Tuesday, July 16, 2024

ඒකාබද්ධ ප්‍රකාශනය: මර්දනයට එරෙහිව, මූලික අයිතිවාසිකම් ඇතුලු ජීවත්වීමේ නිදහස සදහා තීරණාත්මක ලෙස මැදිහත් වෙමු!

ඒකාබද්ධඒකාබද්ධ ප්‍රකාශනය.

රට දැවැන්ත ආර්ථික අර්බුදයකට මුහුණු දෙමින්, රටේ ජනතාවගේ ජීවත්වීමේ නිදහස පවා උල්ලංඝණය වී තිබෙන අවස්ථාවක, රාජ්‍ය ධනය විශාල වශයෙන් යොදවමින් ආණ්ඩුව විසින් 75 වන නිදහස් දින සැමරුම් උළෙලවල් පැවැත්වීමට විරෝධය පළ කරමින් සමාජ ක්‍රියාකාරින්, වෘත්තීය සමිති, වෘත්තීයවේදීන්, සිවිල් සංවිධාන ඇතුළු පුරවැසියන් විසින් සිදු කරන ලද සාමකාමී සත්‍යග්‍රහයට මැර කණ්ඩායම්, පොලිසිය හා හමුදාව යොදගනිමින් සිදු කරන ලද නිර්ලජ්ජිත, ම්ලේච්ඡ ප්‍රහාරය සිවිල් සංවිධාන, වෘත්තීය සමිති හා සමාජ ක්‍රියාකාරින් ලෙස අපි දැඩිව හෙළා දකිමු.

විශේෂයෙන්ම ආණ්ඩුවේ ‘නිදහස් සැමරුම්’ උත්සවය පැවැත්වෙන දිනවල උද්ඝෝෂණ හා පෙළපාලි පැවැත්වීම සම්බන්ධයෙන් අධිකරණය මගින් පනවා තිබූ නියෝගයන් අනුව යමින්, කිසිදු ආකාරයක කලබලයක් හෝ මහජනයාට අවහිරතාවයක් නොවන පරිදි පැවැත්වූ සත්‍යග්‍රහයට එල්ල කරන ලද ප්‍රහාරය මගින් ශ්‍රී ලංකාවේ පුරවැසියන්ගේ සාමකාමී ඒකරාශී වීමේ හා විරෝධය පෑමේ අයිතියේ වර්තමාන තත්වය පිළිබද ඉතා භයංකර තත්වයක් පිළිබිඹු කරයි.

මෙම ප්‍රහාරයන් සමගම අත්අඩංගුවට ගත් සමාජ ක්‍රියාකාරීන්ට වෛද්‍ය හෝ නිති සේවාවන් ලබා ගැනීම සදහා ඇති අයිතිය පවා උල්ලංඝණය කරමින් පොලීසිය ඔවුන්ගේ මූලික අයිතිවාසිකම් පවා උල්ලංඝනය කරන තත්වයට පත්ව ඇත.

මේ හා සමගම ‘නිදහස් දිනයට’ සමගාමිව උතුරු හා නැගෙනහිර ශිෂ්‍ය සංවිධාන විසින් සංවිධානය කර තිබූ පා ගමනටත්, අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය ප්‍රමුඛ සමාජ ව්‍යාපාර විසින් සංවිධානය කර තිබූ විරෝධතාවයටත් බාධා කිරිමට වර්තමාන ආණ්ඩුව කටයුතු කරන ලදී.

රටක නිදහස යනු එම රටේ ජනතාවට තමන්ගේ මූලික අයිතිවාසිකම් භුක්ති විදිමින්, ගෞරවාන්විත පුරවැසියන් ලෙස ජීවත්වීමට ඇති නිදහසයි. නිදහස සැමරීමේ නාමයෙන් වර්තමාන ආණ්ඩුව මේ උදුරා ගනිමින් සිටින්නේ මේ රටේ පුරවැසියන් ලෙස අපට ඇති අපගේ මූලික අයිතියයි.

