Saturday, April 20, 2024

25 හැවිරිදි ජනප්‍රිය දකුණූ කොරියානු පොප් ගායකයාගේ හදිසි මරණය වාර්තා කළ සැටි බලන්න.

ඡායාරූපය: K-pop තරුවක් වන මූන් බින් මහ පොළව අතහැර අහසේ තරුවක් බවට පත් විය.

(සන්සන්දනාත්මකව කියවා සහකම්පනයෙන් යුතුව අනෙකාගේ මරණය මෙනෙහි කරනු වස්)

කේ-පොප් K-pop තරුවක් වන මූන් බින් වයස අවුරුදු 25 දී ඔහුගේ නිවසේ මියගොස් සිටියදී සොයා ගත් බව ඔහුගේ කළමනාකරණ ඒජන්සිය බ්‍රහස්පතින්දා ප්‍රකාශ කළේය.
( යෞවනයින්ගෙන් සමන්විත කේ-පොප් K-pop සංගීත කණ්ඩායම් දකුණු කොරියාවෙහි පමණක් නොව ජපානයේ සහ ඇමෙරිකාවෙහි ද  මහත් ජනප්‍රියත්වයක් උසුලයි.)
ජනප්‍රිය පිරිමි සංගීත කණ්ඩායමක් වන Astro හි සාමාජිකයෙකු වන ගායකයා බදාදා සවස වෛද්‍ය ප්‍රතිකාරයන්ට ප්‍රතිචාර නොදැක්වූ බව දකුණු කොරියාවේ සෝල්හිදී  වාර්තා විය.
යොන්හැප් ප්‍රවෘත්ති ඒජන්සියට අනුව පොලිසිය මරණයට හේතුව විමර්ශනය කරන නමුත් මේ වන තෙක් සැක කටයුතු කිසිදු සලකුණක් සොයාගෙන නොමැත. තොරතුරු සඳහා කරන ලද ඉල්ලීමකට සෝල් හි ගංගනම් දිස්ත්‍රික් පොලිස් ස්ථානයේ නිලධාරීන් වහාම ප්‍රතිචාර දැක්වූයේ ද නැත.
මූන් බින්ගේ සංගීත ලේබලය වන ෆැන්ටජියෝ බ්‍රහස්පතින්දා ප්‍රකාශයක් නිකුත් කරමින් ඔහුගේ මරණය තහවුරු කළේය.
“අප්‍රේල් 19 වන දින, ASTRO සාමාජික මූන්බින් හදිසියේම අපේ ලෝකය හැර ගොස් අහසේ තරුවක් බවට පත් වී ඇත,” ඒජන්සිය ට්විටර් මගින් පැවසීය. එහි සඳහන් වූයේ සෙසු කලාකරුවන් “ඉතා ගැඹුරු ශෝකයෙන් හා කම්පනයෙන්” ඔහු ගැන ශෝක වන බවයි.
“අනපේක්ෂිත ලෙස මෙම ශෝකජනක පුවත ලද විපතට පත් පවුල වෙනුවෙන් කතා ගෙතීම් සහ ද්වේෂසහගත වාර්තා කිරීමෙන් වළකින්න, ඔවුන්ට ගෞරවයෙන් ශෝක වීමට ඉඩ දෙන්න,” එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.
පවුලේ අය මිතුරන් සහ සගයන් සමඟ අවමංගල්‍යයක් හැකිතාක් පුද්ගලිකව පවත්වනු ඇති බව එහි සඳහන් වේ.
මරණයට හේතුව සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් එම ප්‍රකාශයේ අඩංගු වී නොමැත.
ප්‍රාදේශීය මාධ්‍ය වාර්තා කළේ එම ප්‍රවෘත්තියෙන් පසු එක් ඇස්ට්‍රෝ සාමාජිකයෙකු රටේ හමුදාවෙන් හදිසි නිවාඩුවක් ලබාගෙන ඇති බවත් තවත් අයෙකු එක්සත් ජනපදයට යන ගමන අවලංඟු කර ඇති බවත්ය.
1998 ජනවාරි 26 වන දින උපත ලැබූ මූන් බින්, Astro හා සම්බන්ධ වීමට පෙර නළුවෙකු සහ නිරූපිකයකු  විය. සාමාජිකයින් හය දෙනෙකුගෙන් යුත් කණ්ඩායම ආරම්භ වූයේ 2016 දී ජනප්‍රිය රියැලිටි වැඩසටහනකට පෙනී සිටීමෙන් පසුව ය.
එය ඉක්මනින් දකුණු කොරියාවේ සහ ජපානයේ ජනප්‍රිය විය, Billboard ආයතනය එම වසරේ නව කේ-පොප් කණ්ඩායම් ලැයිස්තුවේ හොඳම 10 ලැයිස්තුවේ Astro ලැයිස්තුගත කළේය.
