Tuesday, April 23, 2024

ඡන්දයට නැති සල්ලි: ජනාධිපතිගේ විශේෂ වියදම් ඒකකයේ වැය දවසට මිලියන 18ක්!  අගමැති, අමාත්‍ය කාර්යාලවලත් බිලියන ගණනින්! 

මෙරට ඉතිහාසයේ දැවැන්තම ආර්ථික අර්බූදයට මුහුණ දී තිබියදීත් ජනාධිපති කාර්යාලය, සඳහා ගිය  වසරටත් වඩා වැඩි  මුදලක් ‌බෙදා ගෙන තිබේ.

මෙම මුදල් වෙන් කර ඇත්තේ ‘විශේෂ වියදම් ඒකක’ තීරුව යටතේය.

අග්‍රාමාත්‍ය කාර්යාලය සහ අමාත්‍ය මණ්ඩල කාර්යාලය සඳහා ද විශාල ලෙස මුදල් වෙන් කර ගෙන තිබේ.

වසරෙහි වැඩ කරන දින ගණනින් ජනාධිපති කාර්යාලයට මෙම වියදම් ඒකකය යටතේ මුලු මුදල බෙදු විට එය දිනකට මිලියන 18ක් තරම් වෙයි.

මේ බව සනාථ වන්නේ මහා භාණ්ඩාගාරය විසින් නිකුත් කරන ලද නිල සංඛ්‍යාලේඛනවලට අනුවය.

රෝහල් බාහිර අංශයන්හි  ඉතිරිව ඇති බෙහෙත් පවා ඔතා දීමට කඩදාසි නැත. හදිසි අනතුරු වාට්ටු පුලුන් ගෙන එන රෝගීන්ගෙන් ලෙස ඉල්ලා සිටිති.

ජනාධිපති සහ පාර්ලිමේන්තුව යසට බෙදා ගෙන කන්නේ එවැනි තත්වයක් තිබියදීය.

ජනාධිපති කාර්යාලය හෝ අමැති මණ්ඩලය සඳහා කිසිදු වැය කප්පාදු කිරීමක් කර නැත. අගමැති කාර්යාලයට මහින්ද රාජපක්ෂ අගමැතිව උඩක් පාතක් නැතිව කළ වියදම් පමණක් අඩු කර තිබේ. ඒය ඒක්තා අන්දමක‌ට දිනේශ් ගුණවර්ධනට කරන ලද මදි පුංචි කමකි.

රටෙහි අන් සියළුම වියදම් කපා හැර ඇති නමුත් රනිල් රාජපක්ෂ සිය විශේෂ වියදම් යසට වැඩි කර ගෙන තිබේ.

ජනාධිපතිවරයාගේ ‘විශේෂ වියදම් ඒකකය’ සඳහා 2023 දී රුපියල් බිලියන 3.88 ක (මිලියන 4000 පමණ) විශ්මය ජනක මුදලක් වෙන් කර ගෙන ඇත. එය  2022 වසරෙහි දී  බිලියන 3.04 ක් විය.

අතිකාල සහ නිවාඩු ගෙවීම් සඳහා ජනාධිපතිවරයා වෙනුවෙන් මිලියන 70ක්  වෙන් කර ඇත. එනම් මසකට ලක්ෂ 60ක් පමණය. එම වැය පසුගිය වසර හා සමානය. ජනාධිපති කාර්යාලයේ   දේශීය හා විදේශීය සංචාර මිලියන 86ක් බෙදා ගෙන ඇති අතර එය  2022 වසරෙහි මෙන් සිවි ගුණයක් තරම්ය.

ජනාධිපතිවරයාගේ වාහන,  යන්ත්‍ර සූත්‍ර, ගොඩනැගිලි සහ ව්‍යුහයන් වැනි නඩත්තු වියදම් සඳහා මිලියන 450කි. එය ද 2022 හා සමානය. ඉන් කියැවෙන්නේ දිනකට ලක්ෂ 15ක් වැය කරන බවයි.

අග්‍රාමාත්‍යවරයාට, මෙම විශේෂ වියදම් ඒකක කාණ්ඩය යටතේම, 2023 සඳහා වෙන් කර ඇති අයවැය රුපියල් බිලියන 1.01 ක විස්මිත ප්‍රමාණයක් වෙන් කර ඇත. කෙසේ වෙතත්, මෙය 2022 සඳහා වෙන් කර ඇති රුපියල් බිලියන 1.43 ට සාපේක්ෂව සුළු අඩුවීමකි. එකල අගමැති වූ මහින්ද රාජපක්ෂ ගිනුම් නොබලා අත දිග හැර වියදම් කර ගත් බව රහසක් නොවේ. ඒම වරප්‍රසාදය දිනේශ් ගුණවර්ධනට දී නැත.

අතිකාල සහ නිවාඩු ගෙවීම් සදා අගමැතිවරයාට රුපියල් මිලියන 40කි.  එය රු. 2022 වැය මෙන් දෙගුණයකි. දේශීය හා විදේශීය ගමන් වියදම් සඳහා ද දිනේශ් ගුණවර්ධනට ලැබී ඇත්තේ  රුපියල් මිලියන 18 කි. 2022 දී මහින්ද රාජපක්ෂට එය මිලියන 70ක් විය.

වාහන සහ යන්ත්‍රෝපකරණ සහ ගොඩනැගිලි සහ ව්‍යුහයන් සඳහා නඩත්තු වියදම් ලෙස අගමැති කාර්යාලයට රුපියල් මිලියන 172 කි. 2022 වසරේ මහින්ද රාජපක්ෂට එය 2022 රුපියල් මිලියන 229 ක් විය.

අමාත්‍ය මණ්ඩල කාර්යාලය සඳහා 2023 සඳහා මිලියන 263 කි. 2022 සඳහා වෙන් කළ මුදල රුපියල් මිලියන 217ක් විය.

පාර්ලිමේන්තුව සඳහා, 2022 සඳහා වෙන් කර ඇති රුපියල් බිලියන 3.43 ට සාපේක්ෂව 2023 දී භාණ්ඩාගාරය රුපියල් බිලියන 3.81 ක් වෙන් කර ඇත.

ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක කාර්යාලය සඳහා සහ 2023 සඳහා මිලියන 170දක්වද  පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක කාර්යාලය සඳහා රුපියල් මිලියන 235ක් ද වෙන් කර ඇත.

මෙම මුදල්වලින් සියයට දහයක් අඩු කරන ලද්දේ නම් අත්‍යවශය ඖෂධ හිගයට  පිළියම් යොදන්නට තිබුණි.

මේ වනාහී ලංකාව ගිනි ගනිද්දී රනිල් රාජපක්ෂ බාල් නැටුම් නැටීමක් හා සමානය.

ඉංග්‍රිසි පුවත් පත් වාර්තා ද ඇසුරිනි.

Archive

Latest news

Related news