Friday, April 26, 2024

යුද අපරාධ පරීක්ෂන: නිමලරාජන් ඝාතන සැකකරු බ්‍රිතාන්‍යයේදී අත්අඩඟුවට!

මාධ්‍යවේදී මයිල්වාගනම් නිමලරාජන් ඝාතනය කරන ලද්දේ 2000 වසරේදීය.

වසර 20 කට පෙර ශ්‍රී ලංකාවේ බීබීසී මාධ්‍යවේදියෙකු වූ නිමලරාජන් ඝාතනය කිරීම සම්බන්ධයෙන් විමර්ශනය කරන යුද අපරාධ රහස් පරීක්ෂකයින් විසින් කෙටරින්හිදී පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇති බව “The Northamptonshire Telegraph” වාර්තා කරයි.
කෙටරින් යනු එංගලන්තයේ නෝර්ත්හැම්ප්ටන්ෂයර් හි  ප්‍රාන්තයේ උතුරු නෝර්ත්හැම්ප්ටන්ෂයර් දිස්ත්‍රික්කයේ වෙළඳපල සහ කාර්මික නගරයකි.
48 හැවිරිදි ඔහු 2022 පෙබරවාරි 22 දා අත්අඩංගුවට ගනු ලැබ තිබේ. ශ්‍රී ලංකා බ්‍රීෆ් වෙත දැන ගන්නට ලැබී ඇති පරිදි මෙම පුද්ගලයා, නිමලරාජන්ගේ මරණයෙන් පසු එංගලන්තයට පලා ගිය දෙමල ජාතිකයෙකි.
ඉන් පසු මෙම විමර්ශනය ගැන කිසිවක් වාර්තා වී නැත.
2001 ජාත්‍යන්තර අපරාධ අධිකරණ පනතේ ජන සංහාර, මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ සහ යුද අපරාධ ආවරණය වන 51 වැනි වගන්තිය යටතේ වැරදි සම්බන්ධයෙන් සැක පිට ඔහු අත්අඩංගුවට ගත් බව පොලිසිය එම පුවත්පතට පවසා තිබේ. ඔහු අත්අඩංගුවට ගෙන පසුව විමර්ශන යටතේ පසුව නිදහස් කර ඇත.
මෙම අත්අඩංඟුවට ගැනීම මගින් පෙනී යන්නේ මෙරට සිදු වූ යුද අපරාධ සහ අනීතික ඝාතන සම්බන්ධයෙන් බටහිර රටවල විමර්ශනයන් දිගටම සිදු වන බවයි.
මෙයට දෙවසරකට පෙර එවකට විදේශ ඇමති වූ ලක්ෂ්මන් කදිරගාමර් ඝාතනය සම්බන්ධයෙන් ජර්මානු අධිකරණය දෙමළ ජාතිකයකුට සිර දුමව් පමණුවන ලදී.
නිර්භය වාර්තාකරණය සම්බන්ධයෙන් ප්‍රසිද්ධියට පත් නිමලරාජන් මහතා ඔක්තෝබර් 19 වැනි දින උතුරු ශ්‍රී ලංකාවේ යාපනය නගරයේ පිහිටි ඔහුගේ නිවසේදී වෙඩි තබා ඝාතනය කරන ලදී.
තුවක්කුකරුවන් ඔහුගේ පියාට පිහියකින් පහර දී අත්බෝම්බයක් විසි කිරීමෙන් පවුලේ අනෙකුත් සාමාජිකයින්ට තුවාල සිදු විය.
මාධ්‍යවේදියා බීබීසී හි සිංහල සහ දෙමළ භාෂා සේවා සඳහා සේවය කළ අතර  මහ මැතිවරණයය අතරතුර සිදුවෙමින් පැවති ප්‍රචණ්ඩ ක්‍රියා පිළිබඳ වාර්තා කරමින් සිටියේය. ඔහු දෙමළ සටන්කාමී කණ්ඩායමක් වූ ඩග්ලස් දෙවානන්දාගේ ඊපීඩීපියට මානව හිමිකම් කඩකිරීම් සහ ඡන්ද මංකොල්ලකෑම් සම්බන්ධයෙන් චෝදනා කර තිබුණි.
2017 ඔක්තෝම්බර් මාසයේදී මෙට්‍රොපොලිටන් පොලිසියට මෙම ඝාතනය සම්බන්ධයෙන් යොමු කිරීමක් ලැබී විමර්ශනයක් ආරම්භ කරන ලද බවත් එම පුවත්පත වාර්තා කරයි.
අත්අඩංගුවට ගැනීමෙන් පසු මෙට්‍රොපොලිටන් පොලිසිය මෙසේ පවසා ඇත්තේ “විශේෂයෙන් නිමලරාජන් මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් තවමත් තොරතුරු තිබෙන අය සිටිනු ඇති අතර, නිමලරාජන් මහතාගේ පවුලට යුක්තිය ඉටු කර ගැනීමට ඉදිරිපත් වී උපකාර කරන ලෙස අපි එම ජනතාවගෙන් ඉල්ලා සිටින” බවයි.
නිමලරාජන්ගේ බිරිඳ සහ දරුවන් ජීවත් වන්නේ  කැනඩාවේය.
බීබීසී දෙමළ හා සිංහල සේවාවන්ට අමතරව නිමලරාජන් දෙමළ දිනපතා වීරකේසරි පුවත්පතට සහ සිංහල සතිපතා රාවය පුවත්පත සඳහා දායක වූ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියෙකු විය.
රජය සමඟ හවුල් වී සිටින  ඊළාම් ජනතා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය (ඊපීඩීපී) කණ්ඩායම මෙම ඝාතනය සිදු කළ බවට සැක කෙරේ. 2021 මැයි මාසයේදී ශ්‍රී ලංකා නීතිපති දෙපාර්තමේන්තුව මිනීමැරුම් නඩුවට සම්බන්ධයෙන් අත්අඩංඟුවෙහි සිටි සැකකරුවන් නිදහස් කරන ලෙස නියෝග කළේය. අවම වශයෙන් තවත් සැකකරුවන් දෙදෙනෙකු විදේශගතව සිට ඇතැයි වාර්තා වේ.
නිමලරාජන්ගේ ඝාතනය සිදුවී වසර 22කට අධික කාලයක් ගතවී ඇතත් අනෙක් මාධ්‍යවේදී  ඝාතන සම්බන්ධයෙන් මෙන්ම කිසිවකුට දඩුවම් පමුණුවා නැත.

Archive

Latest news

Related news