ආර්ථික අර්බුදය හේතුවෙන් රටේ ජනතාව මේ වන විට දැවැන්ත ගැටළුකාරි තත්වයන්ට මුහුණ දී සිටි. දිනෙන් දින ඉහළ යන ජීවන, ඖෂධ ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ හිගය, රැකියා අහිමිවීම්, බදු බර ඇතුළු ගැටළු හේතුවෙන් රටේ ජනගහනයෙන් අති බහුතරයකට තම මූලික අවශ්‍යතාවයන් පවා සපුරා ගත නොහැකි තත්වයට පත්ව ඇත. යුද්ධයෙන් හා ජාතිවාදී දේශපාලනය හේතුවෙන් පීඩාවට පත් වූ දෙමළ හා මුස්ලිම් ජනකොටස්, වතු කම්කරුවන් ඇතුළු මලයහ ජන කොටස් සහ තවත් බොහෝ දෙනාට ලැබුනා යැයි කියන ‘නිදහසෙන්’ පසු තවමත් තම මූළික අයිතිවාසිකම් පවා නොමැතිව පීඩාවට පත්වෙමින් සිටිති.

‘නිදහස ලැබී 75 වසරක්’ ගතවන මේ අවස්ථාවේ, රටේ ජනතාව මුහුණ දී තිබෙන මෙම ගැටළු විසදීම සදහා අවදානය යොමු නොකර, ඒ පිළිබදව තම හඩ අවදි කරන ජනතාව, දිගින් දිගටම මර්දනය කිරීමට උත්සාහ දැරීම කණගාටුවට කරුණකි.

ශ්‍රි ලංකාව වර්තමානයේ මුහුණ දී තිබෙන දැවැන්ත ආර්ථික, දේශපාලනික හා සමාජීය අර්බුදවලට මූලික හේතුව කලින් කලට පත් වූ ආණ්ඩු විසින් අනුගමනය කරන ලද අත්තනෝමතික, හිතුවක්කාරි හා මර්දනකාරී ක්‍රියා පිළිවෙත් බව අපි නැවත නැවතත් මතක් කිරිමට කැමැත්තෙමු.

එබැවින් රජයේ වර්තමාන මර්දනකාරි පිළිවෙත් මෙම අර්බුදයන් විසදනවා වෙනුවට තව තවත් උග්‍ර කරවනු ඇති බව අපගේ විශ්වාසයයි.

සාමකාමී ලෙස රැස්වීම හා සාමකාමී ලෙස විරෝධය දැක්වීම යනු ශ්‍රි ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් තහවුරු කර ඇති මූලික අයිතිවාසිකමකි. වර්තමාන ආණ්ඩුව  අත්තනෝමතික ලෙස උල්ලංඝණය කරමින් සිටින්නේ රටේ පුරවැසියන්ගේ එම අයිතියයි. එබැවින් ජනතාවගේ මූලික අයිතිවාසිකම් ඇතුලු ජීවත්වීමේ නිදහස ආරක්ෂා කර ගැනීම සදහා තීරණාත්මක ලෙස මැදිහත් වන ලෙස ජාතික සහ ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධාන, සිවිල් සමාජ ව්‍යාපාර හා සියලු පුරවැසියන්ගෙන් අපි සහෝදරත්වයෙන් ඉල්ලා සිටිමු.

