Friday, April 26, 2024

ජනාධිපති කාර්යාලයෙන් හමුවූ මිලයන 17 ගැන ගෝටාගෙන් ප්‍රකාශයක් ගැනීම පොලිසිය කල් දමයි!

ජනාධිපති කාර්යාලයෙන්පි සොයා ගත් රුපියල් මිලියන 17.8 මුදලක් සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශන සම්බන්ධයෙන් අධිකරණ නියෝගයක් නොතකා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීමට පොලිසිය මේ තාක් අපොහොසත් වී තිබේ.   මේ බව හෙළිදරව් වූයේ කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ දී පසුගිය 25.

2022 ජුලි 9 වැනි දින ජනාධිපති මන්දිරය තුළ විරෝධතාකරුවන් විසින් රුපියල් මිලියන 17.8 ක් සොයා ගෙන පොලිසියට බාර දෙන ලදී.

මේ තාක් ගෝඨාභය රාජපක්ෂගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට නොහැකි වී ඇත්තේ මෙම පරීක්ෂනය විශේෂ පොලිස් විමර්ශන ඒකකයෙන් ඉවත්කර   අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දීමට පොලිස්පතිවරයා ගත් තීරණය යැයි අධිකරණයට දන්වා සිට තිබේ.

මේ අතර කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ජනාධිපති මන්දිරයේ මුදල් අයකර ගැනීමේ සිද්ධියට අදාළ පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරදුන්නේ ඇයිද යන්න පිළිබඳව කරුණු දක්වන ලෙස පොලිස්පතිවරයාට නියෝගයක් නිකුත් කළේය.

මෙම කරුණු හෙළිදරව් වූයේ අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ සහ ජීවන්ත පීරිස් ඇතුළු 71 දෙනෙකු ජුලි  මස 9 වනදා ජනාධිපති මන්දිරයට බලහත්කාරයෙන් ඇතුළුවීම සම්බන්ධයෙන් කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ විභාගයට ගැනුණ අවස්ථාවේදීය.

මේ අතර, විශේෂ පොලිස් විමර්ශන ඒකකයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී වික්‍රමසිංහ මහතාට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තෙන්නකෝන් විසින් තර්ජනය කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙස අපරාධ වින්දිතයන් සුරැකීමේ ජාතික අධිකාරියට නියෝග කරමින් මහේස්ත්‍රාත්වරයා නියෝගයක් නිකුත් කර තිබේ

මෙම නඩුවේ සැකකරුවන් වෙනුවෙන් ජනාධිපති නීතිඥ රියන්සි අර්සකුලරත්න, ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතා පෙනී සිටී.

Above image courtesy of Nikkei Asia

Archive

Latest news

Related news