Friday, March 29, 2024

බෙදුණු විපක්ෂයට රනිල් රාජපක්ෂගේ තර්ජනය: වර්ජකයින් සිරගත කර දේපල රාජසන්තක කරනවා!

හෙටට නියමිත සංකේත වැඩ වර්ජකනටය සහභාගි වන සේවක පිරිස් සිරගත කරන බවටත් දේපළ රාජසන්තක කරන බවටත් ජනාධිපති රනිල් රාජපක්ෂගේ අමාත්‍ය වජිර අබේවර්ධන තර්ජනය කරයි.

අබේවර්ධන එක්සත් ජාතික පක්ෂයේ සභාපති ද වේ.

1979 අංක 61 දරන අත්‍යවශ්‍ය මහජන සේවා පනත යටතේ වරදක් කරන එනම් වර්ජනයක යෙදෙන සෑම පුද්ගලයකුගේම චංචල හෝ නිශ්චල දේපළ රාජසන්තක කරන බව ඔහු පවසයි.

මේ 1980 වර්ජනය සම්බන්ධයෙන් ජේ ආර් ජයවර්ධන විසින් ගනු ලැබූ මර්දනකාරී පියවර යළි ක්‍රියාත්මක කරන බවට තර්ජනය කිරීමකි.

ගැසට් කරන ලද අත්‍යාවශ්‍ය සේවාවන්හි  වර්ජනයකට සහභාගී වීම දඬුවම් ලැබිය හැකි වරදක් බවට පසුගිය 12වනදා මාධ්‍ය හමුවේහි ඔහු ගිරිය පුප්පා කෑ ගසා තිබේ.

වරාය, ගුවන් තොටුපළ, මගී ප්‍රවාහන සේවා සහ ඒ ආශ්‍රිත සේවා අත්‍යාවශ්‍ය සේවා ඇතුළත් ගැසට් නිවේදනයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අත්සන් තබා ඇති බවට අනතුරු අඟවන අබේවර්ධන  වැඩ වර්ජනවලට සහ කඩාකප්පල්කාරී ක්‍රියාවල යෙදීමට පෙර එම අත්‍යවශ්‍ය නීතිය කෙතරම් බලවත්ද යන්න පිළිබඳව සියලු දෙනා අවබෝධ කරගත යුතු බවට තර්ජනය කරයි.

මෙයට පෙරද මෙරට වැඩ කරන ජනයා පාලකයින්ගේ අත්‍යවශ්‍ය සේවා නියෝග කුණූ කූඩයට විසිකර තිබේ.

ජනාධිපතිවරයාගේ අත්සනින් නිකුත් කර ඇති එම ගැසට් නිවේදනයට අනුව, පොදු ප්‍රවාහන සේවා මගීන්ට හෝ භාණ්ඩවලට, ඕනෑම වරායක ඇති යාත්‍රාවලින් ආහාර පාන හෝ ගල් අඟුරු, තෙල්, ඉන්ධන මුදා හැරීම, ප්‍රවාහනය, පැටවීම, ගබඩා කිරීම, බෙදා හැරීම සහ ඉවත් කිරීම අත්‍යවශ්‍ය සේවාවන් බවට පත් කර ඇත.

තවද අධිවේගී මාර්ග, පාලම්, බෝක්කු, ගුවන් තොටුපළ, වරාය සහ දුම්රිය ඇතුළු මාර්ග, දුම්රිය හෝ ගුවන් මගින් ප්‍රවාහන සේවා සඳහා පහසුකම් සැපයීම සහ නඩත්තු කිරීම, වහාම ක්‍රියාත්මක වන පරිදි අත්‍යවශ්‍ය සේවාවන් ලෙස ගැසට් කර තිබේ.

අත්‍යාවශ්‍ය පොදු සේවා පනත යටතේ වරදක් සිදු කර නඩු විභාගයකින් වරදකරු කරනු ලබන තැනැත්තෙකු වසර දෙකකට නොඅඩු සහ වසර පහකට නොවැඩි කාලයක් සඳහා බරපතල වැඩ සහිත සිරදඬුවමකට යටත් කරන බවට අබේවර්ධන වහෙන් ඔරෝ බසින් තර්ජනය කරයි.

අදාළ වරද කරන පුද්ගලයාගේ රැකියාවේ සහ රැකියාවේ නිරත වීමේ අයිතිය අහිමි වන බවටද ඔහු පාරම්බා තිබේ.

මේ 1980 ජේ ආර් ජයවර්ධන මර්දනය කරා යෑමට රනිල් රාජපක්ෂ දරන හීනයයි.

මෙම හීනය රැක  ගැනීම සඳහා ඕනෑම මර්දනකාරී තත්වයකට යෑමට සූදානම් බව අබේවර්ධනගේ මෙම කයිවාරුවෙන් පෙනේ. මෙම කයිවාරුව පිටුපස සිටින්නේ රනිල් රාජපක්ෂ බවට සැකයක් නැත.

වඩ වර්ජකයින්ට පහර දිය යුතු බවට හොර පාස්පෝට් ඩයනාද අධෝවාතයක් පිට කර තිබේ.

හෙට එනම් 15දා පැවැත්වෙන් වැඩවර්ජනය කඩාකල්පල් කිරීමට රනිල් රාජපක්ෂගේ ටොයි බලකායද සමාජ මාධ්‍ය හරහා වැඩට බැස තිබේ.

මැතිවරණ කල් දමා වැඩ වර්ජනකයින් සිර ගත කරන බවට තර්ජනය කරන රනිල් රාජපක්ෂ හමුවේ බෙදී සටන් කරන විපක්ෂය දැන්වත් පොදු එකඟතාවයකට පැමිණිය යුතුය.

සේ. පියවර්ධන

 

Archive

Latest news

Related news