2023 පෙබරවාරි 08

ඒ ජේසුදාසන්
අයින්ස්ලි ජෝශප්
අමාලි වෙදගෙදර
ඇනිට්‍රා වරියා
ඇන්තනි විනෝද්
අනුෂයා කොල්ලුරේ
අශිල දන්දෙණිය
බී.ගෞතමන්
බාලසිංහම් ස්කන්ධකුමාර්
භාරත ප්‍රභාෂණ තෙන්නකෝන්
භවානි ෆොන්සේකා
බිෂොප් දුලීප් ද චිකේරා, ශ්‍රී ලංකාවේ ඇංග්ලිකන් පල්ලිය
කෙනත් ප්‍රනාන්දු රදගුරු
කුමාර ඉලංගසිංහ රදගුරු
C. Tozer – කාන්තා අයිතිවාසිකම් ක්‍රියාකාරිනිය
චන්ද්‍ර දේවනාරායන
චන්ද්‍රා ජයරත්න
චන්ද්‍රිකා ගදීවසම් – නිදහස් ලේඛිකාව
ක්‍රිස්ටීන් පෙරේරා – සෞඛ්‍ය හා සත්ව ක්‍රියාකාරිනිය
චූලනි කොඩිකාර
දීක්‍ෂ්‍යා ඉලංගසිංහ
ධර්මසිරි ලංකාපේලි, ප්‍රධාන ලේකම්, මාධ්‍ය සේවක වෘත්තීය සමිති සම්මේලනය (FMETU)
දර්ශන කාහිංගල
ආචාර්ය ලයනල් බෝපගේ
ශා. රොහාන් සිල්වා
ශා. සරත් ඉද්දමල්ගොඩ
ඉන්තුමති හරිහරතමෝතරන්
ජේ.ඒ.ප්‍රියන්ත ප්‍රනාන්දු
ජේක් ඕර්ලොෆ්
ජෝසප් ස්ටාලින්
ලහිරු වීරසේකර
ලක්ෂ්මන් එෆ් බී ගුණසේකර
ලසන්ත රුහුණගේ
මධුභාෂිනී ආර්. රත්නායක, සන්නිවේදන උපායමාර්ගික සහ චිත්‍රපට නිෂ්පාදක, ශ්‍රී ලංකාව
මෛත්‍රී රාජසිංහම්
මරීසා ද සිල්වා
මොනිකා ඇල්ෆ්‍රඩ්
එන් සුරන්නි කුරේ
නගුලන් නේසියා
නිකොලා පෙරේරා
නිල්ෂාන් ෆොන්සේකා
පී මුතුලිංගම්
පබා දේශප්‍රිය – bakamoono.lk
පසන් ජයසිංහ
පීටර් රෙසෙල්, වරලත් ගණකාධිකාරී
ප්‍රබෝධ රත්නායක ඒ.ඒ.එල්
ප්‍රබු දීපන්
ප්‍රේමා ගමගේ
Green Hats පදනමේ සභාපතිනි ප්‍රියදර්ශනී ආරියරත්න
මහාචාර්ය සිත්රාලේගා – ස්වාධීන ස්ත්‍රීවාදී පර්යේෂක, මඩකලපුව
ආර්.ආර් ගොඩවත්ත
රංජිත් ද සිල්වා
රේඛා නිලුක්ෂි, මාධ්‍යවේදිනියකි
ආචාර්ය ජයසිරි ටී පීරිස් පියතුමා
ගරු පියතුමා. එෆ්.ජේ.ඥානරාජ් කෲස්
ගරු පියතුමා. ජෙයබාලන් කෲස්
ගරු පියතුමා. මැක්ස්වෙල් ඩොස්
ගරු පියතුමා. නන්දන මනතුංග
ගරු ජ්‍යෙෂ්ඨ නොයෙල් ක්‍රිස්ටීන් ප්‍රනාන්දු
රෝහිණී හෙන්ස්මන් – ලේඛිකාව, පර්යේෂක සහ ක්‍රියාකාරිනිය
Rosanna Flamer-Caldera
රුකී ප්‍රනාන්දු
රුවන් ලක්නාත් ජයකොඩි – ලේඛකයා
එස් අත්තනායක
එස් ජෙයම්
එස් තවසීලන්
සම්පත් සමරකෝන් – සංස්කාරක, VIKALPA.ORG
සඳුන් තුඩුගල
සන්ධ්‍යා සල්ගාදු
සාරා ආරුමුගම් – නීතිඥ
ජාතික වෙළෙඳ ආරක්‍ෂක සභාවේ ජාතික සංවිධායක සරත් කරුණාදාස
සරෝජ් පතිරණ – මාධ්‍යවේදියා
සෙල්වරාජා රාජසේගර් – www.maatram.org හි කර්තෘ
ශ්‍රීන් අබුල් සරූර්
සින්තුකා විවේකානන්දන් – මානව හා කාන්තා අයිතිවාසිකම් ක්‍රියාකාරිනිය
නිදහස් වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ ප්‍රධාන ලේකම් ශ්‍රීනාත් පෙරේරා ඒ.ඒ.එල්
සුහීර සෆීක්
සුමති සිවමෝහන්
සුමති සිවමෝහන්
සුනන්ද දේශප්‍රිය
තරිඳු උඩුවරගෙදර – මාධ්‍යවේදියා
තුෂාරි මඩහපොල
යූ.එල්.එම්. නජීබ් – සභාපති, මහජන සුබසාධන සංගමය, කල්කුඩා, මඩකලපුව දිස්ත්‍රික්කය
හාමුදුරුවෝ. ශා. සැමුවෙල් ජේ පොන්නයියා
වින්සන්ට් බුලත්සිංහල, ඒ.ඒ.එල්
විශාඛා තිලකරත්න – ස්වාධීන ක්‍රියාකාරිනියකි
ඩබ්ලිව්.එෆ්. ප්‍රියංකර කොස්තා
ඩබ්ලිව්.එස්. රඹුක්පොත
යෝගා රාජේස්කන්න, SLATE Union, Sri Lanka Telecom

