Friday, April 19, 2024

වසන්ත මුදලිගේ ත්‍රස්තවාදියකු කිරීමට රනිල් – රාජපක්ෂ පොලිසිය බොරු ගෙතූ හැටි අධිකරණ තීන්දුවෙන්!

දින 170වක් ත්‍රස්ත පනත යටතේ අනීතිකව සිරගත කර සිටි අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය සංගමයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේට විරුද්ධව පොලිස් නිලධාරීන් ගණනාවක් විසින් ඉදිරිපත් කරන ලද සාක්ෂි ගොතන ලද ඒවා බවට අධිකරණය තීන්දු කර තිබේ.

මේ බව සඳහන් වන්නේ ඊයේ (31.01.23) දා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් විසින්, වසන්ත මුදලිගේ ත්‍රස්ත වෝදනාවලින් නිදහස් කරමින් දෙන ලද තීන්දුවෙහිය.

එම තීන්දුව කියන්නේ අධිකරණය, පොලිසියේ අකටයුතුකම් වලට රබර් මුද්‍රාවක් නොවිය යුතු බවය:

 

තවද විමර්ශන පැවැත්වීම පිනිස පුද්ගලයින් රැදවුම් භාරයට පත් කරන ලෙස පොලිසිය කරන කරුණු දැක්වීම් එලෙසම පිළිනොගත යුතු බවද නඩු තීන්දුව දක්වයි:

කවරකු හෝ රැදවුම්භාරයට පත් කිරීමේදී අධිකරණය ඉතා සැළකිලිමත් විය යුතු බවද  නඩු කීන්දුව දක්වයි:

වසන්ත මුදලිගේ ත්‍රස්ත පනත යටතේ සිරගත කරන ලද්දේ රනිල් රාජපක්ෂගේ නියෝගයකිනි. ඔහු ත්‍රස්තවාදියකු යැයි රනිල් රාජපක්ෂ පිළිගත් බව ඉන් අදහස් වෙයි.

කවරකු හෝ ත්‍රස්තවාදියකුයැයි කියන පොලිසියේ පදයට නැටිම ආරක්ෂක ඇමැතිවරයාගේ කාර්යය නොවේ. නමුත් රනිල් රාජපක්ෂ පාර්ලිමේන්තුවෙහිදී පවා වසන්ත මුදලිගේ වැනි පිරිස් හඳුන්වන ලද්දේ ත්‍රස්තවාදීන් ලෙසය.

මෝටිවේෂන් අප්පච්චි සහ ගැමුණු විජේරත්න, වසන්තට ඒරෙහිව!

මෙම නඩුව ඔප්පු කිරීම සඳහා පොලිසිය පුද්ගලයින් දෙදෙනෙකුගේ සාක්ෂි මත පදනම් වී ඇතැයි නඩු තීන්දව සඳහන් කරයි. ඒ මෝටිවේෂන් අප්පච්චි සහ ගැමුණු විජේරත්නය.

ගැමුණු විජේරත්න කියා තිබු බවට පොලිසිය වාර්තා කරන ලද්දේ  විදේශීය ත්‍රස්ත සංවිධාන වලින් වසන්ත මුදලිගේට ඇති තරම් මුදල් ලැබුන බවය. මෝටිවේෂන් අප්පච්චි නමින් වාර්තා කරන ලද්දේ අන්තර් විශ්ව විද්‍යාලීය ශිස්‍ය සංවිධානය අරගලය ප්‍රචණ්ඩ බවට පත් කළ බවය.

මෝටිවේශන් අප්පච්චි යනු ‌සමහර පොලිස් නිලධාරීන්ගේ ගජ මිතුරෙකි.

එනමුත් එම දෙනොගේම ප්‍රකාශන්හි පිලිගත හැකි කරුණු නැති බවට අධිකරණය තිරණය කර තිබේ.

