඳහනක් නැත.
ඔහු සතුව ඇමරිකාවේ නිව්යෝක් නගරයේ නිවසක් හිමි අතර එහිද ඩොලර් ලක්ෂ හයක පමණ ණය මුදලක් ඇති බවට වාර්තා වේ. මොහු සතුව 2018 සහ 2019 වසර වල පිළිවෙලින් KRMG Capital Investment Advisory Firm  සහ Mynt Coinz  නමින් ව්‍යපාර 2ක් ඇති බවට සඳහන් කළත් ඒවා ඉතා ප්‍රථමික මට්ටමින් පවත්නා ව්‍යාපාර වන අතර ඒවාද ඔහුගේ බිරිඳ වන ද්‍රවිඩ ජාතික ක්‍රිස්ටින් මෙලඩි ග්‍රේ නම් කාන්තාවක් මගින් පවත්වා ගෙන යන බවට වාර්තා වේ.  මොහු ඇමරිකාව හි ක්‍රිප්ටෝ මුදල් ප්‍රවර්ධකයෙක් ලෙස කටයුතු කර ඇති බවට ද වාර්තා වේ.
මොහු විසින් ඉහත කී දේශපාලන ව්‍යාපාර සඳහා රුපියල් මිලියන 100 හෝ ඊට වැඩි ප්‍රමාණයක් දළ වශයෙන් වියදම් කර ඇති බවට ඔහු ඒ සඳහා කර ඇති ආයෝජන හරහා ගණනය කළ හැක.  ඒ අනුව මංජු නිශ්ශංක මෙම  දේශපාලන ව්‍යපාර සඳහා අරමුදල් රැස්කිරීම මුදල් විශුද්ධිකරණ මගින් සිදුවිය හැකි බවට සාධාරණ සැකයක් පවතින අතර ඔහු දේශපාලනය සඳහා වැය කරන අරමුදල් 2023 අංක 3 දරණ මැතිවරන වියදම් නියාමන පණතේ පනස්වන පරිච්ඡේදය උල්ලංඝනය කරමින් සිදුකරන බවට සාධාරණ සැකයක් හටගනී.
එම නිසා මංජු නිශ්ශංක, singularity ශ්‍රී ලංකා සහ ශ්‍රී ලංකා ගෝලීය කොංග්‍රසය දේශපාලන කටයුතු සඳහා මෙතරම් විශාල මුදල් රැස්කිරීම සහ වියදම් කිරීම ගැන අපක්ෂපාතී පරීක්ෂණයක් සිදුකර සුදුසු නීතිමය පියවර ගන්නා මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.
ඕෂල හේරත්

Archive

Latest news

Related news