 

ආයතන

සුළු ජාතීන් සඳහා සන්ධානය
ඉඩම් හිමිකම් සඳහා අම්පාර දිස්ත්‍රික් සන්ධානය (ADALR)
සමාජය සහ ආගම සඳහා මධ්යස්ථානය (CSR)
ලංකා ගුරු සංගමය
සිරකරුවන්ගේ අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව (CPRP)
දබිඳු සාමූහිකය
අතුරුදහන් වූවන්ගේ පවුල්
අනාගතය අපේ අතේ, බදුල්ල
මානව උන්නතාංශ සංවිධානය (HEO)
මානව හිමිකම් පුරවැසි කමිටුව, ඒකල
මානව හිමිකම් කාර්යාලය (HRO)
සමාජ සංවර්ධන ආයතනය (ISD)
නීතිය සහ සමාජ භාරය
ජනතාව වෙනුවෙන් නීතිඥ සංසදය
මන්නාරම කාන්තා සංවර්ධන සම්මේලනය
මාධ්‍ය නීති සංසදය (MLF)
ඉඩම් සහ කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ සඳහා වූ ව්‍යාපාරය (MONLAR)
වතුකර ජනතාවගේ ඉඩම් අයිතිය සඳහා වූ ව්‍යාපාරය (MPPLR)
ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් සුරැකීමේ ව්‍යාපාරය
ජාතික ධීවර සහයෝගීතා ව්‍යාපාරය
ජාතික සාම සභාව (NPC)
ඉඩම් අයිතිය සඳහා වූ ජනතා සන්ධානය (PARL)
ප්‍රජා අභිලාෂ ජාලය
මානව සංවර්ධනය සඳහා විප්ලවීය පැවැත්ම (RED)
නීති රීති සංසදය
සංදේශය සරෝජ් විසිනි
Satahan Media
සවිස්ත්‍රී ජාතික කාන්තා ව්‍යාපාරය.
ශ්‍රමාභිමානී කේන්ද්‍රය
වැවිලි අංශයේ සංවර්ධනය සඳහා වූ සමාජ ආයතනය (SIDPS)
උතුරු නැගෙනහිර ජනතා අරගල සඳහා සහයෝගිතා ව්‍යාපාරය
ශ්‍රී ලංකා ක්‍රියාකාරී මාධ්‍යවේදීන්ගේ සංගමය
නැගී සිටිමු ව්‍යාපාරය ලංකා
උඩරට සිවිල් සමාජ සාමූහිකය (UCSC)
විලුතු
කාන්තා සම්පත් මධ්යස්ථානය
සමාජ සාධාරණත්වය සඳහා කාන්තා ක්‍රියාමාර්ගය
කාන්තා ක්රියාකාරී ජාලය
තරුණ නීතිඥ සංගමය
සඳහා තරුණ

 

Archive

Latest news

Related news