විදේශ මුදල් ලැබුණ බව සනාථ කිරිමට අසමත් වූ  ගැමුණ විජේරත්නගේ ප්‍රකාශය හුදෙක් කටකතාවක් පමණක් බවට පත් විය:

රනිල් රාජපක්ෂ වෙනුවෙන් ගෙතූ බොරු

රනිල් රාජපක්ෂගේ මෙම චෝදනාව සනාථ කිරීම පිනිස ඉහළ පොලිස් නිලධාරීන් විසින්ද ව්‍යාජ ප්‍රකාශ දෙන ලද බව නඩු විභාගයේදී හෙළි වී තිබේ. නුගේගොඩ පොලිස් කොට්ඨාශයේ බුද්ධි අංශ පොලිස් පරීක්ෂක චින්තක වටවල දෙන ලද ප්‍රකාශයෙ‌හි වසන්ත මුදලිගේ විසින් නායකත්වය දෙන ලද පිරිසක් තමාගේ ටී ෂර්ටයෙන් ඇද දැල් වැටකට හේත්තු කර ඔලුව සොලවා තර්ජනය කළ බව සඳහන් විය.

ඒ පිළිබදව නඩු තීන්දුව මෙසේ සඳහන් කරයි:

තවත් එවැනි සාක්ෂියක් ඉදිරිපත් කරන ලද්දේ කොළඹ මධ්‍යම පොලිස් නිලධාරීයකු වූ විජිතමුනි අසිත පුෂ්පාංග ද සිල්වාය. එහි කියා ඇත්තේ වසන්ත මුදලිගේ, කොටුව ‌පොලිස් ස්ථානාධිපතිවරයාගේ නිල ඇදුමෙන් ඇඳගෙන යාමට උත්සාහ කර පහර දීමට උත්සාහ කළ බවය. එහිදී බොත්තම් ලාංචන කැඩි හිස් පළදනාවද අස්ථානගත වූ බවය.

එසේ නමුත් එම පොලිස්  ස්ථානාධිපතිවරයාගේ ප්‍රකාශයෙහි එවැනි කාරණයක් සඳහන් නොවූ බව නඩු තීන්දුව නිරීක්ෂනය කරයි. තවද, තවත් කරුණු සළකා බැලිමෙන් පසු විජිතමුනි අසිත පුෂ්පාංග ද සිල්වා කර ඇත්තේ වසන්ත මුදලිගේ බන්ධනාගාර ගත කිරීම සදහා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අවභාවිත කිරීමක් බවට අධිකරණය  තීරණය කර තිබේ.

තවත් පොලිස් සාක්ෂියක් වූයේ සහකාර පොලිස් අධිකාරී රොද්‍රිගු නම් අයකුගේ ප්‍රකාශයයි. ඉන් කියැවුණේ මෙවැනි කතාවකි.

මෙම සාක්ෂිය සම්බන්ධධයෙන් තවත් පොලිස් නිලධාරීන් තිදෙනෙකු ප්‍රකාශ දී තිබුණි. ඒ්වා එකිනෙකට පරස්පර වූ අතර වසන්ත මුදලිගේ ගැන නිශ්චිත සඳහනක් නොතිබුණි.  ඊටත් වඩා වැදගත් කරුණ වූයේ මෙම සිදුවීම පිළිබඳව සහකාර පොලිස් අධිකාරී රොද්‍රිගෝ විසින්ම ඊට පෙර දෙන ලද ප්‍රකාශක මෙවැනි පහර දීමක් සඳහන් කර නොතිබීමයි.

මෙම සාක්ෂියද  ගොතන ලද එකක් බව අධිකරණය තීරණය කරන්නේ මෙසේය:

මේ අනුව පෙනී යන්නේ ‌රනිල් රාජපක්ෂ පොලිසිය,  වසන්ත මුදලිගේ ත්‍රස්තවාදියකු බව සනාථ කිරීම පිනිස බොරු සාක්ෂි  එක පිට එක ගොතන ලද බවයි.

පොලිසියේ මෙම හැසිරීම අලුත් දෙයක් නොවේ. නිතිඥ හිජාස් හිස්බුල්ලා මෙන්ම කිවවර අන්හාෆ් ජසිම් ත්‍රස්ත පනත යටතේ දිර්ඝ කාලයක් සිරගත කර තබා ගැනිමට පොලිසිය ක්‍රියා කලේද මෙලෙසය.

