Thursday, March 28, 2024

පුංචි ඡන්දය කල් දැමීමේ අලි-පොහොට්ටු කූටෝපා පැරදවිය යුතුයි – දි අයිලන්ඩ් කතුවැකිය

පොදු ජන පෙරමුණ සහ යූඇන්පීය පලාත් පාලන මැතිවරණය පරාජය වේ යැයි බියෙන් කල් දැමීමට පොතේ ඇති සෑම උපක්‍රමයක්ම අත්හදා බලමින් තිබේ. මාර්තු 09 වෙනිදා පැවැත්වීමට නියමිත කුඩා ඡන්ද විමසීම අඩාල කිරීමට හැකි සෑම දෙයක්ම කිරීමට ඔවුන්ගේ නායකයින් සූදානම්ය. මැතිවරණ කොමිසම ප්‍රතිසංවිධානය කිරීමට ඔවුන් දරන ලදැයි කියන උත්සාහය බැලිය යුත්තේ මෙවැනි පසුබිමකය. ඔවුන් වෙනුවෙන් දේශපාලන කස්තාන ඇදීම ප්‍රතික්ෂේප කළ මැතිවරණ කොමිසමේ සාමාජිකයින් ඉවත් කිරීමට ඔවුහු සියල්ලෝම සූදානම් වෙති.

තම දේශපාලන න්‍යාය පත්‍රය ඉදිරියට ගෙන යාම සඳහා ස්වාධීන ආයතනවල සාමාජිකයන් අතර භේද ඇති කිරීමේ කලාව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ-එජාප පාලනය ප්‍රගුණ කර ඇත. එය දැනටමත් ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සාමාජිකයින් කිහිප දෙනෙකු එහි සභාපතිවරයාට එරෙහිව හැරීමට සලස්වා දේශපාලන බලපෑම්වලට යටත් කර ඇත. මැතිවරණ කොමිසම බෙදීමට උත්සාහ කර ඇති අතර එය සාර්ථක නොවීය. පෙනෙන අන්දමට එය වත්මන් කොමසාරිස්වරුන් වෙනුවට එහි ලංසුව පිළි ගන්නා සමහර නම්‍යශීලී චරිතවලින් එය ආදේශ කිරීමට උත්සාහ කරයි.

යහපාලන රජය සමයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව තිබුණේ එවකට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ මාපටැඟිල්ල යටතේය. ළුයවස්ථාව සභාව අහෝසි කර රාජපක්ෂලා හැදූ පාර්ලිමේන්තු සභාව ගැන කියලා වැඩක් නැත. ව්‍යවස්ථා සභාව එකල  එක එජාපයට රබර් මුද්‍රාවක් විය. දැන් වික්‍රමසිංහ මහතා ජනාධිපති වූ පසු ව්‍යවස්ථා සභාවටද එම ඉරණම අත්වේ යැයි බියක් ඇත. බෙල්ලකු මෙන් බලයේ එල්ලී සිටීමට අදිටන් කරගෙන සිටින අසාර්ථක දේශපාලකයින් රැළකට නතු වී තම කීර්තිනාමය කෙලෙසා ගැනීමට ව්‍යවස්ථා සභාවට පත් වූ කීර්තිමත් පුරවැසියන් කටයුතු නොකරනු ඇතැයි අප බලාපොරොත්තු විය යුතුය.

මැතිවරණවලට බිය වන ආණ්ඩුවක් ප්‍රජාතන්ත්‍රවාදයට අනතුරක් බවත්, පළාත් පාලන මැතිවරණය ප්‍රමාද කිරීමට සහයෝගය දක්වන සියල්ලන්ටම, ප්‍රජාතන්ත්‍රවාදී ලෙස තම කෝපය පිට කිරීමට ජනතාව‌ට ඇති අවස්ථාව වළක්වා ඔවුන් වීදි උද්ඝෝෂණ සඳහා පෙලඹුව හොත් යම් දිනෙක ඊට වගකීමට සිදු වනවා ඇත.

ප්‍රජාතන්ත්‍රවාදය අගය කරන සියලු දෙනාම කිසියම් කඩතුරාවකින් හෝ වෙනත් හේතුවක් මත පළාත් පාලන මැතිවරණය ප්‍රමාද කිරීමට ආණ්ඩුව දරන දුෂ්ට ප්‍රයත්නයන් ව්‍යර්ථ කිරීමට සියලු දෙනා එක්සත් විය යුතුය.

දි අයිලන්ඩ් 25.01.23Election phobia නම් කතු වැකියෙනි.

( මාතෘකාව අපෙනි)

Archive

Latest news

Related news