Friday, April 26, 2024

ඡන්දය තියණු! මාහා නායක හිමිවරුත් කියති.

ඡායාරූපය: ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන්  ප්‍රචණ්ඩත්වය මගින් යටපත් කරන රනිල් රාජපක්ෂට දැන් මැතිවරණය කල් දැමීම තවත් දුෂ්කර වනු ඇත. ( ජායාරූපය 14.03.23 දින පැවැති විරෝධතාවයකිනි)

පසුගිය දා මෙරට කතෝලික සභාවේ නායන කාදිනල් මැල්කම් රංජිත් හිමිපානන් විසින් පලාත් පාගන මැතිවරණය පවත්වන ලෙස කරන ද ඉල්ලීමට හා සමානව පළාත් සභා මැතිවරණය නිසි කලට පවත්වන ලෙසත්, ප්‍රජාතන්ත්‍රවාදය සුරැකීම යනු නිදහස් හා සාධාරණ මැතිවරණයක් තුළින ජනතා පරමාධිපත්‍යය තහවුරු කිරීම බවත් පළාත් පාලන මැතිවරණය නියමිත පරිදි පැවැත්වීම රජයේ වගකීම බවත් අවධාරණය කරමින් මල්වතු අස්ගිරි මහානායක හිමිවරු විශේෂ ලිපියක් මගින් පත්කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත ලිඛිතව දන්වා තිබේ.

ජීවන වියදම ඉහළ යෑමෙන් සිදුවන සමාජ පරිහානිය හා අරාජිකත්වය පිළිබඳ සූත්‍ර සාහිත්‍යාගත කූටදන්ත සූත්‍රය, චක්කවත්තී සීහනාද සූත්‍රය වැනි සූත්‍ර තුළ මනාව විස්තර කර ඇති බවය.

එමෙන්ම ආර්ථික අර්බුදයේ සමස්ත බර මහජනතාව මත පැටවීම වෙනුවට රාජ්‍ය මුදල් නිසි කළමනාකරණය, දුෂණය පිටු දැකීම රාජ්‍ය සම්පත් අවභාවිතය වැළැක්වීම, මහජන නියෝජිතයින් භුක්ති විඳින අසීමිත වරප්‍රසාද ඉවත් කිරීම වැනි ප්‍රායෝගික විසඳුම් තුළින් මහජන පීඩාවන් අවම කිරීමට රජය කටයුතු කළ යුතු බවද නායක හිමඅවරු පත්කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත යොමු කළ ලිපිය මගින් අවධාරණය කර ඇත.

පවතින ගැටලු පිළිබඳ සිදුකරන මහජන විරෝධතාවන් රට තුළ දේශපාලන, ආර්ථික හා සාමාජීය අස්ථාවරත්වයක් ඇති කිරීමේ අරමුණින් ක්‍රියාත්මක නොකළ යුතුවා මෙන්ම සාමකාමීව රටේ නෛතික සීමාවන්ට අනුගතව නිදහසේ ස්වකීය අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය මහජනතාවට තිබිය යුතු බවද මහා නායක හිමිවරු සිය ලේඛනයෙන් අවධාරණය කරති.

(ලංකා ට්රුත් ලිපියක් ද ඇසුරිණි)

Archive

Latest news

Related news