මෙම ව්‍යාජ නඩුව ගෙතීම සදහා පොලිස් නිලධාරීන් විහාල ප්‍රමණයක් සහභාගි කර ගත් අන්දම නඩු තීන්දුවෙන් පෙනේ. ‌ දුර බැහැර පොලිස් ස්ථානයන්හි පැමිණිළි  ලිවීමටවත් කඩදාසි නැති නමුත් රනිල් රාජපක්ෂගේ බොරු නඩු ගෙතීමට පොලිසිිියට  ඇති තරම් සම්පත් තිබේ.

එමෙන්ම නිලධාරීන්ගේ අඩුව නිසා නීතිපති දෙපාර්ථමේන්තුව නඩු ගොඩ ගසා ගෙන සිටින නමුත් මෙම ව්‍යාජ නඩුව සඳහා අතිරේක සොලිසටර් ජෙනරාල් දීලීප පිරිස්ට ඇති තරම් කාලය තිබුණි. ඔහුම අධිකරණය හමුවේ කියා සිටි පරිදි මෙම නඩුව සඳහා විශාල මුදලක් වියදම් කර තිබේ.

ශ්‍රී ලංකාවේ පොලිසිය මෙන්ම නීතිපති දෙපාර්ථමේන්තුව දේශපලෙන බළල් අත් බවට පැමිණ ඇති බවට චෝදනා එල්ල වන්නේ නිකමට නොවේ.

උගත් මහේස්ත්‍රාත්වරයා සිය නඩු තීන්දුව අවසානයේ මෙසේ  සදහන් කරන්නේ දීර්ඝ වශයෙන් කරන ලබන පැහැදිලි කිරීම් වලින් පසුවය.

මෙම නඩුව මුලින් විබාග කළ අතිරේක මහේස්ත්‍රාත්වරිය වූ තරංගා මහවත්ත,ඇය අත්අඩංඟුවෙහි සිටි අරගලයට සම්බන්ධ  හිමි නමකට සස්ටෙජන් මිලදි ගැනිමට රැපියල් 10,00ත් ලබා දුන් බවට  වෝදනා කරමින්  නීතිපති දෙපාර්ථමේන්තුවේ අතිරේක සොලිසටර් ජෙනරාල් දිලීප පීරිස් නඩු විභාගය ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා වෙත යවන ලෙස ඉල්ලා සිටියේය. අතිරේක මහේස්ත්‍රාත්වරිය වූ තරංගා මහවත්ත මෙම නඩුව මෙතරම් කල් යන්නේ මන්දැයි කිහිප වරක්ම ප්‍රශ්න කර තිබීම ද ඊට හේතුව වූ බව නීති අංශ කියා සිටියහ.

නීතිපති දෙපාර්ථමේන්තුව එම ‍ චෝදනාව සඳහා පොලිස් නිලධාරීන් සතර දෙනෙකුද යොදා ගත් නමුත් අතිරේක මහේස්ත්‍රාත්වරිය වූ තරංගා මහවත්ත කියා සිටියේ තමන් එම මුදල දුන්නේ බෙෘද්ධයකු ලෙස ප්‍රසිද්ධියේ බවය.

“අධිකරණයට අත නොතබනු” මැයෙන් මෑත කාලයෙහි නීතිපති දෙපාර්තමේන්තුවට එරෙහිව පැන නැගුණු විහාලතම නීතිඥ විරෝධතාවයට එම සිදුවීම හේතු විය.

පසුව ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් එම නඩු විබාගය භාර ගත්තේ දෙපාර්ශවයේම එකඟතාව මතය.

මෙම නඩු තීන්දුව මෙරට පොලිසිය සහ නීතිපති දෙපාර්තමේන්තුවට එල්ල වූ තවත් දෝශාභියෝගයකි. සම්පූර්ණ නඩු තීන්දුව මෙහි සිංහල බසින් කියවන්න. Wasantha ORDER

Archive

Latest news

Related news