කණ්ඩායමෙහි  ජනප්‍රිය ගීතවලට “කැන්ඩි ෂුගර් පොප්,” “මුළු රාත්‍රිය,” “පිස්සු සෙක්සි කූල්” සහ තවත් ගීත ඇතුළත් වේ.
මූන් බින්, ද මූන්බින් සහ සන්හා ද්විත්වයේ සාමාජිකයෙකි.
ඔහුගේ සොහොයුරිය වන මූන් සුවා ද K-pop ජනප්‍රිය ගායිකාවකි. ඇය Billie ගැහැණු ගීත කණ්ඩායමේ සාමාජිකාවකි. අනෙකුත් K-pop වැඩසටහන් මෙන්ම ඇගේ සහෝදරයාගේ මරණයෙන් පසුව කණ්ඩායම  නියමිත සියලුම ප්‍රසංග අවලංගු කර හෝ කල් දමා ඇත.
අනපේක්ෂිත අභාවය සමාජ මාධ්‍යවල කම්පනය සහ ශෝකය පිට කිරීමට හේතු වූ අතර රසිකයන් මූන් බින් ඔහුගේ කාර්යයට ස්තූති කරමින් සහ අනුකම්පාව ප්‍රකාශ කළහ.
Moon Bin ගේ මරණය දකුණු කොරියාවේ ප්‍රමුඛ පෙළේ තරුණ ප්‍රසිද්ධ පුද්ගලයින් අතර සිදුවන   සිදුවීමක් වන අතර, වේගයෙන් වර්ධනය වන විනෝදාස්වාද ක්‍ෂේත්‍රයේ තරු මුහුණ දෙන පීඩනය, විෂ සහිත අන්තර්ජාල රසික සංස්කෘතිය සහ මානසික සෞඛ්‍යය පිළිබඳ ආකල්ප ගැන මෙනෙහි කිරීමට එරට පොළඹවා ඇති ප්‍රවණතාවක් බවට පත්ව තිබේ.
පසුගිය සතියේ දී නළු Jung Chae-yull වයස අවුරුදු 26 දී සිය මහල් නිවාසයේ මියගොස් සිටියදී සොයා ගන්නා ලදී.
ආර්ථික සහයෝගිතාව සහ සංවර්ධනය සඳහා වූ සංවිධානය හෙවත් OECD රටවල් අතරින් සියදිවි නසාගැනීම්වලින් වැඩිම මරණ අනුපාතය ඇත්තේ දකුණු කොරියාවයි.
දකුණු කොරියාවේ ප්‍රසිද්ධ පුද්ගලයින් බොහෝ ගැටලුවලට මුහුණ දෙන බව සෝල් ජාතික විශ්වවිද්‍යාල වෛද්‍ය විද්‍යාලයේ මහාචාර්යවරයකු සහ සෝල් පදනම් කරගත් Mind Lab Space Mental Health Clinic හි අධ්‍යක්ෂ ක්වාන්ග්-මින් ලී පැවසීය.
ඔවුන් බොහෝ විට ජීවත් වන්නේ “සමාගම් ඔවුන්ගේ පෞද්ගලිකත්වය සහ ඔවුන්ගේ බොහෝ ක්‍රියා සීමා කරන බැවින් සංවෘත පරිසරයක” බව ඔහු NBC පුවත් වෙත පැවසීය. “මිනිසුන්ගේ කතා සහ ඕපාදූප බවට පත් විය හැකි බැවින් ඔවුන්ට මානසික සෞඛ්‍ය සහාය ඉල්ලා සිටීම සහ එය කළමනාකරණය කිරීම දුෂ්කර ය.”
ප්‍රසිද්ධ පුද්ගලයින්, සංගීත ලේබල් ආයතන සහ රටේ සමාජය සාමාන්‍යයෙන් මානසික ප්‍රතිකාර ලබා ගැනීමට අපකීර්තියක්  ලෙස සළකන බව ලී පැවසීය. එබැවින් බොහෝ අය උපකාර පැතීම වෙනුවට නිහඬව සිටිති.
එම ගැටළු බොහෝ විට විෂ සහිත විය හැකි අන්තර්ජාල රසික සංස්කෘතියකින් ගලා එන  බව ලී තවදුරටත් පැවසීය.
ඔබ හෝ ඔබ දන්නා අයෙක් අර්බුදයක සිටී නම්,  අර්බුද ලයිෆ්ලයින් වෙත ළඟා වීමට 988 අමතන්න. ඔබට 800-273-8255 හිදී කලින් ජාතික සියදිවි නසාගැනීම් වැළැක්වීමේ ලයිෆ්ලයින් ලෙස හැඳින්වූ ජාලය ඇමතීමට,  741741 වෙත කෙටි පණිවිඩයක් යැවීමට හෝ අමතර සම්පත් සඳහා SpeakerOfSuicide.com/resources වෙත පිවිසීමටද හැකිය.

සුනන්ද දේශප්‍රිය.

(ජිමින් ලී සහ ඇසෝසියේටඩ් ප්‍රෙස් විසින් ඉග්‍රිසියෙන් පළ කරන ලිපියක සිංහලානුවාදයයි)

Archive

Latest news

Related news